පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, November 26, 2010

ප්‍රඥාවත් බව ප්‍රකට කරන කටක ලග්නය


කටක ලග්නය හා සම්බන්‍ධ තොරතුරු එක් රැස් කර අනෙක් ලග්න හා සසදා බලන විට සුවිශේෂ කැපී පෙනෙන යහපත් ගති මෙන්ම වාසනාවන්ත ස්වභාවයන් දක්නට ලැබිණී. මානව හිතවාදී ගූණය, උසස් අධ්‍යාපනයට යොමුවීම, යහපත් සිතිවිලි ඇති චින්තකයෝ වීම, යමක් වහා අවබෝධ කර ගැණිමට ඇති හැකියාව, සෘජු සහ 
උදාර අදහස් ඇතිවීම, අවංක බව, කටක ලග්නහිමියන්ගේ උරුමයන් බව සදහන්ය.

ධනවත්වීම, තම දූ දරුවන් සහ පියබද කෙරෙහි    ආදර කරුණාවෙන් යුතුව ප්‍රිතිමත් ජීවිතයක් ගත කිරීමේ වාසනාව හිමිය.

යම් ආපදාවන් හිදි නොබියව මුහුණ දෙන්නේ ප්‍රඥාව මුල් කරගෙන බැවින් එය සමාජය දකින්නේ බියගුළු කමක් ලෙසය. එහෙත් පසු බාන්නෙක් නොවන බව හැගෙන්නේ කාලයත් සමගය.තමා වට සිටින මිත්‍ර සමාගම් තමාට එරෙහි කර ගන්නා සහ එරෙහි වන ස්වභාවයක් උරුමය.

සුරතල් සතුන් , දරුවන් තමාගෙන් උදව් ලබා ගත යුතු කොටස් කෙරෙහි අනුකම්පාව හිතවත් කම ආදරය දක්වන්නෙක් විම කටක ලග්න හිමියන්ගේ ස්වභාවයකි.
ජනසමාජය අතර ප්‍රසිද්ධියට පත්වෙන්නෙකි.ව්‍යාපාරිකයෙකු , උසස් රැකියාලාභියෙකු, පුර්වාදර්ශකයෙකු ජන නායකයෙකු වීමට භාග්‍යවන්තවේ.

මෙම තොරතුරු කටක ලග්නයත් කේන්දරයක අනෙක් ග්‍රහයන්ගේ බලපෑමත් අනුව අඩුවැඩි වශයෙන් ප්‍රතිඵල ලැබෙන බව සදහන්වේ.

Monday, November 22, 2010

මිථුන ලග්නය

මීදුම මෙවර අවධානය යොමු කරන්නේ මිථුන ලග්න හිමියන්ගේ ගති ස්වභාවයන් පිළිබදව එකතු කර  ගත්  තොරතුරු වියමනට එක් කිරීමටයි.  
යාළු මිත්‍රයෝ බොහෝ දෙනා එක් රැස්කර ගන්නා එම යාළු මිත්‍රයන්ගේ තරාතිරම නොබලන මානව හිතවාදී සිතුම් පැතුම් ඇත්තෝ වීම මිථුන ලග්න හිමියන්ගේ සුවිෂේශවු ලක්‍ෂනයකි. මිථුන ලග්න හිමියන් ට අදහස් උදහස් ප්‍රකාශ කිරීමේදී තමා බොහෝ ඇසු පීරු ඇති තැනැත්තෙක් බව අසන්නන්ට ඒත්තු ගන් වන  එහෙත් ප්‍රකාශවන මට්ටමට ඇසු පිරූ තැන් නැති  කථිකත්‍වයේ දක්‍ෂ පුද්ගලයෝ වෙති.
ආරම්භයේදී සැලසුම් සකස් කරන එහෙත්  සකස් කරන ඉලක්කයට යාමට උනන්දුවක් නැති,කිසිවක් ක්‍රමාණුකූලව නොකරන චරිත ලක්ෂණ පෙන්නුම් කරනු ලැබීමත්     මෙම ලග්න හිමියන්ගේ  ස්වභාවයකි. දක්ෂ කථිකයෝ  කලාකරුවෝ  නිර්මාණ කරුවෝ සංගීතඥයෝ මකර ලග්නයෙන් බිහි වෙති
විරුද්ධ ලිංගිකයන් වෙනුවෙන් තම ධණය කාලය නොමසුරුව වියදම් කරයි. සංචාරයේ කැමත්තක් දක්වයි. අත් දැකීම් පළපුරුදු නොමැති වුනත් ඕනෑම වැඩකට නොබියව අත ගසයි. එහෙත් ඉලක්කයට යාමට පෙර ආරම්භ කළ  වැඩ අවසන් කිරීමට පෙර  ඒවා අත්හරී.

Thursday, November 18, 2010

නිහඩ සිතිවිල්ලේ කල්මරණ වෘෂභ ලග්නය.


අන් අය අතර කැපී පෙනෙන්නට උත්සහා කරන ඇදුමෙන් පැළදුමෙන් පවා අන් අය අභිබවා විසිතුරු බව ප්‍රදර්ශණය කිරීමට  කැමති විම  වෘෂභ ලග්න හිමිකාරයන්ගේ  චරිත ලක්‍ෂණයකි.තමන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් අන් අයට හෙළිවනවාට මොවුන් කැමැත්තක් නොදක්වයි. සියල්ල හිත තුල රදවා ගෙන කටයුතු කිරීම දක්නට ලැබෙන ස්වභාවයකි.සමාජ ඇසුරේදී වැඩි කතාබහක් නොමැති නිහඩව සිතිවිල්ලේ සිටීමට දක්‍ෂයෝ වෙති.
මිත්‍රයන් ඇති කරගැණීමේදී සහ සමාජ සම්බන්‍ධතා ඇති කරගැණිමේදි බෝහෝ පරිස්සමින් සිතා බලා සම්බන්‍ධතා ඇති කරගනි.තම ඇසුරු කරන අයගෙන් ඈත්වීමට සිදුවන අවස්ථා වලදීද හිතා බලා  එසේ  සිදු කළ යුතුමනම් එම තීරණයට එළඹේ.
අභියෝගයන් ජයගෙන ඉදිරියට යාමට  වෙර දැරුවත් කඩිසරව එම කටයුතු වල  නියලීම නොකර හෙමින් සීරුවේ අරමුණු කරා ලංවීමට උත්සහා දරයි. මිළ මුදල් වියදම්   කිරිමේදී ලෝභ ගතියක් දරයි. තර්කාණුකූලව කතා කරයි. තමන් අන් අයට වඩා උසස් බව සිතමින් කැපී පෙනෙන්නට උත්සහා දරයි.

Monday, November 15, 2010

මේෂ ලග්න හිමියෝ සටන් කාමී ය.


පිලිවෙළින් වියමන් කළ ලග්න හිමියන්ගේ ස්වභාවය දක්වන වියමන්  මින් පසු පිළිවෙළට ඉදිරිපත් කිරීමට මීදුම අදහස් කරයි. මෙම දත්තයන් මීදුම කියවු පොත් කිහිපයක් සහ සතිපතා පළවු  ජොතිෂ්‍ය පත්‍ර වල පළ කර තිබු දත්තයන් ආශ්‍රයෙන් නැවත වියමන් කරන ලද ඒවා බව සටහන් කරමි.

ඔබත් මෙම දත්තයන් ආදේශ කරමින් ඒවා පිළිබදව අධ්‍යයණයක් යෙදෙමින් ප්‍රතිචාර දක්වන්නේ නම් මැනවි.කේන්දරයක අනාවැකි කියවන ප්‍රවීණයෝ විවිධ කොණයන්ගෙන් කේන්දරය බලමින් තොරතුරු හෙලි කරන අතර මෙය සරලවු ශාස්ත්‍රයක් නොවන බව පොත පත අධ්‍යයණය කරන  විට පැහැදිළිවේ.ලිපියක් දෙකක් කියවීමෙන් අත්දැකීම් ලබා ගත නොහැකි අතර මීදුම ද එවැනි අත්දැකිම් නොමැති පර්යේෂකයෙකි. 

ඉඩකඩ ඇති විට සහ පාඨක ප්‍රතිචාරද නිරීක්‍ෂනය කරමින් දිගු වියමන් පෙළකට පිවීසීම මීදුම අදහස් කරන්නකි.

කැපී පෙනෙන පෞරුෂයක් හිමි  මේෂ ලග්න හිමියෝ සටන්කාමී අදහස් උදහස් දරන්නෝ වෙති. ඉලක්කයන් ඇති කරගැණිමටත් ඉලක්කයන් කරා යාමටත් දක්‍ෂයෝ වෙති. ආත්මාර්ථකාමි අදහස් ඇති මොවුන් තම සුඛ විහරණය අන් අයගේ සැපතට පැවරීමට මැළි වෙන ගති ලක්‍ෂන ඇත්තෝ වෙති.කඩිසර , කීර්ති ප්‍රසංශා අඹා යන සැම විටම මුල් තැන ගෙන කටයුතු කිරීමට උත්සහා කරන මේෂ ලග්න හිමියෝ ආඩම්බර යෙන් යුතුව ජීවත්වීමට කැමැත්ත දක්වන්නෝ වෙති.

වාද විවාද නොඉවසන හොදින් බැරිනම් නරකින් හරි තම ඉලක්කය ඉටු කර ගන්න  කැමති මේෂ ලත්න හිමියන් සණ්ඩු සරුවල් වල පැටලීම නම් සුදුසු නොවෙයි. “ තලා පෙලා හෝ දිනන්න බලයි.”එම ස්වරූපය නිසාම කරදරයන්ට මැදිවේ. ව්‍යාපාරික ක්‍ෂේත්‍රය ස්වයං රැකියා ආදියේ යෙදීමට කැමැත්තක් දක්වන ස්වාධීනව කටයුතු කිරීමට කැමැත්ත දැක්වීම වැඩිහිටි වයසට පත්වක මේෂ ලග්න හිමියන්ගේ ලක්‍ෂණයකි.

Wednesday, November 10, 2010

ධනවත් ලෝභ මකර ලග්න කාරයා.


මෙවර මීදුම අවධාණය යොමු කරන්නේ මකර ලග්න හිමියන්ගේ ගති ස්වරූප පිළිබදව තොරතුරු හෙළි කරන්න.

මකර ලග්න හිමියෝ බලයට බොහෝ කැමති පුද්ලගයන් බව සදහන් වනවා.නිසි අනිසි ලෙස බලය පාවිච්චි කිරීම මකර ලග්න හිමි යන්ගේ  ගති ලක්‍ෂණයක් බවයි සදහන් කරන්නේ. මනසේ බලයට  වඩා  ශරීරයේ බලය පාවිච්චි කරන,  තමන්ගේ වාසිය සැලකීම , අභියෝග වලට මුහුණ දී ජයග්‍රහණයම හිතන  කම්මැලි නැති , පැවතුම් මේ අය තුල දක්කට ලැබෙන බව සදහන් වෙනවා.

අයවැය තුලනය කර කටයුතු කිිම මොවුන්ගේ ලක්‍ෂණයක්. මුදල් පිළිබද අශාව සහ බලය ලබා ගැණිමේ අශාව කැපී පෙනෙන චරිත ලක්‍ෂණයක්. ව්‍යාපාර කටයුතු හැසිරවීම, යහපත් කළමණාකරණය , අප්‍රතිහත ධෛර්ය, පරාජයේදී පවා උදව් නොඉල්ලන ස්වභාවය මකර ලග්න හිමියන්‍ගේ  චරිත ස්වභාවයක්.

මිත්‍ර සමාගමට එතරම් කැමැත්තක් නොමැති වුනත් සීමිත මිත්‍ර සමාගම් පැවත්වීමට කැමැත්තක් දක්වන්න මකර ලග්න හිමියෝ සෑම දෙයකින්ම අය ( ලාභය ) ගැනම සිතන්නෝ බවයි සදහන් වෙන්නේ. ඉඩ කඩම් දේපල රැස් කරන්න කැමැත්ත දක්වනවා.

සිහින් පියකරු සිරුරක් මකර ලග්න හිමියන්ට තියනවා කියලා සදහන් කරනවා. ඔබත් මකර ලග්න හිමියෙක් නම් මේ ගති ලක්‍ෂණ තියෙනවාද කියලා ආදේශ කරලා බලන්න.

Wednesday, November 03, 2010

වෘශ්චික ලග්න හිමියෝ මානව හිතවාදී ද ?.


ලග්න දොළහ අනු පිළිවෙලින් පළ කරන්නේ නැතිවුනත් ලග්න දොළහ ගැනම වරින් වර මිදුම එකතු කරගන්නා තොරතුරු පළ කරනවා. මෙවර යොමු වන්නේ  වෘශ්චික ලග්න හිමියන්ගේ ගති ස්වරූපයන් පිළිබදව  මීදුම එකතු කර ගත් තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. අපි අතර ඉන්න වෘශ්චික ලග්න හිමියන්ට මේ ගති ස්වභාවයන් ආදේශ කරලා කොයිතරම් නිවරදිද කියලා බලමු.

වෘශ්චික ලග්න හිමියෝ සෘජු ගතිගුණ ඇති එඩිතර අදහස් ඇති අය කියලයි සදහන් වන්නේ. හිතේ කිසිවක් ඉතිරි කරන්නේ නැතිව අදහස් ප්‍රකාශ කරන ඒ වාගේම කටයුතු කිරීමත්   අවංකව කටයුතු කිරීමත්  මේ අයගේ ලක්‍ෂණයක් බවයි සටහන් වන්නේ . ඕනෑම විෂයයක් පිළිබදව දක්වන අදහස්  ක්‍ෂණිකව අවබෝධ කරගන්නා ඥාණයක්  මේ අයට තියෙන බවත්  සදහන් වනවා.
වැඩ පල කඩිසරව  කරන ආඩම්බර ගතිපැවතුම් ඇති, විවේචනශිලි සිතිවිලි ඇතිව තර්කානුකූලව සිතන ස්වභාවයක් මේ අයට තියෙන බවත් , යමක් ඇසු  පමනින්ම පිළිගන්න කැමති නැති බවත්  සදහන්වු තවත් කරුනක්.
සමාජයේ කැපී පෙනෙන පෞරුෂයක් හිමි, මානව හිතවාදීව කටයුතු කරන  අන් අය හට ගරු කරන නිහතමාණි ගති පැවතුම් ඇති බවක් විෂේශිත ලක්‍ෂණයක්. දැඩි ආත්ම විශ්වාසයක් ඇතිව කටයුතු කරන මොවුන් තම වැඩ කටයුතු පවා පසුවට කල් තැබුවත් ඉලක්ක ගත අවස්ථාව වන විට නිම කර සැහැල්ලු වනවා දක්නට පුළුවන්.

ඉක්මනින්ම කේන්ති යාම දුර්වල කමක් ලෙස සදහන් වුවත්  එ සැනින්ම යථා තත්වයට පත්වන්න මෙයාලට හැකි බවත්  සදහන් කරන සුවිශේෂ  ලක්‍ෂණයක්.

Monday, November 01, 2010

කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.......



ගමට කලින් හිරු මුළු තැන් ‍ගෙට වඩනා 
ඒ හරු එළියේ නැණ  මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ අද ලොවුතුරු  සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා..........

රෑ කරුවල  අරගෙන
දරුවන් එනතුරු
සිත නෑ
නිවන් දකින්නේ

රෑ කරුවල ඇවිදින්
ඉකිබිද ඇඩුවත්
නෙත නෑ නිදි විද ගන්නේ

හෙට අරුනට සැරසෙන  
තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවනි,  
කවදාදෝ  ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ

වෙල් එළි වල ඇවිදින
දෙපා රිදෙන විට
විහග ගීත බණ පද වේවා

බෝ මළුවක ඇවිලෙන
පහන් වැටක් සේ
තුන් සිත නිවි සැදේවා

මතු උපදින සසරේ
විශාඛාව වී
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියෙනි  
ඔබේ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා.........

ගමට කලින් හිරු මුළු තැන් ‍ගෙට වඩනා 
ඒ හරු එළියේ නැන මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ අද ලොවුතුරු  සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

-          
ගාගායනය  කරුනාරත්න දිවුල්ගනේ