පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, January 19, 2010

සරත්ද ? මහින්දද ?


ජනාධිපතිවරණ ප්‍රතිපල පිළිබදව නොයෙක් අනාවැකි පලවේ. සරත්ද ? මහින්දද ? යන්න අද දවසේ මාතෘකාවයි. මැතිවරණ වේදිකාව නම් ඌරන් ලගින මඩ වලකි. දුගද මිස සුවඳක් නැති වේදිකාව ඡන්දය කාටවත් නොදෙන්න තරම් ම අප්‍රසන්න කරයි.

එහෙත් රටට නායකයෙකු අවශ්‍ය නිසාවෙන් වඩා සුදුසු කෙනාට චන්දය පාවිච්චි කිරීම ජනතාව රටට කරන යුතුකමකි.

මීදුම පසු ගිය පලාත් සභා මැතිවරණය පාදක කර ගෙන මේ කරනු ලබන සංඛ්‍යාත්මක හරඹය කඩේ යාමක් නොවේ. ප්‍රතිපල පිලිබදව කරනු ලබන සංඛ්‍යාත්මක විමසා බැල්මකි.

පලාත් සභා මැතිවරණය වලදී උතුර පලාත් සභාව හැර අනෙක් පලාත් සභා මැතිවරණ  වලදි පාවිච්චි වු ඡන්ද පුමාණය මෙසේ  විය.

1.      එක්සත් නිදහස් සංධානය                         51,37,170   -62.23%

2.      එක්සත් ජාතික පක්‍ෂය                              26,09,386 - 33.04%

3.      ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ DEMOCRATIC  UNITY ALLIANCE      යන පක්‍ෂ  329535  -  4.37%කි.


වර්තමානය වන විට සරත් ෆොන්සේකා මහතා සමග එජාපය සහ අනෙක් පක‍්ෂ එකතුව ඇති බැවින් මේ ඡන්ද වල අයිතිය ඔහුට යොමු කරමු.  එවිට ඔහු ඡන්ද  29,38, 921ක් වු  ප්‍රතිශතයක 37.41% ආරම්භයක් මුලින්ම වාර්තා කරනු ඇතැයි උපකල්පනය කර  ,  මේ අනුව ම සිතා මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්ද 51, 37,170    වු  62.23% ප්‍රතිශතයක  හිමිකාරයෙක් වේ.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂ   සාමාජිකයන් යම් පිබිදීමක සිටී. ඒ රනිල්ට වඩා ඉදිරියට යාමක් ලෙස දේශපාලන කරලියේ පෙනෙන්ට ඇති දෙයකි. සියලු වාසි සහගත තත්වයෙන්     සරත් ෆොන්සේකා මහතාට යොමු කරමින්  2009 පලාත් සභා මැතිවරණ පුතිපල වල සිට ඉදිරියට සිතීම මීදුම අරමුණයි.                       

2008 මැතිවරණ ලියා පදිංචි කිරීමේ ලේඛනයන්ට අනුව 1, 40, 88,500 කට මෙවර මැතිවරනයේදී ඡන්දය පාවිච්චි කිරීමේ වරම් ලැබේ. මින් 70% ක් පමණ ඡන්දය භාවිතා කරනු ඇතයි මීදුම උපකල්පනය කරයි. පලාත් සභා මැතිවරණයක දීට  වඩා ජනාධිපතිවරණයක දී තම ඡන්දය භාවිතා කිරීමේ උනන්දුවක් කලින් පැවත්වු මැතිවරණ පුතිපල විමසන විට පැහැදිලි වන්නකි. 70% ක්වු  එම ඡන්ද ප්‍රමානය 98, 61, 950කි. 

මෙය බෙදා ගන්නට සටන ඇත්තේ අපේක‍්ෂකයෝ 20 කින් මේ දෙදෙනා අතර පමනි.ඉතිරි විසිදෙනාටම ඡන්ද ලක්‍ෂ දෙකක් අඩු කල විට ලියා පදිංචි ඡන්ද 96,61,950ක ඉතිරියකි. අපේ ඡන්දදායකයෝ  ඡන්ද අවලංගු කරවන ලෙසද භාවිතා කරයි.එය 3% සිට 6.5% ක පමණ අනුපාතයක පිහිටන බැවින්  4.5% ක ප්‍රතිශතයක් වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ඉවත් කරමු. එවිට  92,27162ක් පමණ අපේක්‍ෂකයන් අතර බෙදී යන බව උපකල්පනයට ගනු ලැබේ.

යාපනය සහ වන්නි  යන දිස්ත්‍රික දෙකේ 2008 මැතිවරණ ලියා පදිංචි කිරීමේ ලේඛනයන්ට අනුව
යාපනය දිස්ත්‍රික්කයේ  721,359  ඡන්ද ප්‍රමාණයකුත් වන්නි දිස්ත්‍රික්කයේ 266,975 කුත් ලියා පදිංචිව ඇත.   මින්  70% ක් වලංගු ඡන්ද ලෙස ගණනය කල විට ( මෙම පුතිශතය මීට වැඩිවිය හැක .)  එම ඡන්ද ප්‍රමාණය                 6 , 91833කි . මෙම ඡන්ද ගොඩේ අයිති  55% ක්ම හංසයාට පිරිනමා 25% ක් මහින්ද ගේ ගොඩට යොමු කරමු. එය පිළිවෙලින්   300508ක් සහ 172958කි.  20%ක් අනෙක් ද්‍රවිඩ අපේක්‍ෂත්වයට හිමි කරමු.

මහින්ද රාජපක්‍ෂ මහතාට    එරෙහිව විශාල ජනමතයක් ගොඩ නැගීමට මෙම මැතිවරණයේදී විපක්‍ෂයට නොහැකිවිනි. ප්‍රබල චෝදනාව වු  දුෂණය  සහෝදර සමාගමේ ව්‍යාප්තිය වේදිකාවේ බෙරිහන් දුන් තරමට ජනතාව ග්‍රහණය කර ගැණීමට උනන්දුවක් දැක්වුයේ නැත. මැතිවරණ කොට්ඨාශ මට්ටමෙන් ඔහුගේ ඡන්ද පදනම නාය ගිය බවක් පෙනෙන්නට තිබුනේ නැත. එක් මැතිවරණ කොට්ඨාශයකින් ඡන්ද දායකයෝ 2000ක් ඔහු අතහැර සරත් ෆොන්සේකාට ඡන්දය දුන්නා යයි පදනමේ පිහිටා ගනණය කලත් ඔහුට අහිමි වන ඡන්ද ප්‍රමාණය 2000*160කි එනම් 3,20000කි.  එහෙත් එසේ සිදුවු බවක් දක්නට නැත.

මෙම ජනාධිපතිවරණයේදී  පලාත් සභා මැතිවරණයට වඩා 6,50000 ක පමණ ඡන්ද ප්‍රමාණයක් භාවිත වේයයි උපකල්පන ය කරමු. මෙම ඡන්ද පලාත් සභා මැතිවරණය නොසලකා හැරිය ඡන්දදායකයන්ගේ ඡන්දවේ. මින් වැඩි කොටස වු 4,00000ක් සරත් ෆොන්සේකාටත් 2,50000ක්වු අඩු කොටස මහින්ද රාජපක්‍ෂටත් යොමු කරනු ලැබේ.

මහින්ද රාජපක්‍ෂ ඡන්ද                             51, 37,170 – 3,20000+ 172958+2,50000   = 52, 40128
සරත් ෆොන්සේකා  ඡන්ද                        29,38, 921 +3,20000+300508+400000      =39, 59429

මෙම ගණිත හරඹය මීදුම හිතළුවක් විය හැකි වුවද මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපති තනතුර අහිමි වීමට තරම්          ජන මතයක් රට තුල ඇති බවක්  නම් විද්‍යමාන නොවේ.                                                                                                                                                                            

3 comments:

මීදුම said...

යාපනය දිස්ත්‍රික්කයේ 721,359 ඡන්ද ප්‍රමාණයකුත් වන්නි දිස්ත්‍රික්කයේ 266,975 කුත් ලියා පදිංචිව ඇත. මින් 70% ක් වලංගු ඡන්ද ලෙස ගණනය කල විට ( මෙම පුතිශතය මීට වැඩිවිය හැක .) ( චන්දය ප්‍රකාශ කරන පුතිශතය මීට අඩුවිය හැක ලෙසින් සදහන් විය යුතුය.)

Anonymous said...

"lionelliyanagamage said...

අපි මේ සංවාදය පවත්වා ගෙන යමු .මිදුම 26 වනදා තෙක් යලිත් වියමනක් පල කරන්නේ නැත."

"මව් බිම දිනවමු"යන මැයින් පලවූ ලිපිය අවසානයේ ඔබ පැවසුවේ එසේය! එසේ පවසා නැවතත් මහින්දට කඩේ යන්නට පටන්ගෙන ඇත! කඩේ යෑමේ ප්‍රශ්නයක් නැත; නමුත් එයින් ඔප්පු වෙන්නේ ඔබගේ වචනය විශ්වාස කල නොහැකි බවයි!

Anonymous said...

Meeduma has got it correct. He has predicted 1.3 million majority for MR when someothers doubted that. In fact MR has exceeded this by 5 lakhs. Good guess whilst all others were predicting 2-3 lakh maximum differennce between them.