පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, January 15, 2010

මව් බිම දිනවමු.



මව් බිම දිනවමු කී විට මහින්ද රාජපක්‍ෂයන්ගේ නම මේ දිනවල සිහිපත් වේ .  එහෙත් මෙම උදාන පාඨයේ නියම හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ එම උදාන පාඨය අත්හැර  රාජපක්‍ෂ රාජ වියරුවෙන් රට බේරා ගෙන ඒ උරුමය ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට බාර දීමට මග පෙන්වමින් සිටී .
‘මව් බිම නැත්නම් මරණය  මෙන් ම    මව් බිම පාවා දෙන්නන්ටත් මරණය  හිමි කර දුන් ජනතා විමුක්ති පෙරමුණ අද මව් බිම නෝර්වේ පිඹුරු පතට  ප්‍රභාකරන්ට  ලියා දුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එකම ‍වේදිකාවේ - සොයා සොයා ආවා සෙවුව මැණික හමු වුනා කියමින් ගීතවත් වන අතර, සුදු නෙළුම රැගෙන ගිය මංගල , ප්‍රභාකරන්  මිත්‍ර සමාගම වන මනෝ ගනේෂන්  රාවුප් හකීම්  සමග ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ගේ ජයග්‍රහණය පතා ජනතාවට ආමන්ත්‍රණය කරනු ලබන්නේ ලෙන්ගතුව ය. අරමුණ නූතන මහරජානන් පලවා හැර ජෙනරාල් මහරජානන් කරවීමටය.
ජනතා විමුක්ති පෙරමුණට ලැජ්ජාවක් තිබිය නො හැක. දැන් ජවිපෙය දෙපතුලේ සිට සරම උස්සොගෙන  මූණ වසා සිටින බවක් පල කරනවා යැයි මගේ මිත්‍රයෙකු උදාහරණයක් ලෙස දැක්වීය.. වාමාංශික නැඹුරුවක් ඇති පක‍්ෂයකට මේ ඇත්තන් සමග දීගයෙක යා හැකි ද යන්න මීදුම ද  සිතනා කරුණකි.
1989 දී මගේ නිවසට යාබද නිවසේ විසුව එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා දරුවනුත් බලා සිටිය දී දණ ගස්වා වෙඩි තබා මරා දැමීය. එයට පුතිචාර දැක්වුව එක්සත් ජාතික පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෙකු ලෙස හඳුන්වමින් අසල්වාසී ගුරුවරයෙකු තම පාසලේ   වැසිකිළියකට ‍ ගෙන ගොස් වෙඩි තබා මරා දැමිය. අපට අසල්වාසීන් දෙදෙනෙකු අහිමි විය. පවුල් දෙකක පියවරු න් අහිමි කරමින් දු දරුවන් අසරණ කරවීය.   මෙවැනි ම සිද්ධින්  උතුරේ හැර  අනෙක් පලාත්වලින් කොයි තරම් වාර්තා ව ඇති ද. කාලය ගෙවී 2010 වන විට  මේ දෙගොල්ල ම  එක ම වේදිකාවේ රාජපක්‍ෂ රාජ වියරුවෙන් අපේ මව් බිම බේරා දෙන අභිමාන සටනේ පෙර ගමන් කරුවන් බවට පත් ව ඇත.
අපට නම්  ජනතා විමුක්ති පෙරමුණට ඇහුම් කන් දෙන්න කිසි සේත් නොහැකිය. පසු ගිය ජනාධිපතිවරණයේදී මහින්ද ජනාධිපති කරවීමෙන් පසු අයවැයෙන් මහින්දගේ ආණ්ඩුව හොල්ලා ඊට මහින්ද පුතිචාර දැක්වු අන්දම දිරවා ගත නොහැකිව  මහින්දට පාඩමක් උගන්වන්න මේ පාවා දෙන්නේ මව් බිම නොවන්නේද ?.මහින්දත් සමග ආණ්ඩුවේ සිට රටට සේවයක් කර හැකි ව තිබිය දී  කරන ලද අල කලංචියෙන් මහින්දගේ ආණ්ඩුව වැටුනේ නැතත් රටට සිදුවුයේ විශාල හානියක් බව අප පිළිගත යුතු ව ඇත. මහින්ද ‍ගේ ආණ්ඩුවේ මංත්‍රීවරුන් විශාල පිරිසක් සමග සිටත් ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව පාලනය කර ගත නො හැකි විය. ඉදිරි පාර්ලිමේන්තුවක ජාතික ලැයිස්තුවෙන් පමනක් මංත්‍රී ආසන තුනක් හිමි වෙන ජනතා විමුක්ති පෙරමුණට  ජනාධිපති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ගේ ආණ්ඩුව පාලනය කර ගත හැකි වේද ? මෙය නම් අපූරු සිහිනයකි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා  වේදිකාවේ ඇති වන  ප්‍රශ්න සදහා ප්‍රතිචාර දක්වන අන්දමට ම එතුමා අනාගතයේ රටේ පුශ්ණ වලටත් පුතිචාර දක්වනු ඇත. අපට ජනතා විමුක්ති පෙරමු නේද පිහිට නැතිව දෙවියන් ගේම පිහිට     ප්‍රාර්ථනා කිරීමට අනාගතයේ දී සිදු වනු ඇත !.
 පසුගිය ජනාධිපතිවරණයේ දී මව් බිමේ ම වාසනාව විසින් ඒ අවස්ථාවේ රනිල්ගේ ජයගුහණය සදහා ඇතිව තිබු  සියලු ජයග්‍රහණ සාධක පරද්දවා  මහින්ද ජයග්‍රහණය කරවීය. මෙදා ද  මව් බිම වාසනාවන්ත නම්  මව් බිම පිළිබදව තීන්දු තීරණ ගන්නා නායකත්වයට පුද්ගලයෙකු පත් කරන ජනාධිපතිවරණයේ දී සුදුසුම පුද්ගලයාට ඡන්දය දීමට මව් බිම විසින් අපට ප්‍රඥාව ලබා දෙනු ඇත.
අනාගතය පීඩනයට පත් නොකර ගෙන සුදුස්සන් අතරින් වඩාත් ම සුදුස්සාට ඡන්දය දීමට 
අපට  ප්‍රඥාව ලැබේවා යි ! මීදුම ප්‍රාර්ථනා කරයි .
අපි අපේ මව් බිම දිනවමු .

5 comments:

Anonymous said...

මීදුම දැන් මහින්දට කඩේ යන බව මොනවට පැහැදිලි වී ඇත. කමක් නැත. එය ඔබට ඇති අයිතියකි. නමුත් පහත කරුණු කෙරෙහිත් අවධානය යොමු කිරීම වටී.

අපි අතීතයේ එල්බගෙන සිටින තාක් රටට සෞභාග්‍යක් උදාකරලීමට නොහැකිය. අතීතයේ වැරදිකල වුන් හැම විටම වැරදි කරන්නේ නැතය. හොඳම උදාහරණය ජ.වි.පෙ ය. ජවිපෙට ඔච්චර අකමැතිනම් 2005දී මහින්ද ජවිපෙ සමඟ එකතු වුනේ ඇයි? ඇත්තම කියනවානම් 2005දී ඔහුගේ පක්ෂයේ අය පවාකර අරිද්දී තමුන්ගේ කර මතින් අරගෙන ගොස් මහින්දව අභිශේක කළේ ජ.වි.පෙ ය. අනෙක් අතට කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කර අරන්තලාව භික්ෂු ඝාතනය, දළදා මාළිගාව, මහ බැංකු බෝම්බය වැනි එකී මෙකී නොකී සියළුම ත්‍රස්තවාදී ක්‍රියා වළට සහභාගී වු කරුණා, පිල්ලෙයාන් වැනි අයව ආණ්ඩුවට එක් කර ගැනීමේ පදනම කුමක්ද? කරුණා කරපහදා දෙන්න.

රට අයිති රටේ ඉන්න මිනිස්සුන්ටය. රටට අයිති පාලකයා තෝරා ගැනීමේ අයිතිය ඇත්තේ මහජනතාවටය. කාලයෙන් කාලයට මිනිස්සුන්ගේ වගේම රටේද අවශ්‍යතාවය වෙනස් වෙයි. 2005දී රටේ දශක ගණනක් තිස්සේ පැවතුන යුද්ධයක් විය. රටේ ජනතාවට අවශ්‍ය වුයේ යුද්ධ කල හැකි නායකයෙකි. ඒ නිසා මහින්දව තෝරා ගැණිනි. ඔහු අනෙක් සියළුම අංශ "නා ගත්තත්" යුද්ධය හරියට කළේය. ජනතාවට සතුටු විය හැකිය. ඒ ඔහුව තෝරා ගත් අරමුණ ඉටුවු නිසාවෙනි. යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්දට හිමිවිය යුතුය. නමුත් දැන් රටේ යුද්ධයක් නැත. දැන් රට්ට අවශ්‍යවී ඇත්තේ රට දියුණු කළ හැකි නායකයෙකි. රටේ ඉහ වහා ගිය දූෂණය නැති කළ හැකි නායකයෙකි. නමුත් මහින්ද? ඔහු දුෂණයෙන් "කප් ගැසූ" අයෙකි. යුද්ධයේදි හොඳ නායකයෙක් සැමවිටම සාමයේදී හොඳ නායකයෙක් වෙන්නේ නැත. හොඳම උදාහරණය දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මෙහෙයවූ ඒවකට අගමැති වින්ස්ටන් චර්චිල්ය. මහින්ද ජයග්‍රහණය කළේ ලංකාවේ තිබූ සිවිල් යුද්ධයකි. නමුත් චර්චිල් ජයග්‍රහණය කළේ ලෝක යුද්ධයකි. (මෙයින් ලංකාවේ යුධ ජයග්‍රහණය අවතක්සේරු නොකෙරේ) 1945දී ලෝක යුධ ජයග්‍රහණයෙන් පසු බ්‍රිතාන්‍යයේ පැවති මැතිවරණයෙන් චර්චිල් පරාදවිය. ඇයි? ඒ ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති හොඳ නැති නිසාය. නමුත් මුළු ලෝකයාම තවමත් ඔහුට හොඳ යුද කාලීන නායකයෙක් යන ගෞරවය ලබාදේ. අපේ රටේ මිනිසුන්ද අවබෝධ කර ගත යුත්තේ මෙයයි.

යමෙක් ඔබට කරන උපකාරයකින් ඔබට ආර්ථික, මානසික හෝ සාමාජයික ලාභයක්, වාසියක් ලැබේ. ඔබ ඔහුට පෙරළා කරන ප්‍රති උපකාරයෙන් ඔහුටද එවැනිම ලාභයක්, වාසියක් ලැබේ. දැන් මහින්ද රටේ මිනිස්සුන්ට කළගුණ සළකන්න කියන්නේ ඇයි? නැවත පත්වී තනතුරේ බලයෙන් තමන්ට, පවුලට, හතර වරිගේ නෑයන්ට ලාභ, වාසි ලබා ගැනීමට නොවේද? දේශපාලනයේදී කළගුණ සැළකීමක් නැත. දේශපාලනය යනු සමාජ සේවාවකි.

හිතන්න. ඔබට බුද්ධිය පහළ වේවා. ඔබට පෙනෙන මාර්ගයේ ඇති "මීදුම" දුරුවී මාර්ගය පැහැදිලිව දැක ගැනීමට හැකි වේවා.

රටට අනාගැනීමකින් තොර "සුභ අනාගතයක්!"

Anonymous said...

මිනිසුන් හැමදාම එකම බුද්ධි මට්ටමේ නොසිටින්නෝ වෙති. එනයින් ගත් කල ජවිපෙ මහින්ද ව දිනවන්න දරදිය ඇදීම, ෆොන්සේකා පසු ගිය කාලයේ මහින්ද නැතිනම් දිනුමක් නැහැ කීමට සමානය. මීදුම සමඟ මා එකඟ වන්නේ, ප්‍රහසනාත්මක අවලාද වලට ෆොන්සේකා ප්‍රතිචාර දක්වන ආකාරය දකින කල මොහු ජනාධිපති වුවහොත් කෙසේ හැසිරේවිද යන්නයි. මොහු ගේ ඒකාධිපති නපුරු බස් වහර, මෙන්ම පළිගැනීම් ද හමුදාවේ අපිට නම් පුරුදුය. එහෙත් එය කෙතරම් සිවිල් ජනතාවට දරා ගත හැකි වේද? අප ට නම් තෙරුවන් සරණ ම තමයි.

lionelliyanagamage said...

අපි මේ සංවාදය පවත්වා ගෙන යමු .මිදුම 26 වනදා තෙක් යලිත් වියමනක් පල කරන්නේ නැත. අවබෝධය තුලින් වඩාත් හිතකාරි මව් බිමක් මිස පුද්ගල වන්දනාවක් අප කාටත් අනවශ්‍ය බව මිදුම ආකල්ප කරගෙන ඇත.මීදුමට සරත් ජනාධිපති වුනත් මහින්ද ජනාධිපති වුනත් ලාභයක් නැත. මහින්දගේ සටන් පාඨයක් වුවත් අද අපට වැදගත් වන්නේ මව් බිම දිනවීම මිස පුද්ගලයෝ දිනවීම නොවන බව කඩේ යනවා යයි සිතන නිසා සටහන් කල යුතුමය.

අපේ මව් බිම දිනවමු !

රවා said...

ෆොන්සෙකා මහින්ද නැත්නම් දිනුමක් නැති බව කිසි තැනක ප්‍රකාශ කලෙ නැත. යුද්දය නිමා කිරිමට ජනපතිතුමාගෙත් ලෙකම් තුමාගෙත් දුන් සහය පමක් අගය කලෙය. යුධ හමුදා වෙ තිබුන දුර්වල සටන්ක්‍රම හා ප්‍රති සංවිදානය විම සමගින් හමුදාවට බැදුනු තරුන තරුනියන් නිසා නොවෙන්න මෙ ජය ලබාගත නොහැකි බව කිවෙය. අයි.ටි.එන් මාධ්‍ය සාකච්චාවන් සම්පුර්න‍යෙන්ම බලා කටයුතු කරන මෙන් ඉල්ලමි...

Anonymous said...

මහින්ද දූෂණයෙන් කප් ගැසු බව සදහන් වේ. සරත් ගැන කරන හෙලිදරව් අප රැගෙන යන්නේ කොහාටද ?