පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, January 09, 2010

නාහේ වැරැද්දට මූණ කපා ගමු ද ?.

බල ලෝභයට ප්‍රඥාව නැති බවක් දැන් දැන් වේදිකාවේ පෙනෙන්ට තිබෙනා කාරණාවක් වී ඇත. මේ අධම මිනිසුන් ඔට්ටු අල්ලන්නේ අපේ මව් බිම සමග යයි මිදුම අනන්ත වාරයක් සිතමින් සිටින්නේ ය.


බලය ලබා ගන්නා පිණිස මේ මිනිසුන් නො කියනා දෙයක් නැත. නො දෙනා පොරොන්දුවක් නැත.


දුවිඩ සංධානය පාර්ලිමේන්තුවේ කොටි නියෝජනය කල දේශපාලන අංශය විය. ඔවුන් ඒකීය රටක් සංකල්පය වෙනුවට දෙමළ රාජ්‍යයයක් ඉල්ලා සිටි කඳවුරේ නියෝජිතයෝ වූහ. දුවිඩ සංධානය ජනාධිපතිවරණයේ දී සහය දෙන අපේක්ෂකයා සපුරා ලිය යුතු පොරොන්දු පත්‍රයක් ඔවුන් ඉදිරිපත් කර ඇත. කොතරම් නැහැයි කීවත් කොන්දේසි විරහිතව ඔවුන් සහයෝගය දෙනු ඇතැයි සිතිය ද නො හැක.


එමෙන්ම කොටි සංවිධානය නියෝජනය කරන දුවිඩ සංධානයට එසේ සීමා කොන්දේසි පැණවීමට සදාචාරාත්මක අයිතියක් ඔවුන් ගේ පාර්ශවයෙන් ඇත.


එම පොරොන්දු මෙතෙක් පවත්වා ගෙන ගිය ක්‍රියා දාමයන් ආපසු හරවන තත්වයන් නිර්මාණය කරන්නේ නම් දකුනේ දේශ හිතෛෂි කිසිම පාර්ශවයකට එම යෝජනා පිළිගත හැකි යෝජනා විය නොහැක. අවුරුදු තිහක් තිස්සේ පීඩා විදිමින් පසු ගිය කාල පරාසයේ ජීවිත පූජා වෙන් සහ මහත් ධනස්කන්දයක් වියදම් කරමින් අපි සොයා ගන්නා ලද සාමය දුවිඩ සංධානය හවුල් කාර පාර්ශවයක් විසින් ආපසු නො හරවනු ඇතයි අපට විශ්වාස කල හැකි ද යන්න විමසා බැලිය යුතු කාරණයකි .


දුවිඩ සංධානය ඉදිරිපත් කර ඇති , සරත් ෆොන්සේකා පිළිගෙන ඇතැයි සලකන යෝජනා රටට හිතකර දැයි සිතා ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම අද දවසේ අපට බාරදී ඇති කටයුත්තකැයි මීදුම සිතයි.


මාධ්‍ය පල කරන තොරතුරු අනුව ද්‍රවිඩ සංධානය හා එකඟ වී ඇති වරදාන සමහර කොටසක් මීදුම ලඝු කොට පහත සඳහන් කරනු ලැබේ.


1. අධි ආරක්ෂ ක කලාප ඉවත් කිරීම

2. උතුරු නැගණහිර හමුදා සහ පොලිසි අඩු කිරීම

3. උතුර නැගණහිර යළිත් ඒකාබද්ධ කිරීම

4. රජයේ බුද්ධි අංශ අඩු කිරීම

5. 12000ක්වු කොටි සාමාජිකයන් පුනරුත්තාපනයකින් තොර ව නිදහස් කිරීම





මේ කරුණු කාරනා අපට කියන්නේ කුමක් ද ? . අපි යළිත් ප්‍රභාකරන් සිටි තැනට ගෙන යාමක් නොවන බවට අනතුරක අපට පෙනෙන්නේ නැද්ද ?.


මහින්දට පුන පුනා චෝදනා කරනු ලබන්නේ රාජපක්ෂ පවුලේ සමාගම විසින් සියලු ක්‍ෂෙත්‍රයන් තම ග්‍රහණයට ගෙන ඇති බව පමනකි. ඔහුට දුවිඩ සංධානය ඉදිරිපත් කළ යෝජනා බැහැර කල බැවින් ද්‍රවිඩ සංධානය සරත් ෆොන්සේකා සමග සාකච්ඡා කල බව පැවසේ . මෙහි දී මහින්දගේ දේශප්‍රේමි ස්ථාවරය පදවි තන්හාවෙන් බැහැරව තිරණයකට පත්වු බව පෙනේ.


මේ මැතිවරණයේදී අප රටේ ඊ ලග නායකයා තෝරා ගත යුතුය. ඒ නිසා චන්ද පොලට අනිවාර්යෙන්ම යා යුතුයැයි මීදුම සිතයි.


දුෂණය සහ වංචාව දේශපාලන වේදිකාවේ පමනක් රග දක්වක සමයම්‍ක් බව මිදුම අදහස් කරයි. කොයි බෝධි සත්වයාත් ගරන්නට ගිය තැන ගරනවා මිස සිල් ගත් බවක් කිසිම පොතක පලවි තිබු බවක් මීදුමට සිහියට නොනැගේ. හිටපු ඇත්තෝද හත්මුතු පරම්පරාවම මොනයම් ක්‍රමයකින් හෝ ස්වයං පෝෂිත කරගෙන ඇත. එ බැවින් තනතුරු සමග බැදුණු කවුරුත් කර ඇති : කරන්නට බලාපොරොත්තු වන දුෂණය සහ වංචාව ගැන මීදුම මායිම් කරන්නේ නැත.


පතරංග ජාතකය බදු අපේකක ලැයිස්තුවේ ඉදිරියෙන් දුවන්නේ මහින්ද හා සරත්ය.


සරත් උතුරට ගිය විට - උතුර ද්‍රවිඩ ජනයාට දෙයි. දකුණට ආ විට - දකුනේ දේශප්රේමියෙකි. නොරච්චෝලය අසලට ගිය විට නොරච්චෝල ව්‍යාපෘතිය නතර කරයි. රාජ්‍ය සේවකයින් හමු වු විට වැටුප් අසමාන‍ ලෙස වැඩි කරයි. හමුවෙන හැම දෙනා ගේම සිත් ගන්නා අයුරින් හැමට ම මොනවා හරි දෙයි. ඔහු දෙවියෙකි.


මහින්දට හෙන පාත්වේ. හොරා හොරා යයි කියයි. පෝඩා ( පලයන් ) පෝඩා කියයි. ඔහු නම් දුෂිත ව පවුල් සමාගම පමනක් සංවර්ධනය කරන රට සංවර්ධනය ගැන නො සිතන බියකරු යක්ෂයෙකි. වේදිකාව දෙදරන්නේ මෙවන් ප්‍රලාප වලිනි.


නොදන්නා දෙවියන් රටට වඩා කතා කරන්නේ “ තමන්“ ගැන යයි මීදුම සිතයි. දෙන්න පුළුවන් රට නම් ( මව් බිම සහ අම්මා සමාන වටිනාකමක් ඇතැයි කියනු ලැබේ. ) එය දී හෝ තනතුරට පත් විය යුතු යැයි සිතන බවක් පල කරයි.


දන්නා යක්ෂයා බඩ ඉබේම පිරේ යැයි සිතා ගෙන රට ගැන කතා කරයි .

මේ කවුරුන් මොන වරදානයක් දී මඩිය තර කර ගැණීමට උත්සහා දැරුවත් ඒ උත්සහායන් ව්‍යාවර්ථ කිරීම බහුතර ලාංකේය හැගිමක් ඇති චන්ද දායකයන් ට හැකි විය යුතුවේ.

10 comments:

Anonymous said...

1.ඔය කොන්දේසි 5 ඔබ උපුටා ගත්තේ කොහෙන්ද?
2.ඕවා ලක්ෂ්මන් යාපා ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කියන කොන්දේසි මිස දෙමල සන්ධානය හෝ ෆොන්සේකා හෝ ප්‍රකාශ කල කොන්දේසි නොවේ නේද?
3.චෝදනා නැති කොටි සැකකරුවන් නිදහස් කිරීම දැනටත් රජය පටන්ගෙන ඇත.
http://www.dailymirror.lk/index.php/news/719-713-ltte-suspects-to-be-released-tomorrow.html
ඒ ගැන මොකෝ කියන්නෙ?
4.ඊපිඩිපි සංවිධානය සමග ආන්ඩුව ආපු එකගතාවයේ උ නැගෙනහිර ඒකාබද්ධ කිරීම හා ස්වයංපාලන යෝජනා කොන්දේසි විදිහට දාල තියෙන බව ඊයේ දෙමල පත්තර වලත් තියනවා.
ඒවා පාවාදීම් විදිහට ඔබට පෙනෙන්නැත්තේ ඇයි?

Anonymous said...

1-2.දෙමල සන්දානෙ මන්ත්‍රි කෙනෙක් ඔහුගෙ කටහඬින්ම ඒක කියනවා මධ්ය වල යනවා අපි දැක්කා.

3.චොදනා නැත්නම් නිදහස් කරන එක වරදක්ද..?

4.ඔබේ 2වන තර්කය මීට අදාල නොවන්නේ ඇයි.ඊපීඩීපිය හෝ මහිනද මේ ගැන මොකුත් කීවද..? අනික බටහිර බලවේග සමග එක්ව මහා බලවේගයක් යැයි කියගෙන ආ එල්ටීටීයට යට නොවුන ආන්ඩුව ඊපීඩීපියට යටවෙයිද..

Laksiri Ranasinghe said...

අනේ ඇයි මේ ආණ්ඩුවට කඩේ යන්නේ. මේ රටේ මිනිස්සු ඔය තරම් මෝඩයි කියලද ඔබ හිතන්නේ. යුද්ධ කරල දිනාගත්ත, විශේෂයෙන්ම තම ජීවිතය පවා බෝම්බයකට බිලි වෙද්දී රට රැකගත් ජෙනරාල් මේ රට පාවල දෙයි කියල ආණ්ඩුව කියන බේගල් ඒ අයුරින්ම පිළිගන්න තරම් ඔබ මෝඩද? දුකයි....

මාරයාගේ හෝරාව said...

Laksiri Ranasinghe said...

මීදුම ආණ්ඩුවට පක්ෂව ලිවුවොත් ඒක කඩෙ යාමක්.
ඔහෙලා ෆොනීට පක්ෂව ලිවුවොත් ඒක අපක්ෂපාතී වැදගත් ශුද්ධවූ ලියවිල්ලක්..
අනේ මගේ කට...
මෙ බ්ලොග් අවකාශයේ කාටකාටත් තමතමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා..
පුද්ගල ප්‍රකාශන අයිතිය තියෙන්නේ ඔහෙලාට වගේ අයට විතරක් උනා නම් ආස ඇති නේද? නිකං මෝඩ චූන් ගන්නේ නැතිව ඉන්නවා..

Anonymous said...

මා නම් හිතන්නේ මිනිස්සු මෝඩයි තමයි. නැතිනම් ශ්‍රි ලංකා යුද හමුදාව විතරක් අරගෙන ගිහින් යුද්ධ කරලා දිනපු යුද්ධය සරත් ෆොන්සේකා ගෙන් උදුරා ගන්න තැත් කරයිද? ඇත්තටම අනෙක් හමුදාවන් සහ පොලීසිය මොකද කළේ. මොනවත් ම කළෙ නැහැ පොල් ගෑවා විතරයි. ෆොන්සේකා එහෙමද, බන්කර් වල රිංග ගෙන වෙඩි කාගෙන රෑ තිස්සේ ගෙදර ඇඳ උඩ මැප් දිග ඇරගෙන යුද්ධය දිනුවේ නැත්තං තියෙයි රටක් මුන්ට. ඉතිං එහෙම දිනා ගත්ත රට ඇයි ෆොන්සේකාට ම ආයෙත් දෙන්න බැරි. රජය ෆොන්සේකාට සලකන්නේ නැතිනම් එයාට අයිතියක් තියෙනවා back to zero කරන්න. මා නම් කියන්නේ ආයුධ දීලා LTTE වුවත් නැවත පිහිටෙව්වාට කමක් නැහැ. පුළුවන් නම් වෙනත් හමුදා නායකයෙක් දාගෙන දිනලා පෙන්නා පල්ලා කියලා.

Anonymous said...

@ the annonymous who answered my question ( im ano 1)
1 2 කොයි මන්ත්‍රිද කොහෙදිදි එහෙම එකක් කිව්වෙ?ඔය කරුනු 5 මන්ත්‍රී කෙනෙක් නෙමෙයි කිවේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි.
ඔය කියන යෝජනා වල
- උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම
- රජයේ බුද්ධි අංශ පොලිසි අඩු කිරීම වගේ දේවල් කොහෙත්ම එකග වෙලා නැහැ.සිහි බුද්ධියක් තියන හමුදාව ඇතුලෙ භෞතිකව වැඩ කරපු නායකයෙක්ට එහෙම එකකට එකග වෙන්න පුලුවන්ය කියල හිතනවද?ඒ තරමට ඔයාල මෝඩද?
උතුරු නැගෙනහිර තමන් කොහෙත්ම ඒකාබද්ධ නොකරන බවට ප්‍රසිද්ධියේ අද ෆොන්සේකා මහතා කිව්වා.
සම්බන්ධන් මහතා කියන විදිහට ( ඔයාගේ නමක්නැති මන්ත්‍රී නෙමේ.දෙමල සන්ධානේ නායකයා)එයාල සාකච්ඡා කලේ දෙමල මිනිසුන්ගේ හදිසි මානුෂිය කරුනු.
අවතැන් අයගේ ප්‍රශ්නය සැකකරුවන් සම්බන්ධ විදිමත් ක්‍රියාදාමයක් අනුගමනය කිරීම වගේ ඒවා.
ඒවයේ කිසිම වරදක් නැහැ විතරක් නෙමේ ඒ එකගතාවෙට පස්සෙ රජය ඒ සමහර දේවල් බය වෙච්ච පාර කරන්න පටන්ගෙන.
( චෝදනා නැති සැකකරුවන් නිදහස් කිරීම ගැන ලින්ක් එක දුන්නේ ඒ නිසා.ඒකෙ වරදක් නැහැතමයි.ඒව කරන්න තමයි දෙමල සන්ධානෙ එක්ක එකග වෙලා තියෙන්නෙ.වලිගෙ පාගගන්න දෙයක් නැහැ.)

//12 000ක් පමන වන කොටි සැකකරුවන් පුනරුත්ථාපනයකින් තොරව නිදහස් කිරීම //
සම්පූර්නයෙන් වැරදියි.කරුනු විකෘති කරනවා කියන්නෙ මේකට.මේවාගේ වැදගත් දෙයක් ලියනකොට මූලාශ්‍රයක් දාන්න තරම්වත් විනයගරුක වෙනවා නම් හොදයි.
චෝදනා නැති අයව නිදහස් කරන්නත් අනිත් අයට නඩු පැවරීමටත් තමයි එකග වෙලා තියෙන්නෙ.(71 සැකකරුවන්ට කලා වගේ)
මීදුම මධ්‍යස්ථ විචාරශීලි බ්ලොග් එකක් විදිහටයි මම හදුනගෙන හිටියෙ.ඒත් මේ වගේ පදනමක් නැතිව,කටට එන දේවල් කියන්න මීදුමත් පුරුදු වුන එක ගැන කනගාටුයි.බොරුවට ජාතිවාදය අවුස්සන්නෙ නැතිව දේශපාලනය ගැන සාධාරනව කතාකරන්න පුරුදු වෙන කම් අපේ රටට අනාගතයක් නැහැ.

//බටහිර බලවේග සමග ආ එල්ටිටියට යට නොවු ආන්ඩුව ඊපිඩිපියට යටවෙයිද?//
ඔබේ තර්කය මම අනිත් පැත්තට යොදන්නම්.එහෙම ආපු එල්ටිටියේ යුද බලයට බිය නොවුනු ෆොන්සේකා සෙන්පතිතුමා බ්ලේඩ් තලයක් අතේ නැති සම්බන්ධන්ට බයවෙයිද?
ඔයාලගේ ඇහේ තියෙන පරාලෙ ගැන කතාකරන්න අනිත් අයගේ රොඩු ගැන බොරු හදන්නෙ නැතිව

Anonymous said...

සටන් විරාම කාලයේදී යාපනයේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී එවකට යාපනය භාරව සිටි හමුදා නිළධාරියා ලෙස සාම සාකච්ඡා වළදී තනිව එම අදහසට විරුද්ධව ව හඬ නැගූ හමුදා නිළධාරියා දැන් මෝඩ තීරණයක් ගනීද? ඔහුගේ එම දැඩි තිරණය නිසා මුහමාලේ කඩාගෙන ඉදිරියට යාමට කොටි ගත් උත්සාහයන් කීප වරක්ම නතර කරගන්න පුළුවන් වුනා.

ආණ්ඩුවට කඩේ ගියාට කම් නැත. නමුත් කඩේ යාන එකවත් ටිකක් නම්බු ඇතිව කරන්න. නැත්නම් වන්නේ වාදයකට අභියෝග කර පිච වුනු ඌරුවංශට වූ දෙයමය.

සුභ අනාගැනීමක්.

Unknown said...

well said mist....that is the truth.

නාමල් උඩලමත්ත said...

ෆොන්සේකා සහ රනිල් සමග ගිවිසුමක් අත්සන් කළ කතාව කීවේ සම්බන්ධන්ගේ සුවච කීකරු ගෝලයා තුරෙයිරත්නසිංහම් ය. එය එසේ නො‍ වේ යැයි කලක් වික්‍රමබාහු සමග ඊළම වෙනුවෙන් පෙළපාළි ගිය ජවිපෙ අනුර කුමාරයා සුදුහුණු ගාණ අයුරු සැර බාල කරනු අයුරු අපි මාධ්‍යයෙන් දුටුවෙමු. ඒ හොර ගිවිසුම ගැන විස්තර මෙහි ඇත. http://asiantribune.com/news/2010/01/07/fonseka-%E2%80%93-tna-agreement-north-east-re-merger
http://beta.thehindu.com/news/international/article76689.ece
අද දෙමළ තරුණයින් නිදහස් කරගන්නා බව කියන හාදයා මීට දින ගණනකට කලින් කීවේ ඒ කොටි විනාශ කළ යුතු බවයි.
http://www.youtube.com/watch?v=XAo4_rh070E&feature=PlayList&p=A8FCD9C13C3491C2&playnext=1&playnext_from=PL&index=58
එහෙත් උදේට කියා හවසට නැත කියන මේ හාදයා මේකද බොරු යැයි කිවහොත් කිසිවෙකු පුදුම නොවන්න.
උතුරට ගොස් 'මහින්ද පෝඩා බැසිල් පෝඩා මේ තමා සිංහලයින්ගේ වීරයෝ' කියා දකු‍ණේ හිනිදුමට ඇවිත් 'සියලු ජනවර්ගවල සහය ඇති ෆොන්සේකා බලයට ගෙන ආ යුතු' යැයි කියන දෙමළ ජාතිවාදී දොන් ජුවාන් වික්‍රමසිංහ මිස සිංහල දෙමළ මුස්ලිම් සියලු දරුවෝ එකම ලක්මවගේ දරුවන් යැයි කියන මහින්ද ද ජාතිවාදී?
මිදුම, ඔබ කිසිවිටක ඊළාම්වාදීන්ට දණ නැමිය යුතු නැත. ඔබේ සේවය උදාරයි. අපි එබ සමගයි.

මීදුම said...

අදහස් පලකිරීම ගැන මීදුම ස්තුතිවන්තවේ. අප දේශපාලන විවාද වලින් බැහැරව රට ගැන සිතිය යුතුයැයි මීදුම සිතයි. 1948 වසරේ දේශපාලන නිදහස ලැබු අප පාලන කාලයෙන් පාලන කාලයට අත්හදා බැලිම් වලට පත් වු තාමත් 1948 න් බාහැරවීමට නොහැකිවු ජාතියක් යයි මීදුම සිතයි. අපට පසුව නිදහස ලැබු නිදහස් චින්තනයක් ගිබු රටවල් දෙස බලා බටහිර බෙරයට අඩව් අල්ලන්නේ නැතිව දේශිය බෙරයට අඩව් අල්ලමු.නැටුම සුන්දර වේවි.