පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, December 12, 2009

’SORRY’ කර ගන්න එපා.

රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000/= කින් වැඩි කරන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පුකාශ කරයි. එතුමා වැදගත් හොද මහත්මයෙකි. ආවාට ගියාට පොරොන්දු නො දෙන බැවින් දෙගිඩියාවෙන් සිටින රජයේ සේවකයන් ට තීරණයක් ගැණීමට අත්වැලක් සපයා දී තිබේ.

ලංකාවේ සහල් මිල පාලනය කරන ගොවියාත්, පාරිභෝගිකයාත් සූරා ගෙන කන සමාගමක ගරු කටයුතු සාමාජිකයෙක් කලබල වී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් රුපියල් 10,000/=ක් දෙන්නේ කොහොම දැයි ප්‍රශ්න කරයි.
ආර්ථික විශ්ලේෂකයෝ කලබල වී මාධ්යන්ට පුකාශ නිකුත් කරමින් රුපියල් 10,000 X 120,0000 = 1200000,0000 ක් අවුරුද්දකට ගෙවන්නේ කෙසේ දැයි විමසති. මේක අවුරුද්දක් නොවේ රාජ්‍ය සේවයේ යලිත් වැටුප් යාවත්කාලීන කරන තුරු ගෙවිය යුතු වේ. ඉන් පසු වද නො නවත්වා වැටුප් වැඩිවේ.

මහින්ද ට ජවිපෙ පැත්තෙන් නිතර කරන වර්ජන තර්ජනත් පහ වී අනාගතයේ දී වර්ජන තර්ජන සදහා පහලවිය හැකියැයි අප බියට පත් කරවන ප්‍රකාශ මගින් පෙන්වා දෙන හමුදා මැදිහත් වීම් ආදී යත් ඇති නොවන පුවේශයකට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් හොද උත්තරයක් දී තිබේ .

වැඩි වැටුප් ලාබෙන විට මොන වර්ජන තර්ජන ද ?. දැනට අවම වැටුප රුපියල් 14,000/= පමන වන සේවකයෝ එක්වර රුපියල් 24,000/= ක වැටුපකට හිමිකම් ලැබෙන විට එය නම් කෙතරම් අසිරියක් ද ?.

වැඩේ සිම්පල් බව නම් මීදුම දනී. ඇති තැන් හඳුනා ගෙන නැති තැනට යොමු කල විට වැඩේ කෙරේ. එය කල හැක්කේද ජවිපෙටත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටත් පමනි.

120,0000ක්වු රජයේ සේවකයන් සහ පවුල් වල සාමාජිකයෝත් ජනාධිපතිවරණයේ දී තීරණයක් ගැණීමට ලබා දී ඇති මෙම අත්වැල නම් අවධාරණයට ලක් කල යුතු වේ.

කපුටා සහ කේජු කෑල්ලේ කතාව සිහිපත් වී මෙන් මහින්දට ඡන්දය දෙන්න හිත හදා ගත්තොත් වැඩි වෙන රුපියල් 10000/=ට ‘සොරිම තමයි”

16 comments:

Anonymous said...

‍චන්දදායකයාව ෂොමියට පත්කිරීමට කියන මේ කතා අපි විශ්වාස කරන්න ඕනෑ.. මහින්ද මහත්තයට රු.1000 ක් වැඩිකරන එක එච්චර අමාරු වෙන එකක් නෑ කියද්දි ෆොන්ෂේකා මහත්තය තව බිංදු දාන්න කතා කරනවා.. එයාගේ පඩිය 60,000 ක් ලු, කෑමට 40,000 ක් ලු.. ෂෝයි...

Anonymous said...

කස්ටිය කියන විදිහට කලානම් මෙලහකට ලංකාව තමයි ලෝකේ එක.ඔය කියන ඒවා ඒ විදිහට කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්.මටනම් හිතෙන්නේ මේ බ්ලොග් එකෙන් ජනරාල්ට කඩේ යාමක් තමයි කෙරෙන්නේ.

Anonymous said...

ආර්ථිකය බිඳ වැටිලාලු එහෙනම් 10000 ක් දෙන්නේ කොහොමද කියන එකතමා ගැටළුව.

NUWAN said...

මේක ලියන මහතෑන්ට නොතේරුනාට අපි ගොන්නු නොවෙයි .රාජ්‍ය සෙවකයො ගොන්නු කියලා හිතන්න එපා රජයෙ සෙවක යින්ගෙ චන්දෙ මොකාටද කියලා දන්න නිසා 10000 නෙමෙයි 20000 නොකිව්ව එකයි පුදුමේ.

Jonston said...

Im also planning to come for this election... so Im planning to increase it by Rs.1,00,000.00. so I can get the all governent servern's vote. please give a publicity for me..

Thanks in advance

දේශපාලනයට කැමැත්තෙක් said...

ජන්ද කාලේට කියන මතවාදයන් විශ්වාස කිරිමට අපහසුය, කෙසේ වෙනත් අපේක්ෂයන් දෙපැත්තටම පොදු වු අඩුපාඩු තිබෙන අතර මේ කියනා වෙනසක් හෝ පරාජිත හා දුෂිත දේශපාලන ක්‍රේෂතුයේ වෙනසක් සිදුවිය හැකි කාලය නෙමේ මේක, ඊට සුදුසු පුද්ගලයෙකුත් තාම නෑ.

මෙතැන හ්‍යාසජනකතම දෙය තමා තමුන් ගොන්නු නො වන බව කියනා අයගේ අපේකෂාවේ නායකයාගේ දුෂණය නොදැකීම ගැනයි.

Anonymous said...

ඇයි බැරි? මට හිතෙන්නේ ඊටත් වඩා වැඩිකරන්න පුලුවනි පඩි නම්..
මරා, ගෝරා, බැරා, චරා, නාරා සහ ශිරා ගේ 'චූන් වියදම්' ටික කැපුවා නම් ඕක මහා කජ්ජක් නෙමෙයි...

pls remove word verification...

Anonymous said...

රජ්ජුරුවො වගේද ජනරාල්ගෙ විවෘත ආර්ථිකය?

Unknown said...

රාජ්‍ය සේවකයන් 1,200,000
පඩි වැඩි කිරීම රුපියල් 10,000
මාසෙකට වියදම රුපියල් 12,000,000,000
අවුරුද්දක වියදම රුපියල් 144,000,000,000
හැබැයි ලංකාවේ මුලු ආර්ථිකය 3,800,000,000,000

pls remove word verification.

Anonymous said...

@ ජය ශ්‍රී- ඔයාගේ ගණං මිමි අනුව රජයට ඒ සදහා වැයවෙන්නේ, 3.78947%.
ඇයි බැරි?

We CAN do !!!!

Thissa Attanayaka said...

Nikanda "Pissa" kiyala nama daagena inne... Kiyanne pissune.. Im not sure this "Pissa" = SF or RW da kiyala.

Anonymous said...

හෙ හේ..
මම RW නම් නෙමෙයි හීනෙන්වත්.. (නොදෝකින්)
ඒත් හීනෙන් හරි SF වෙනවා නම් කැමතියි..
එහෙනම් රටේ ඉන්න බහුතරයක් වූ ලිංගෙම්බෝ ටික එලියට අරං, එවුන්ව මකවලා හරි, රට හදනවා..

Yes, We can do !!!!

අඩේ, මීදුම මාමේ, මේකේ word verification අයින් කරන්න..

Unknown said...

@.::පිස්සා::.- පඩි වැඩි කරන්න විතරක් දේශීය නිෂ්පාදිතයෙන් 3%ක් වියදම් කරන්න බෑ. දේශීය නිශ්පාදිතය කියන්නේ රජයේ ආදායම නෙමෙයි. ඒකට පෞද්ගලික අංශයේ නිශ්පාදන වල වටිනාකමත් අයිතියි. ඔය කියන විදියට වැඩි කරන්න එකම ක්‍රමයයි තියෙන්නේ. නිදහස් අද්‍යාපනය සහ රජයේ වියදමෙන් දෙන සියලුම සහනාධාර නවත්තන්න ඕන එහෙම කරොත් නම් සමහර විට පුලුවන් වෙයි.

Anonymous said...

Wait until 26th of January..

I m sure it works.

විජාතික බලවේගය said...

අමතිවරු 110 යට විතරක් රටේ ආර්ථිකයෙන් 0.8% ක් වසරකට යනවා.අහින්සක මිනිස්සු 1200000 කට 3.4% ක් වියදම් කරන්න බැරිද ?

Anonymous said...

Obage gananaya kirima weradiya,

SF kiyana widiyata :10,000x1,200,000x12

Mulu mudala : 144,000,000,000
144 billion ruppees per year.

Readers please use general knowledge, it is impossible within next 5 years.