පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, December 01, 2009

SF මෙහෙයුම

දේශපාලනය යනු දැලි පිහියෙන් කිරි කෑ යුතු විෂයයකි. දැන යා යුතු මගකි.

පලමු මාධ්‍ය හමුවේදීම සරත් ෆෝන්සේකා මැතිතුමා මෙම විෂයය පිළිබද අත්දැකීම් නොමැති බවත් උපදේශකයන් එතුමා පිටුපසින් සිටින බවත් ඒ අයගේ පිහිටෙන් රට නිසි මාවතට පත්කරන බවත් පුකාශ කිරීමට නිහතමාණීවීම පිළිබදව මීදුම එතුමාට ස්තුතිවන්තවේ.

මීදුම කිසිවිටකත් සරත් ෆෝන්සේකා මැතිතුමා නම් යුද වීරයා හෑල්ළුවට පත්වීම නොඉවසයි.ඔහු ගැලවීමේ හමුදාවටවත් නායකත්වරය දිමට නොසුදුසුයැයි කී විටත් , ඕනෑම ගොනෙකුට යුද්ධ කල හැකියයි කී විටත් මීදුමට එසේ කී විද්වතුන්ට සහ විශ්ලේෂකයින්ට එරෙහිව හිතේ ඇතිවුන වෛරය තාමත් හිතෙන් පහ කිරීමට නොහැකිවීම පෘථග්ජන මනසක පිළිසිදන ලද හැගීමකි.

සරත් ෆෝන්සේකා මැතිතුමා එසේ නොවේ. එතුමා මීදුමට වඩා දියුණු මනසකින් යුත් උතුමෙකි. ඒ නිසාදෝ එජාපයට ත් ගොන් මනසින් පිරි මහත්වරුන් රැලක් ගලවා ගැණීමටත් “ ගලවා ගැණීමේ මෙහෙයුමක්” ආරම්භ කර අනාගත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය උදෙසා ඔවුන්ගේ උපදෙස් රැගෙන කටයුතු කිරීමට අපෙන් ජනවරමක් අයදියි. සරත් ෆෝන්සේකා මැතිතුමා දශක ගනනාවක් හමුදා සේවයෙන් මනසට ජීර්ණය කරගත් ආභාශයෙන් නිර්මාණයවු පලමු ප්‍රචාරක පෝස්ටරය මගින් එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය ‘SF මෙහෙයුම" ලෙස රටට හදුන්වා දී තිබේ.හමුදා වර්ණවත් පසුබිමේ “ALGERIAN ” අක්ෂරයෙන් මුද්රිතවු මෙම පොස්ටරය දුටු ගමන් සිහි වන්නේ එතුමායග් හමුදා චින්තනයයි.

මීදුම ජෙනරාල් වරයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීය සමාජවාදී ජනරජයේ ජනාධිපති මැතිවරණයට පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීම අගේ කොට සැලකුවෙකි.මේ රට ආපස්සට ගෙන යන “ දියව් “ කාරයින්ටත් දූෂිත අක්‍රීය රාජ්‍යතන්ත්‍රයටත් තම ආකල්ප වෙනස් කරගෙන රටට වැඩදායි ලෙස ක්‍රියාත්මක කරවීමේ සක්‍රීය මෙහෙයුමක් උපන්දා සිට ජනතාව සමග ගැවසෙන කුරහන් පාට සළුධාරී මහින්දට වඩා හමුදා විනයෙන් සහ නායකත්වයෙන් පන්නරය ලැබු තේජස්වී ඇදුමකට හිමිව සිටි ජෙනරාල් වරයෙකුට හැකිවේයැයි මීදුම සිතුවිලි අතර රදවා ගෙන සිටියෙකි.

මාළුවාට ජලය නැතිව ජීවත් වීමට බැරිවා සේම දේශපාලකයාට මිනිසුන් නොමැතිව තම දේශපාලන වෘත්තිය පවත්වා ගෙන යා නොහැකිවේ. ඔවුන් මල නොතලා රොන් ගන්නා න්‍යාක හෝ සාස්ත්‍ර කියා මිනිස් සිත රවටමින් මුදල් කඩා ගන්නා අහිකුන්ටිකයන් මෙන් ජනතාව රවටා චන්දය කඩාගෙන යස ඉසුරෙන් ජීවත්වේ. මිදුම හිතේ මවා ගත් ජෙනරාල්වරයා එවැනි “ අළුගුත්තේරුවෙකු” නොව සැබැ ජනහිතකාමී දේශප්‍රේමියෙකි.

එහෙත් සරත් ෆෝන්සේකා මැතිතුමා යන පාර මංමුලාවු සෙයකි.

මේ රට විකුනාගෙන කෑ ඔප්පු පිටින්ම නෝර්වේ බ්‍රෝකර්වරුන් හරහා ප්‍රභාකරන්ට ලියා දුන් , ප්‍රභාකරන්ට එරෙහි සටනේ තීරණාත්මක මොහොතේ පවා රටට එරෙහිව දේශීය මෙන්ම විදේශීය කුමන්ත්‍රණ කරුවන් සමග සිටගත් දේශද්‍රෝහී සර්පයින් ආධාරකරුවන් සහ උපදේශකයින් ලෙස ඔලගුවේ දමාගෙන යන මේ ගමන දේශප්‍රේමී ගමනක් ලෙස මීදුම දකින්නේ නැත.මීදුම සරත් ෆෝන්සේකා මැතිතුමාගේ මේ ගමන් මග තෝරගැණීම ගැන කම්පාවේ.

තමන්ටවු පෞද්ගලික අව තක්සේරුවන් නිසා රටට හාණිවුවත් මම ජයගෙන හොදපාඩමක් මහින්දට උගන්වන්න යන මේ ගමන තුල කිසිදු දේශ හිතෛෂී ස්වරූපයක් නොමැති බව මීදුම සටහන් කරන්නේ සංවේගයෙනි.

දශක තුනක් තිස්සේ වද විදි ත්‍රස්තවාදය මහින්ද නම් කුරහන් පාට සළුධාරීයාගේ කොන්ද දේශීය හා විදේශිය බලපෑම් හමුවේ කෙලින් තිබු නිසා අද්විතිය ජේ.ආර්ටත්, ජනතා විමුක්ති පෙරමුනේ තරුන දේශපාලන නැගිටීම පුනරුත්තාපනයනින් තොරව ජෙනරාල්වරුන්ගේ පිහිටෙන් අතුගා දැමීමට හැකිවු ආර් .ප්‍රේමදාසටත් සහ නෝබල් තෑග්ගට පවා නම කියවුන චන්ද්‍රිකාටත් මෙල්ල කිරීමට නොහැකිවුන පුභාකරන්, නන්දිකඩාල් කලපුවේදී අපායට යවිමට ජෙනරාල්වරුන්ට හැකිවිය .

එහිදි සියළු පොදු සාධකයන් වරහන් තුලින් ඉවතට ගෙන සමීකරනය විසදු විට වරහන් තුල ඉතිරිවන්නේ රට තුල සාමය ස්ථාපිත කල එක් අයෙකුගේ නමක් පමනි .අනෙක් සියළු නම් පොදු සාධකයවී වරහන් වලට පිටතින් පිහිටන්නේය.

7 comments:

Mama said...

Sarath Foneseka is a great solder. But his personal and political character should be questioned. He is untested. It is really dangerous to give this much of power to a untested character. I can trust Ranil better than Sarath Fonseka.

SF is a hard-wired soldier. Imagine the situation if he becomes the exec. president. I read the following during the weekend: "Pick a clown and you... See More’ll get a lot of laughs; pick a slave to external interests, you’ll be further enslaved; pick a crook and you’ll be robbed clean; pick a man who has a nice smile and you’ll be smiling with him even if he does nothing during his tenure; pick a ruthless fighter and you can say goodbye to any kind of compassion. "
http://www.island.lk/2009/11/29/features10.html


Read the the article written 16 month ago. Read all article liked from this.

http://www.groundviews.org/2008/08/09/lt-general-sarath-fonseka-military-dictator-saviour-or-both/

Anonymous said...

oya kiyana poster eka athtatama sarath fonseka ge pracharaka poster ekak kiyala sure da?
mata nam not sure.
mama hithanne eka wenath pracharaka wadak kiyala, SF meheyuma kiyana eke therumak thiyenawada, echchara boloda wadaka fonseka thiya mahinnda lokka wath nokarana bawa sure. oka ehemai kiyala therum ganna eka eetath wada boladai wage.

Anonymous said...

Mama hithanne api den balanna one rata thiyenne kothenada kiyalai. Den Prabakaran nehe. Yudde nehe. Hebei Dooshanaya , wanchawa, revatilla saha merakam iwawaha gihilla. Oya kiyana tharam lesiyen rata yahamagata ganna puluwan nam, eyi maaliga hedilla nawaththanna beri, hedging gena mokada kiyanne, Eyi PB va aapahu genaawe, polonnaruwe haal maphiyawa nawaththanna beri eyi, mervin kelanie chandiya karala thiyenne eyi.....
Thrasthawaadaya kiyanne wenath jaathiyak thawa jaathiyakata erehiwa karana deyak wenna one nehe... api me atwidinne thawath widihaka thrasthawaadayak neweida??/

Anonymous said...

"Mama hithanne api den balanna one rata thiyenne kothenada kiyalai. Den Prabakaran nehe. Yudde nehe."

රනිල්ගේ ප්‍රධාන සටන් පාඨය වූයේ මහින්ද යුදවාදියෙක් ලෙස පෙන්වා මහින්ද ආවොත් යුද්ධය නැවත පටන් ගනී යයි ජනතාව බිය කිරීමය. මහින්ද විරෝධීන් බොහෝ දෙනෙක් මෙවැනි වෙබ් අඩවි වල ගිරව් මෙන් වැමෑරුවේද "යුදවාදී මහින්ද" මන්ත්‍රයයි සහ "LTTE සංවිධානය යුද්ධයෙන් පරාජය කළ නොහැක" යන පරාජිත කල්පනාවයි. මහින්දට යුද්ධයට යාමට සිදු වූයේ වෙනකක් තබා ජනතාවගේ බොරු බිය පවා වෙනස් කරගෙනය. යුද්ධය දිනන තත්ත්වයට ගෙනෙන තුරුම රනිල් සහ හිතවාදීන් යුද්ධයට එරෙහිව කටයුතු කළහ; පසුව වාසි පැත්තට හෝයියා කියන්නාක් මෙන් තමාද යුද ගෞරවයන් හි හිමි කරුවකු මෙන් පෙනීමට දඟලයි. මේවායින් පෙනෙන්නේ රනිල් කවරාකාර පුද්ගලයකුද යනුයි. ඔබ කියන්නේ අපට මේ සියල්ල අමතක කර, ඊයේ මැරී උපන්නාක් මෙන් මහින්ද හා රනිල් පිල් සම තැන්හි තබා සලකන්න ද?
"දැන් ප්‍රභාකරන් ඉවර" තමා. එසේ ඉවර වූයේ මහින්දගේ කෙලින් නායකත්වයේ පිහිටෙන්, රනිල් ගේ බාධක මැදය!

Anonymous said...

Mahinda prabakaran iwara kaleya. E nisa ohuta kruthaguna selakiya yuthuya. Wandi geviya yuthuya. Wandiya kumakda? Thawa wasara hayak yanthuru risi se komis gehili, chandi part, maaliga thanamin kuwera diwiyak vidimata waramak deemada?
Ohuge henchaiyan pemina numbage mage depala mathu nowa ambuwan da raajya balayen peheraganu asaranawa bala siteemada?
Mama ranil yahapath yey nokiyami. SF gena vishwasayak pamanak etha. Manda MR ethulu aanduwa thamanta kala heki de me wanawitath penwa ethi heini.

Anonymous said...

මහින්දට නැවත ජනාධිපති කම දිය යුත්තේ වන්දි ගෙනීමට වත් කළ ගුන සැලකීමටවත් නොවේ. කළ ගුන සැලකීමට කිසිවකු ජනාධිපති කමින් පිදිය යුතු නැත. මහින්ද ජනපති කළ යුත්තේ ජනපති කමට ඉල්ලන්නන් ගෙන් වඩා සුදුස්සා ඔහු බැවිනි. සරත් ෆොන්සේකා මහතාට චන්දය දී රනිල් වැනි බටහිරට, බිස්නස් කාරයන්ට, ජාතිවාදීන්ට, ත්‍රස්තවාදීන්ට කොන්ද නමන ජාති ද්‍රෝහියෙක් අනියමින් බලයට ගෙන එන්නට මහින්ද නැවත බලයට ගෙන එන්නට තරම් වත් හේතුවක් නැති බැවිනි. දූෂිතයෝ කොයි ආණ්ඩුවේත් සිටියහ. මහින්දගේ දූෂන චෝදනා ඇති සහෝදරයන් දෙදෙනා තමාට පැවරුණු කාර්යයන් හරියට ඉටු කළහ. රනිල්ගේ ආරක්ෂක ලේකම් දූෂිතයෙක් නොවන්නට ඇත. හැබැයි ගෝඨාභය පුලිදේවන්ට මචන් කීවේ වත් ත්‍රස්තවාදීන් බලන්නට ඇපල් අරන් ඉස්පිරිතාල ගානේ ගියේවත් නැත; ත්‍රස්තවාදීන්ට යුධමය වශයෙන් වැදගත් උපකරණ රේගුව හරහා පාස් කර අපේම හෙලිකොප්ටර් වලින් ගෙන ගොස් දුන්නේ නැත. මොන ආරක්ෂක ලේකම් ද වඩා හොඳ?

ඒ නිසා "දැන් ප්‍රභාකරන් නැත" යයි කීම රනිල් නැවත බලයට ගෙන ඒමට හේතුවක් නොවේ. කැලය වෙනස් වුවත් කොටියාගේ පුල්ලි වෙනස් වන්නේ නැත. තමාට තමාගේම ප්‍රතිපත්ති නැති බව ෆොන්සේකා මහතා දැනටම පිලිගෙන ඇත.

krishna said...

ලොක්කා ALGERIAN අකුරු දැක්කම එතුමාගේ හමුදා චින්ත්නය මතක් වනවා නම් හෙළ උරුමයේ ගණ ගෙඩියන්ගේ සිවුරු දැක්කම මතක් වෙන්නේ මොකක්ද කියලා කියන්න බැරිද අප්පුහාමි.