පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, December 23, 2009

මහින්ද ද ? සරත් ද?.

ජනාධිපතිවරණයේ ප්‍රතිපල මොන වගේ වෙයි ද ? අනාගත ජනාධිපතිවරයා මහින්ද ද ? නැත්නම් සරත් ද?.

මීදුම බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය ඡන්ද පදනම දෙස බලා ගෙන පල කරන මේ අනාවැකි මුළු රටේ ම ඡන්ද දායකයින්ට පොදු නො වෙන්න පුළුවන්.

මේ මැතිවරණ කොට්ඨාශයේ ජනතාව 87% ක් පමණ සිංහල බෞද්ධ. 3% ක් පමණවු මුස්ලිම් ජනගහනය නාගරික පරිසරයේ ජීවත් වනවා. වතු ආශ්‍රිත ද්‍රවිඩ ජනගහනය 8 % ක් පමණ වනවා. ඉතිරි ජනතාව විවිධ ජන කණ්ඩායම්.

බහුතර සිංහල ජන කණ්ඩායම ගේ ජීවන වෘත්තිය වන්නේ වී ‍ගොවිතැන, මීට අමතරව කුඩා ප්‍රමානයන්ගෙන් තේ වගාව, එළවළු සහ කෙසෙල් වැනි වගාවල නිරත ගොවීන් විශාල ප්‍රමානයක් සිටිනවා ඉතාමත් සුළු සංඛ්‍යාවක් රජයේ සහ පෞද්ගලික රැකියාවල නිරත වනවා.
මුස්ලිම් ජනගහනය ව්‍යාපාරික කටයුතු වල හෝ රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුක්ත වනවා. වතු ආශ්‍රිත ජනතාව තේ වතුවල කම්කරුවෝ. මේ පිරිස අතර සීමිත පිරිසක් පමණක් එළවළු ගොවියෝ.

ජීවන වියදම ඉහල යාම දෛනික ආදායම් ලබන ජන කණ්ඩායම් වලට තද බල පීඩනයක් වුවත් බහුතර වී ගොවිතැන් සහ කුඩා වගා කරුවන් ඒ තරමට සැලකිල්ල කට ගත් බවක් පළවන්නේ නෑ. පොහොර සහනාධාරය සහ තම නිෂ්පාදන වල වැඩි වු වෙළද අගය මේ පීඩනය මකා ඇති බවක් පෙනෙනවා. නාගරික නොවන ජනගහනය එදිනෙදා ආහාර අවශ්‍යතාවයන් නිවසෙන් ,ගෙ වත්තෙන් සපයා ගැණීමත් ජීවන වියදම ඉහල යාම තුලනය කරන්න හේතු වන්න ඇති. සමෘද්ධිලාභී අඩු ආදායම් ලබන පවුල් පවා, ඉඩම් හිමියෝ නො වුනත් බොහෝ පවුල් අද ගොවියන් ලෙසින් හෝ ප්‍රමානවත් පරිදි වී ගොවිතැනේ යෙදෙන්නන්.

පොහොර සහනාධාරය සහ සමෘද්ධිලාභීන් ට ලැබෙන ආධාර මුදල පාසල් දරුවන්ගේ අවශ්‍යතා ඉටු වීම ආදිය ගැන සලකන ජනතා කොටස් රජය ගැන කරන විවේචන එතරම් තැකීමට ගන්නා බවක් පෙනෙන්නට නැහැ.

1977 මැතිවරණයේදී මෙම මැතිවරණ කොට්ඨාශය එජාපයට හිමි වුනා. ඉන් පසුවත් 1956 සිටමත් වාමාංශික නැඹුරුවක් දැරු මැතිවරණ කොට්ඨාශයක්. පසුගිය ආසන්නතම මැතිවරණයේ දී 60% කට ආසන්න ප්‍රතිපලයක් පොදු ජන එක්සත් පෙරමුණ ලබා ගන්න සමත් වුනා. එහි පසුබෑමක් මෙම මැතිවරණයේ දී දක්න ට නැහැ. එජාපයේ මැතිවරණ සංවිධාන කටයුතු තවමත් ඇරම්භ වී නැති තරම්. ආසන මට්ටමේ නායකයින් පවා බොහෝම උදා සීන බවකින් ඉන්නේ. ඔවුන්ට සෘජු නායකත්වයක් නොමැති කම බලවත් ගැවළුවක් බවයි එජාප ආසන සංවිධායක වරයාගේ අදහස.

පොදු ජන එක්සත් පෙරමුණ බිම් මට්ටමේ සංවිධාන කටයුතු වල කාලයක සිට රැදී සිටියත් එජාපය අවුරුදු ගණනාවකින් බිම් මට්ටමේ සංවිධාන කටයුතු සක්‍රීය තලයක පවත්වාගෙන ගොස් නැහැ. එබැවින් සම්ප්‍රදායික පාක්‍ෂිකයන් පවා සිටින්නේ අතරමං ස්වරූපයෙන්. සමහර පාක්ෂිකයන් ජවිපෙයට වාසිදායක අන්දමින් තම ඡන්දය පාවිච්චි කිරීමට අකමැත්තක් දක්වනවා. වතුකරයේ දුවිඩ ජනතාවට අලියා නැති වීම බලවත් පාඩුවක් .මේ වාසිය ලබාගන්නේ පොදු ජන එක්සත් පෙරමුණ..

යුද්ධය මේ ජනතාවට තීරණාත්මක සාධකයක් නෙමෙයි. යුද්ධය නිසා පීඩාවට පත්වුනේ හමුදාවට බැදුන දරුවන් අහිමි විමෙන් සහ ආබාධිත වීමෙන් පමනයි. දැන් ඒ තත්වයත් නිමා වෙලා. බොහෝ පවුල්වල දරුවන් රජයේ රැකියාවලට පාට භේදයකින් තොර ව පසුගිය අවුරුදු හතරේ යොමු වුනා. පොදු ජන එක්සත් පෙරමුණ ට සම්බන්ධව පවුල්වල දරුවන් ද යම් යම් විශේෂිත රැකියා අවස්ථා ලබා ගෙන තියෙනවා. එයින් ඇතිවූ විරසක බව පොදු විභාග පවත්වා ලබා දුන් රැකියා අවස්ථා අනෙක් පාක්ෂිකයනට ද ලැබීම නිසා තුලනය වී ඇති බවයි ඔවුන් සමග කතා බහේදී හිතෙන්නේ.

රජයේ දූෂණය ගැන කරන විවේචන ඒ තරම් ප්‍රතිපල දායක ලෙස සමාජ තලය පිළිගන්නා බවක් දක්නට ලැබෙන්නේ නෑ. ඒවා සාමාන්‍ය සිද්ධි ලෙස උපේක්ෂාවෙන් සිතන ස්වරූපයක් තමයි දක්නට ලැබෙන්නේ. “කොයි කා කලත් කරන්නේ ඕකම නේ.......“ යන්න බොහෝ දෙනා ගේ අදහසයි.

බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ දී පොදු ජන එක්සත් පෙරමුණ ගිය වරට වඩා ඉදිරියෙන් සිටින බවක් තමා පෙන්නුම් කරන්නේ. ප්‍රකාෂ කරන චන්ද ප්‍රමානයෙන් 65% ක් පමණ මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙයි කියලායි මීදුම උපකල්පනය කරන්නේ.රට වටේ අනෙක් මැතිවරණ කොට්ඨාස මේ වගේද කියලා මීදුම දන්නේ නෑ.

මීදුම කාටවත් කඩේ යන්න හිතන්නේ නෑ. මැතිවරණ කොට්ඨාශව පිළිබදව පොදු තත්වයයි පල කලේ.

8 comments:

Anonymous said...

ඔන්න ඔකයි ගමෙ තත්වය?

Anonymous said...

ඇත්තටම ගමේ තත්වය ඕකයි. මොකද ගම්වල ඉන්නේ ගොඩේ බයියොනේ. උන්ට ඉතිං මහින්දව ලොකුයි.පොහොර දුන්නා කියලා රට හොරා කන්න දෙන්න පුලුවන්ද. රනිල්ට තවටික කාලයක් 2002 දී ඉන්න දුන්නනම් එයත් දෙනවා ඔය පොහොර සහනාධාරය. ඕක මහ ලොකු දෙයක්ද.අනිත් එක රජයේ සේවකයින්ගේ පෙන්ෂන් නැවත හැදුවා. ඒක මොන තරම් අපරාදයක්ද.

Anonymous said...

"රනිල්ට තවටික කාලයක් 2002 දී ඉන්න දුන්නනම් එයත් දෙනවා" රට සුද්දාට

Anonymous said...

If mahinda was not there,Prabakaran still demanding Eelam and Ranil,Magala team still saying.. "Kilinochchi Kiyala Medawachchi ,Alimankada kiyala paamankada yanawa" Salvation army ekata hodai MR...

Anonymous said...

ඇසට පෙනෙන යථාර්ථය එලෙසින්ම සටහන් කිරීමට ගත් උත්සාහය විශිෂ්ඨයි. මේ ගම්වල තත්ත්වය නගරයේ තත්වයෙන් ඉඳුරාම වෙනස් බව පෙන්වන හොඳම උදාහරණයකි.

ගමට යුද්ධය, විධායක ජනාධිපතිකම හෝ දූෂණය තියා ජීවන වියදම වත් වැදගත් නැත. (නාගරිකයන් මෙන් හැම කෙහෙල්මලම සුපර් මාකට් වලින් ගන්නෝ නොවෙති, ගැමියෝ.) ගමකට අවශ්‍ය හොඳ සංවිධායකයෙකි. සාමාන්‍යපෙළ සමත් වී ගෙදර ඉන්නා ලොකු දෝණිට රැකියාවක් ලබා දෙන්නටත් (එය හොර පාරෙන්ද නැත්ද ඔවුන්ට අවැදගත්ය.) අල්ලපු ඉඩමේ හරමානිස් ගොයියා සමඟ දබර වී පොලිස් කූඩුවේ වැටුණු කල ඕ. අයි. සී. ට කතාකර එළියට ගන්නටත් පුළුවන් සංවිධායක කෙනකු සිටී නම් ගම්මුන්ට ඒ හොඳටම ඇතිය.

ජේ. ආර්. 1977 දිනුවේ එවැනි සංවිධායකයින් සෙට් එකක් ඇතිවය. අද යූ. එන්. පියට නැත්තේද එයමය. හැකියාව ඇති පුද්ගලයින් කොයිතරම් ගම් වල හිටියත් අවසානයේ සංවිධායක වන්නේ පැත්තක ඉන්නා සුදු කොල්ලෙකි. මුන්ට මෙහෙම ඡන්ද දිනන්නට පුළුවන් නම් පරණ පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති ලන්දේසි කාලතුවක්කු වලින් සටන් කර යුද්ධ දිනන්නටද පුළුවන් විය යුතුය.

65% කෙසේ වෙතත් 55%-60% අතර ප්‍රමාණයක් බලන්ගොඩ වැනි ප්‍රදේශ වලින් රාජපක්ෂට ලැබේ යැයි මමද සිතමි. ඒ රාජපක්ෂ ෆොන්සේකාට වඩා හොඳ නිසා නොව, මීදුම නිවැරදිව කියන්නාක් සේ කිසිම සංවිධානයක් එජාපයට ගම් මට්ටමේ නැති නිසාය.

Anonymous said...

හැබෑට ජීවන වියදම ගැන නම් යමක් කිව යුතුයි කියලා මමත් හිතනවා.මේ රටේ වැඩි ප්‍රමාණයක් සිටින්නේ කෘෂිකර්මාන්තය ජීවිකාව කරගත් කොටසක්. ඔවුන්ට ජීවන වියදම කියන ගැටලුව වැඩි පුර දැනෙන්නෑ. එහෙම දැනෙනවනම් මේ වෙනකොට මේ ආණ්ඩුව 10 පාරක් පෙරලෙන්න ඕන.මේ ග්‍රාමීය ජනතාවට ජීවන වියදම ඒ තරම් ගැටලුවක් නොවේ. විශේෂයෙන් ජනාධිපතිවරනයකට එය එතරම් වැදගත් දෙයක් නොවේ.අන්ක් අතර ඔවුන්ට යුද්ධය කරේ කවුද වැඩක් නෑ. ඔවුන් කලේ ජයග්‍රහණයක් දැනගෙන ඒ සදහා කොඩි දාපු එකයි. විධායක ජනාධිපති ධූරය මොකක්ද කියලාවත් ඔවුන්ට තේරුමක් නෑ.

Anonymous said...

ෙබාරැ කියන්න ඒපා මම සුදුද? මම සංවිදායක කෙනෙක්

අකිල [කුලියපිටිය]

Anonymous said...

අකිල [කුලියපිටිය],

We r talking abt political organizers. not Funarel organizers... he he hee