පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, December 14, 2009

බොඳ වී යන සිහිනය .

දේශපාලනයට පිවිසෙන විට සාදරයෙන් පිලි ගත්ත ජෙනරාල් වරයා අද දේශපාලන ළදරුවෙක් වෙලා.
දඹ රන් පිළිරුවක් ලෙසින් ජනතාව අතරට පත් ඔහු ඒ පිළිරුව රනින් නොව තඹ වලින් කර රන් ආලේප කල පිළිරුවක් බව ජනතාවට පෙන්වා දෙමින් සිටිනවා. දවසින් දවස ඒ තඹ දේශපාලන වා තලයේ ඇති ඔක්සිජන් සමග ගැටෙමින් තම පිළිරුව මත තඹ ඔක්සයිඩ් ආවරණයක් සදා ගනිමින් තම ප්‍රතිරූපය විනාශ කර ගනිමින් සිටිනවා.
සමූහව යුධ ක්‍රියා දාමයකට එක්ව රට වෙනුවෙන් කටයුතු කළ කණ්ඩායමක් අද දෙපස ට වී මඩ ගසා ගන්නවා. කෙනෙක් ගසන මඩ සෝදා හැරීමට අනෙකා කරුණු ඉදිරිපත් කරනවා. රටට හිතැති ව එක කණ්ඩායමක් ලෙස ගත් තීන්දු තීරණවල වගකීම් වල අප්‍රසන්න කොටස කලේ මම නොවේ කියලා කියනවා. ප්‍රසන්න කොටස මගේ කියනවා.

“වල් ඌ රෝ කැකුණ තල න කොට හබන් කුකුළන්ට මඟුල්” කියලා කතාවක් තියෙනවා.

රටට ප්‍රභාකරන්ගේ නික්ම යාම සටහන් කල අන්තිම දවස් ටිකේ ආ බලපෑම් අපට මතක් වෙනවා. ඉන් පසුව ඇමරිකාව ඇතුළු යුරෝපා ප්‍රජාව හැසුරුන අන්දමත් මහින්ද , ගෝඨාභය සරත් ෆොන්සේකා ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර යුධ අධිකරණයකට යොමු කිරීමට ගත් වෑයමත් අපට මතක තියෙනවා. ඒ අභියෝග ඉතාමත් සාර්ථකව විසඳා ගන්න මහින්දටත් මහින්දගේ රජයටත් මෙතෙක් හැකි වෙලා තියෙනවා. තවමත් ඒවා ඉවර වෙලා නැහැ. ඇමරිකාව ඉරාකයේ දී කලේ තමන්ට අභියෝග කල නායකයෙක් එල්ලා මරලා තමන්ට හිතැති පාලනයක් රට තුල ස්ථාපිත කර ගැණීම. මීදුම මෙම ජාත්‍යන්තර බාධක හඳුනා ගන්නේ මහින්දට පෞද්ගලිකව කරන බාධක ලෙසින් ම නොවෙයි. අද පැමිණිලි පක්ෂ‍ යේ සාක්ෂි‍ කාරයාගේ කොටස කරමින් ජෙනරාල් වරයා කරන්නේ මහින්දට තරවටුවකට වඩා රටට ‍ද්‍රෝහී වීමක්.

ජෙනරාල් වරයා කාගේවත් පොදු අපේක්ෂකකයා නොවී , ජනතාව ගේ පොදු අපේක්ෂකයා බවට පත්ව ජනධිපතිවරණයට තරග කලා නම් කොයි තරම් යහපත් ද කියලා මීදුම හිතනවා. අද දවසින් දවස ජනතා අපේක්ෂාව බවට පත් වෙමින් ලකුණු රැස් කරන්නේ මහින්දයි.

සරත් ෆොන්සේකා කියවන කතා පිටපත් රචනා කරන අය ජනතාවට චුවිංගම්, ‍බ්‍රෙස්ලට්, ඩෙනිම්,දීපු යුද්ධෙ පවතින අවස්ථාවේ පාමංකඩ, මැදවච්චි, ගිය තොප්පිගල කියන්නේ කැලෑවක් කියපු යුද්ධ කරන්න ඕනෑම ගොනෙකුට පුළුවන් යයි කියපු අය නම් , යුද්ධය උපරිම තලයක ප්‍රභාකරන් පීඩනයට පත් කරන විට පාර්ලිමේන්තුව අස්ථාවර කරමින් අයවැය පරාජය කරන්නත් ඒ මගින් යුද්ධය නතර කරන්න හැදු උදවියත් නම් එතුමාගේ චින්තනයත් ඒ අයුරින් නිර්මාණය වී ඇති බව ජනතාව හඳුනා ගනිමින් සිටිනවා.

ඒ නිසා පොදු අපේක්ෂතකයා ගේ ජනාධිපති සිහිනය දවසින් දවස බොඳ වී යනවා.

15 comments:

Anonymous said...

මම ඔහේගේ ඔය කතා වලට එච්චර කැමැත්තක් තිබුනේ නෑ.මම ජනරාල්ට ගොඩක් කැමැත්තෙන් හිටියේ.මොකද මේ ආණ්ඩුව බින්දුවටම එපා වෙලා තියෙන්නේ.නමත් මම මගේ රට ගැන හිතන නිසා ජනරාල්ට කැමැත්තෙන් හිටියේ.පසුගිය යුධ අවධියේදී මම විශාල මෙහෙවරක් කල මගේ කාර්ය්‍යාලයේ අ‍යගේ ඔලු හදන්න. අපි සියල්ලන්ම රට වෙනුවෙනු ඒ අවස්ථාවේදී පෙනී සිටියා. ඒ නිසාම අපි ජනරාල් අපේ මේ රට ගොඩගයි කියලා හිතුවා.නමත් ඔහු කලේ කුමක්ද. අර එකට හිටපු ශවීන්ද්‍රටත් එක්ක චෝදනා කලා. දේශපාලනයේදී එහෙම බව අපි දන්නවා. ඒ නිසාමයි අපි ජනරාල්ට කැමති උනේ. මොකද එයා ඒ සම්ප්‍රදාය වෙනස් කරයි කියලා හිතුවා. නමුත් එයත් ඒ ගොඩේමයි. මට හිතා ගන්න බෑ ඔහුට කොහොමද තමන්ගේ යටතේ සිටි නිළධාරීයෙකු පාවා දීමට හැකි උනේ කියලා.

Unknown said...

දවසින් දවස සරත් ෆොන්සේකා තම දේශපාලන ආගමනයේ යටි අරමුණ හෙලි කරමින් සිටිනවා.
ඇත්තෙන්ම එය ජනතාවාදී තීන්දුවක් නොව, තමාගේ පෞද්ගලික වෛරයක් පිරිමසා ගැනීම සදහා වූ සටනක් පමණි.

Anonymous said...

ඔහු මුලින්ම වසන්ත කරන්නාගොඩට ගැහැව්වා. ඊට පස්සේ පරාක්‍රම පන්නිපිටිය. ඊට පස්සේ ජගත් ජයසූරිය. දැන් ශවීන්ද්‍ර. ඊ ලගට.....

Anonymous said...

තමාගෙ පුද්ගලික ඕන එපාකම් පිරිමහගන්න දේශපාලනයට එන උන්ගෙ හැටි ඔහොම තමයි. අම්මා තාත්තා විකුනලා හරි තමන්ගෙ වැඩෙ කරගන්න හදන්නෙ. ඔය වගෙ උන් අණ්ඩුවෙත් ඕන තරම් ඉන්නවා. පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න තවත් නොකිය යුතු කතා බොහොමයක් ඔහුගෙ කටින් පිට වෙන්න ඉඩ තියෙනවා. හිතල බලන්න එතකොට රටට වෙන දේ. හැබැයි හැමොටම වඩා මෙයාගෙ වචන තීර්ණාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මගෙ එකම ප්‍රර්ථනය ඔහුගෙ මරණයයි.

Anonymous said...

ජානක පෙරේරා වගේ අය හිටියනම්.........

නිලන්‍ත said...

සරත් ෆොන්සේකා මහතා "ශ්‍රී ලාංකික" දේශපාලන ළදරු බව පෙන්වූයේ ඔහුගේ පලමු මාධ්‍ය සාකච්ඡාවේදී පමනයි. ඒ නොදන්නා දේ අහල කියන්නම් යනුවෙන් සත්‍ය පැවසීමයි. නමුත් මේ වෙනකොට ඔහුගේ වටේ ඉන්න පිරිස කොපමන දේශපාලන පරිනතභාවයක් ඔහුට දීලද කියතොත් රනිල්, මංගල, කිරිඇල්ල සහ රවී තරමටම තම බලය ලබා ගැනීමට ඕනෑම දෙයක් කීමට තරම්, ඕනෑම පොරොන්දුවක් දීමට තරම් දියුනු වී ඇතිබවද ඇති බවක් දක්නට පුලුවන. ඔහු ඇත්තටම "මට පෙර රට" නෙමෙයි "රට වලපල්ලට ගියත් මට" යන සංකල්පයෙන් ක්‍රියා කරන බව හොඳීන්ම පේනව. ආන්ඩුව මොනව කීවත් මෙතෙක් ජනරාල්තුමා ගැන ජනතාවගේ තිබූ ගෞරවයද මෙවැනි තුඡ්ච ක්‍රියාවන් නිසා නැතිවී ගොස් ඇතිබව අද උදයේ පටන් මිනිසුන්ගේ කතාබහෙන් සහතික කොට කිව හැකිය.

නිරෝධ රණසිංහ said...

අහෝ ජනරාල්...!!!!

Chamitha said...

මේ ප්‍රවෘත්තිය දැනගත්තහම මට නම් පුදුමාකාර කණගාටුවක් ඇතිවුණේ. මෙවන් ජනරාල් කෙනෙක්ද මේ යුද්ධයට, යුද හමුදාවට නායකත්වය දුන්නෙ කියල හිතෙනවා.

Anonymous said...

Its a problem of that writer.. don't misunderstand guys..

යූත්මැක්ස් said...

http://www.lankaenews.com/Sinhala/news.php?id=11501

මේ සම්බන්ධයෙන් අද සවස ජනරාල් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සත්‍ය විකෘති කළ මේ පුවත සම්බන්ධයෙන් ඔහු වැඩි තොරතුරු ඉදිරිපත් කර ඇත.

mahasen bandara said...

He said that. Now everyone in the world media is going after SL. He can sue the news paper if he did not say that.

I saw he admitting this in his news conference yesterday.(Check video on AdaDenrana (http://www.adaderana.lk/) news clip at 8 pm (around 8 min 35 sec position.))) He is pathetic situation. He has already done the damage.

He will do anything to get power. So ashamed.

පෙත්තා said...

මාත් ජනරාල්ට චන්දේ දෙන්ඩ හිතාගෙන හිටියෙ බලාගෙන යනකොට මෙකා මහ ගස් බල්ලෙක්නෙ. මොන යුද්දෙ තිබ්බත් නැතත් අපි ජීවත් වෙන පැත්ත ආරක්ශා කරගෙන මහවැලි ගගෙන් මෙහාට්ට කොටියෙක්ට අඩියක් තියන්ඩ නොදුන් පරක්‍රම පන්නිපිටියි, නන්ද මල්ලවාරච්චි වයි එලෙව්වා අපි හිතුවෙ හොදකට කියල දැන්නම් පෙන්නේ යුදහමුදාපති දූරය අනිවාර්යයෙන් හම්බෙන්ඩ තිබ්බ ඒ මනුස්සයො එලෙඋව කියලයි.
කොහොමත් වචනේ වැරදුනා කියාල තෙරුනාට පස්සේ කිව්වෙ නෑ කියල කියනවම තමා. ජේ.වී.පී එකේ කට්ටිය වැරදුනා කියල හරි කිව්වෙ නැත්නම් ජෙනරාල්ව අල්ලල පොලෙ ගහයි

Anonymous said...

අපරාදේ මනුස්සයා දිනලා හිටියේ. මම නම් හිතන්නෑ දැන් මනුස්සයාට ප්‍රාදේශිය සභාවකටවත් යන්න පුලුවන් වෙයි කියලා.

Anonymous said...

ත්‍රස්ත‍වාදේ නාමෙන් මිනීමරපු මොනම නායකයෙක් වුනත් එයට නිසි දඬුවම් ලැබිය යුතුයි

Anonymous said...

"ත්‍රස්තවාදයේ නාමයෙන් මිනීමරපු මොනම නායකයෙක් වුනත් එයව නිසි දඩුවම් ලැබිය යුතුය"
ඔහොම තමයි මේ රටේ පය ගහලා ඉන්නැති උන් කියන්නේ.ඔය වගේ උන් හිටියනම් කොහොමද අපේ මුතුන්මිත්තන් රට බේර ගන්න සටන් කරන්නේ. නමුත් වාසනාවට උන් වගේ උන් ඒ කාලේ හිටියේ නෑ.නමුත් පස්සේ ඔය වගේ උන්ව සුද්දන් විසින් මෙරට බිහි කලා. ඒ උන්ගේ වාසියට.උන්ගෙන් පැවතෙන රනිල් වගේ උන්ට මේ සරත් පොන්සේක මහත්මයා අහු උනා.