පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, December 07, 2009

දැන් රග දැක්වේ.....“ජවිපෙය”

ජනතා විමුක්ති පෙරමුනේ මහත්වරුන්ගේ හැසිරීම් රටාව ජනතාවට විහිළු සපයන රංගනයකට පත්වී තිබීම මීදුම වර්තමානයේදී දකියි.අතිතය හරබර තාර්කික දේශපාලන සංවාදවලට ජනතාව යොමු කල පක්ෂයක් අද බුද්ධිමය බංකොලොත්භාවයකින් නන්දොඩවමින් අපේක්ෂා භංගත්වු බවට පත්වු ප්‍රදර්ශණය කරමින් වෛරය ද්වේශය කෝපය වේදිකාවේ මුදාහරිමින් සිටී.මේ වෙනස එතුමන්ලා බුද්ධිමය පරිහාණියකට පත්වී ඇති බව දක්නට ලාබෙන ලක්ෂණයකි.

සෝමවංශ අමරසිංහ මැතිතුමා ( සහෝදරයා ලෙස වර්තමානයේ හදුන්වන්නට මීදුම අකමැති වෙයි. ) විදේශීය සංචාරයකට ගොස් අපේ මවුරටට ගොඩ බැස්ස මොහොතේ වික්ටෝරියානු ක්‍රමයට අත් දෙකෙන්ම ඇගිලි වලින් “ V ” අකුර පෙන්වා ජයග්‍රහනය සංකේවත් කරමින් ඔහු සංචාරය කල රටවල රාජ්‍ය නායකයින් හමුවී රටට ලැ‍බෙන්න තියෙන GSP බදු සහනය දෙනවාට බාදක ඇති කල බව ප්‍රකාශ කලේය. අපි මාධ්‍ය තුලින් දුටුවේ ඔහු මහත් ජයග්‍රහනයක් කල මානසිකත්වයෙන් ඒ බව රටට ප්‍රකාශ කල බවකි. ( සටහනට පිවිසීමට පෙර රාජ්‍ය මාධ්‍ය හැසිරෙන අන්දම ගැන විරෝධතාවය පමනක් සටහන් කරන්නේ මතු වියමනක් ඒ වෙනුවෙන් කරන්නට මීදුම අදහස් කරන බැවිනි.)


GSP බදු සහනය නිසා බඩ වියත රැක ගන්නේ ප්‍රධාන කොට නිදහස් වෙලද කලාපයත් රට වටා පිහිටුවා ඇති ඇගළුම් කර්මාන්ත ශාලා වල සේවය කරන සේවක තරුන තරුනියන් විශාල ප්‍රමානයක් විසිනි .ඒ දරුවෝ වර්තමානයේ සෝමවංශ අමරසිංහ මැතිතුමාගේවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වත් පැලන්තියේ අය නොවේ. තුන් වේල නොදකින මේ අසරනයින්ට අවැඩක් කර ලබන යස ඉසුර , විප්ලවයක් කර පීඩිත ජනතාවට ඉසුරු ලබා දීමට 1971 ටත් පෙර සිට සැලසුම් කල මැතිතුමන්ලාගේ සිත්තුල පහලවුයේ ජනතාවගේ පින් පිරිහී ඇති නිසාද? ජවිපෙය අප හදුනා ගන්නේ දේශපෙමී දේශපාලන මතිමතාන්තර වලින් පෝෂිතවු පුද්ගලයෙක් වටා කේන්ද්‍ර ගත නොවු පක්ෂයක් ලෙස නම් මේ පෙරළියේ අරුමය තේරුම් ගත නොහැක. මේ දරුවන්ගේ රැකියා අවදානමකට ලක් කර අපට නම් සතුටක් ලබා ගත නොහැක.

මහින්ද සමග තියෙන වෛරයට GSP බදු සහනයට වැට බදින්නේ නම් එය ජාතිහිතෛෂි තීරනයක් වන්නේ කෙසේද යන්න සිතන්නට ජනතාව බුද්ධි මත් වනු ඇත. ‍‍‍‍‍‍

මහින්දගේ වත් රනිල්ගේවත් සෝමවංශ අමරසිංහ ගේවත් සරත් ෆොන්සේකාගේවත් අභිලාෂයන් ජනතාවගේ අභිලාෂයන් වන්නේ නැත. ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන අය සිටී නම් ඔවුන්ගෙන් කෙනෙකුට මේ මැතිවරනය ජයග්‍රනහණය කල හැක.අපට ඒ බව මැතිවරණ ප්‍රතිඵල තුලින් අනාගතයේ දකින්නට ලැබෙනු ඇත.ඒ සදහා නිකරුනේ මුදල් වියදම් කරමින් සෝබන වර්ගයේ වේදිකා රංගන අවශ්යඵ නැත. ඒවාට මුලාවෙන ජනතාවක් අද නැති අතර මනා විශ්ලේෂණයෙන් කටයුතු කිරීමට ජනතාව බුද්ධිමත්ය.

වෛරය ද්වේශය කෝපය වපුරවමින් වේදිකාව දෙදරවන මේ මැතිතුමන්ලා පැරනී ද්‍රවිඩ චිත්රතපටි වල අප දුටු නම්බියාර් වර්ගයේ රංගනයක යෙදෙමින් කතා පවත්වති. මේ කතා වර්තමානයට ගැලපේ දැයි එතුමන්ලාම විමසීම වටි. උදාහරනයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරන කතා මේ ඇත්තෝ එය පැය විසි හතරකින් , එක පෑන් පහරකින් කල හැකි වෙනස් කමක් ලෙස අපට තහවුරු කරන්න “තටමයි”. එහෙත් එතනට යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සපුරා ගත යුතු සීමා අපට නොපෙන්වන්න පරිස්සම් වෙති. එමෙන්ම එතනට යාමට ඇති ඉඩ කඩ අසුරා කටයුතු කිරීමටද පරිස්සම් වෙති.

මැතිවරණ කොට්ඨාශ මට්ටමේ නියෝජිතයන් පත්කිරීමේ චන්ද ක්‍රමයකට යාම චන්ද දායකයාට ප්‍රතිඵලදායක ක්‍රමයකි. එහෙත් එකද නායකයෙකු වත් එතනට යාමට අකමැතිවෙති. එසේවුව හොත් ජනතා විමුක්ති පෙරමුන වැනි පක්ෂ වලට එකම නියෝජිතයෙක්වත් පත් කරවා ගන්නට නොහැකිය.වර්තමානයේ නම් එජාපයටද සිදුවන්නේ ආසන දහයක පමණ රැදී සිටීමටය.

සුළු ජාතීන් , සහ ජවිපෙ වැනි දේශපාලන මතධාරී පක්‍ෂවලටද වෙනත් දේශපාලන ආයාතන වල නියෝජනයක් වන පරිදි , පාර්ලිමේන්තුවේදී කරන ලබන සංසෝධනයකදී මැතිවරණ කොට්ඨාශ මට්ටමේ චන්ද ක්‍රමය ප්‍රතිනිර්මාණය කර ආණ්ඩු ක්‍රම සංසෝධනයක් සිදු කලහැකිවූවත් මේ සදහා දේශප්‍රේමයෙන් මොරදෙන හැත්ත කවර කවදාකවත් එකග නොවී විවිධ හේතුන් දක්වමින් මග හරිමින් සිටින බව රටට මෙතෙක් කරන ලද ක්‍රියාකාරකම් වලින් පැහැදිලි කර දී ඇත.

වේදිකාවේ දෙන රංගනය වේදිකාවෙන් බැස ගියාට පසුව නැත්නම් මේ බොරුවෙන් ජනතාව රැවටිය හැක්කේ වරක් දෙවරක් හෝ තුන්වරකි. හැමදාමත් ජනතාව රැවටිය නොහැක.

No comments: