පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, November 20, 2009

ජනරාල් සාදරෙන් පිළිගනිමු.

පොදු අපේක්ෂ්කයා තවමත් නිර්නාමිකය. නොයෙක් කතා පොදු අපේක්ෂකයාට පුර්ව ප්‍රචාරක පට බවට පත්ව අැත.

පොදු අපේක්ෂ්කයා කවුරුන් වුවද ජනරාල් වරයෙකුට මීදුමද වැඩි කැමැත්තක් දක්වයි. ඒ ජනරාල් යනු හමුදා චින්තනයක් ඇති වරිතයක් බැවිනි. ජනරාල් තනතුරට හමුදාව තුල නිකම්ම පැමිනෙන්න බැරිය.ඒ ආ ගමන තුල දැඩි ස්වයං විනයකුත් අන් හමුදා සාමාජිකයන් තුල දැඩි විනයක් ඇති කිරීමේ සංකල්පයන් යුත් නම්‍යශීලි නොවන චින්තනයකුත් තමන්ට වෘත්තීය තුලින්ම ආරෝපනය වී තිබිය යුතුය. හමුදාවෙන් ඉවත්ව ගියද දශක තුන හතරක් මනසට ජීර්ණයවු හර පද්ධතින්ගෙන් මෙම මනුස්ස සතාට මිදෙන්න බැරි නිසා පාලකයෙක් නායකයෙක් වශයෙන් ජනරාල්වරයෙකු අපේ රටේ පාලකයා වශයෙන් හොදටම ගැලපෙන්නේය.

සංධාණ ගත පක්ෂත් ජවිපෙයත් වක්කඩය යට සිට එම වක්කඩය කඩා ගන්නට හැදීම ඔවුන්ගේ පැත්තෙන් මෝඩ කමක් වුනත් ජනතාවගේ පැත්තෙන් නම් මේ තීරණය සුබදායි තීරණයක් බව පල නොකරම බැරිය.

අපේ දේශපාලන ඉතිහාසයේ හමුවන හමුදා චින්තනයක් යුත් දේශපාලන චරිතය සර් ජෝන් කොතලාවල මහතාය.එතුමා ද මීදුම දකින්නේ අර්ධ හමුදාමය සහ අර්ධ දේශපාලන චරිතයක් ලෙසය.කෙලින් කියා කියු දේ කරන්න ගිය සර් ජෝන් ගැන රසකතා බොහොමයක් අප අසා ඇත. 1956 බණ්ඩාරනායක ජයග්‍රණයෙන් පසු වැල නොකැඩී ආ වර්ජන තර්ජන ගැන සර් ජෝන් කීවේ “ මම බැදලා තිබු බල්ලෝ ටික බණ්ඩා ලිහා ගත්තා ” යනුවෙනි. විනයක් නොමැති රාජ්ය ,සංස්ථා ,මණ්ඩල සහ රාජ්‍ය උසස් අධ්‍යා පන ක්ෂෙත්‍රයේ මහත්වරුන් සහ නෝනා මහත්වරුන් බැද දැමීමට අද විනයක් අවශ්‍යමය. එය කුඩු කෑ දේශපාලනඥයින්ට කවදාමත් කරන්න බැරි කටයුත්තක් බව පසු ගිය දශක කිහිපයම අපට පෙන්වා දී ඇත.

අද වර්ජන ගර්ජන පවා ඇති වන්නේත් ශිෂ්‍ය සටන් ව්‍යාපාර ඇතිවන්නේත් පූර්ව මැතිවරණ ව්‍යාපාර බලා ගෙන මිසක ජනතාහිතවාදීව නොවන බව ඉතාමත් පැහැදිලිය.ජනතාවගේ හුස්ම හිරකර දෙනවද නැද්ද අසන මේ අවලං ව්‍යාපාරත් , දුප්පත් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දූ දරුවන් ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන යක්ෂයිනුත් මෙල්ල කිරීමට නම් තුවක්කුව පිටිපස සිටිය මනුෂ්‍යයෙකුට මිස ජනතාව සමග සිටින මනුෂ්‍යයෙකුට අපහසුය.

අපේ රට නායකයාගෙන් නායකයාට අත්හදා බැලීමේ ව්‍යාපෘති පටන් ගන්නා රටක් මිස ජාතික ප්‍රතිපත්තියක් මත පවත්වා ගෙන යන රටක් නොවේ යයි මීදුම උපකල්පනය කරයි. 1948 සිට ජාතික ප්‍රතිපත්තියක් මත පාලනය හිමිවු ඇත්තන් ප්‍රතිපත්ති යාවත්කාලීන කරමින් රට පවත්වා ගෙන ගියා නම්. අවුරුදු 62 ක් වයස ශ්‍රී ලංකාව අද සිටිය යුත්තේ හිගමනේ නොවන්නේය.අපි තවමත් හිගමන් යදින ජාතියක් ව IMF ,GSP දෙස බලා සිටිමු. යුද්ධයට වෙන්කරන ලද මුදල්ද යුද්ධය වවා ගෙන කමින් ඒ සදහා වියදම් කල මුදල්ද ජාත්‍යන්තරයෙන් ගත් ණය මුදල් ලෙස සැලකිය හැකිය.
බටහිරයන් අපට ණය දෙන්නේ ආදරයට නොව අප බල හීනයන් ලෙස පවත්වා ගෙන යාමේ අරමුණින් බව තුන් වේලබඩ පුරවා ගෙන රූපවාහිණී තිරය දෙස විවේක සුවයෙන් සිටින අපට තේරෙන්නේ නැත. ගමේ සිටින කපටි මුදලාලියා ගම්වැසියන් ගේ දේපල දෙස බලා ගෙන ඇප උපකාර කරමින් පලමුව ණයකාරයෙක් කර පසුව ඉඩකඩම් අත්පත් කරගන්නා ස්වරූපය බටහිරයන් තුල ඇති බව අපට නොපෙනේනේ අපි අන්ධව විවෘත ආර්ථිකය බදා ගෙන සැප සම්පත් බදා ගෙන සිටින නිසා විය හැක.

මේ සියල්ල වෙනස් කරමින් රට සංවර්ධණය කිරීමට දෑඩි පාලනයක් රටට අවශ්‍ය වන්නේය. වල්බුරු නිදහස පාලනය වී විනයාත්මක නිදහස භාවිතයට ගැණිම මුලින්ම අසීරු කටයුත්තක් බව පිලිගත යුතුය.සමාජය තුලින් ගොඩ නැගුණ පාලකයෙකුට වඩා හමුදාව තුලින් ගොඩනැගුණ නායකත්වයකට ඒ සත් කාර්ය කිරීමට හැකිවෙන බව සක්සුදක් මෙන් පැහැදිලිය.

අනාගතයේ වර්ජන තර්ජන ශිෂ්‍ය සටන් නැති පාලනයක් බිහිවනු දකින්නට ජනතාව සිහින දකිමින් සිටින අතර , ඕනෑ වුන විට පුටුවටත් - එපාවුන විට අටුවටත් දමන්න බැරි පාලනයක් තුල වියකි සිදී බිදි යන “බණ්ඩා විසින් ලිහාදමන ලද - ජෝන් විසින් බැද දමන ලද ” පැලැන්තිය ගැන දැන් සිටම අනුකම්පා කිරීමට ජනතාව පුහුණු වෙමින් සිටන බව සටහන් කරමු.

“ජනරාල් වරයෙකු පොදු අපේක්ෂකයා වේවායි” මීදුම ප්‍රාර්ථණය කරයි.

4 comments:

Unknown said...

ජෙනරාල්ගේ ආගමනය ජනතාවට දැනට හොද වූවද. මෙයින් සිදුවන්නේ රනිල්,මංගල,හකීම්,මනෝ ජෙනරාල්ගේ කර මතින් බලය ලබා ගැනීම නම් මුදලාලිට ණයත් ඉඩමත් සියල්ලම පවරා පවුල් පිටින් හොද කොහොඹ අත්තක් සොයා එහි ගැල වැලලාගැනීම සැපය

ems said...

ජෙනරාල් හොඳද නරකද කියන්න දැන්ම ඉක්මන් වැඩිය.එහෙත් මීදුම හමුදා නායකයෙකුට කැමතියි වගේම,ප්‍රභාකරන් ජනාධිපති වුනානම්,රට මීට වඩා දියුණු යැයි කී සිංහලයන්ද මා ඕනෑ තරම් දැක ඇත.
තවද "හොඳම හමුදා නායකයෙකුට වඩා නරකම දේශපාලකයා හොඳයි" කියාද කියමනක් අසා ඇත.
කෙසේ වුවද,ජෙනරාල් ආවොත් "උන්න හැටියට මළා මදැයි" කියා හිත හදා ගන්නට හෝ "කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා" කියලා වැළපෙන්නට හෝ සිදුවනු ඇත.
එහෙත් මේ දෙකම නොවී ජාතියට පින පෑදෙන්නටද පුළුවන.ඒක ඉතිං දන්නේ දෙයියෝ විතරය.

Leo Sadeepa said...

http://jayasriblog.blogspot.com/2009/11/blog-post_19.html

Anonymous said...

obage wenasvima mata pudumai . me lipiya balanna

http://dharshana81.blogspot.com/2009/11/blog-post_19.html#comments