Wednesday, November 18, 2009

සංඝාඥා



සංඝාංඥා වක් නිකුත් කිරිමේ අනතුරු හැගවීමක් ජනරාල් වරයාට පසු ගියදා නිකුත් කර තිබිණි . මීදුම අවදානය යොමු කරන්නේ මේ අනතුරු හැගවීමට නොව ආඥාව මොකක්ද යන්නට සහ එයින් “කරන්න පුළුවන් කෙං ගෙඩිය” මොකක්ද යන්නටය.
‘අප දන්නා සංඝාංඥා පැනවිය හැක්කේ , ධර්මයට සහ සමාජයට අහිතකර ක්‍රියාවක යෙදෙන හෝ අත්‍යවශ්‍ය අ හිතකර ක්‍රියාවක නොයෙදෙන හෝ පුද්ගලයන්ට එරෙහිවය.එවැනි පුද්ගලයින්ගේ ධර්මාණුකුල කටයුතු වලට සහභාගී නොවිමේ සිට පොදු ආගමික සමාජ කටයුතු වලදි ඔවුන් ප්‍රතික්‍ෂෙ කිරිම දක්වා සංගාංඥාවල බලය විහිදිය හැකිය.
එහෙත් ඒ ඕනෑම ආඥාවක් පැනවීම යථාර්ථයක් වන්නට නම් , ඒ ආඥා හෙවත් නිති පිලිගැණිමට කැමති පුද්ගලයින් සිටිය යුතුය.අතීතයේදී රජවරුන්ට හෝ අන් අයට එරෙහිව සංඝාංඥා පනවන්නට හැකියාව තිබුනේ නම් ඒ, එසේ බලපැමක් කිරිමට තරම් ගෞරවාන්විත හා බලවත් පැවදි දිවියකට භික්ෂුන් උරුම කම් කි නිසාය. ”
-15 රාවය - කේ.ඩබ්.ජනරංජන
වර්තමාන සමාජයට එවැනි සංඝාංඥා අපේ හාමුදුරුවරුන්ට කල නොහැකිය. අපි හාමුදුරුවරුන්ගෙන් බලාපොරොත්තුවන පුර්වාදර්ශ අද එතුමන්ලා තුල නොමැත. ඉතාමත් සංවර දිවිපෙවෙතක අල්පේච්ඡ ජීවිත ගත කරන ,සමාජයට ගුරුහරුකම් දෙමින් ආගමික සංවර්ධණයේ යෙදෙමින් පන්සල් තුල වැඩ වාසය කරන හාමුදුරුවරු අද නැත.
එතුමන්ලා බොහෝ කාර්ය බහුලය. ගිහියෙකුගේ දානයයකට බැතිසිතින් වඩම්මවා ගන්නද පන්සලට දානය ගෙන ගොස් පුජා කරන විට බාරගන්න තරම්වත් එතුමන්ලාට විවේකයක් නැත. එක්කෝ රැකියාවකය. නැත්නම් රැකියාවක් ඉලක්ක කරගත් අධ්‍යාපනයකය. තව තවත් අය දේශපාලන වේදිකාවේ පලාත් සභාවේ සහ පාර්ලිමේන්තුවේ වැඩ වාසය කරමින් ශිලයේ පිහිටා කටයුතු කරන්නේය. පන්සල පාළුවට ගොස් පන්සල් පරිසරය විනාශයට ගොස් ඒ තුල නන් වැදෑරුම් ව්‍යාපාර ඇරඹි සාදු මචංලා ,අයියලා සහ නංගිලා වැද සමුගන්නවා වෙනුවට පිටට තට්ටු කර “යන්නම් සාදු ” කියන තැනට පන්සල් පැවතුම් වෙනස් වන විට ආඥා බලපවත්වන්නට බැරි බව සිහිපත් වන්නේය.
අපේ හාමුදුරුවරුන් හට ගිහි සමාජයට බලපැමක් වන අන්දමින් ජීවත් වීමේ පරිසරය අහිමි කර ගන්නා කාලය 1956 සිට ඇරඹුනා විය හැක. සග-වෙද-ගුරු-ගොවි -කම්කරු බලවේගය දේසපාලනයට පිවිසි එම වකවානුවෙන් පසු ගුරු වාත්තිකයා හට ජන හදවත් තුල තිබු ගෞරවය නැති කරගෙන නිකම්ම වැටුප් ලබන වෟත්තිකයෙක් පමනක් බවට පත්විය. වෙද පරපුර සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව දොස්තර බිහිවිය. අද ගෞරාන්විත දේශීය වෙද කම නැති වී ඇති නිසා වෙද මහතා දකින්නට නැත.සග පරපුරද මා මුලින් සදහන් කල වෘත්තිකයන් ගොන්නට ක්‍රමයෙන් පත්වෙමින් සිටින බව ගමේ පන්සලට ගිය විට පැහැදිලිව දකින්නට ඇත.
සමාජය විසින් රක්ෂා කරන ලද අපේ හාමුදුරුරවරු දුන් දේ බාරගෙන පුණ්‍යානුමෝදනාවෙන් සමාජයේ සිත් පහන් කරවා -පන්සල සිත් පහන් කල “පහන් -සලක් “ බවට පත් කරමින් වැඩ වාසය කල සමයේ සංඝාඥාවක් වී නම් එය බලවත් වනු ඇත.

වර්තමානයේ නම් එය විහිළුවක් සහ හිතළුවක් බව සදහන් කල යුතු වන්නේමය.

3 comments:

Ravin Caldera said...

ඉතාමත් අගනා විශ්ලේෂණයකි. දේශපාලනය හා බලලෝභිත්වය බොහෝ විට, මිනිසා දීනත්වයට ගෙන ගොස් සේ ය. අනෙක් අත‍ට සංඝඥාවන් ද කරනුයේ දේශපාලන ඕනෑ එපාකම් මත මිස, වෙන කවර පරමාර්ථ පෙරදැඩි කොට ද? ඒ හෙයින් මෙහෙව් ක්‍රියාවන් මගින් ස්වකීය මිනිපෙට්ටියට අවසාන ඇණයත් ගසා ගනියි. අපගේ අවාසනාව නම්, වත්මන් සඝ පරපුට මෙය නො තේරීම යි.

Anonymous said...

සංඝාඥාවක් පැනවිය යුත්තේ සංඝයා වහන්සේ විසිනුයි. එහෙත් හිස මුඩු කරගත් පමණින් ‍හෝ සිවුරක් පැළැඳි පමණින් ශ්‍රමණයෙක් නොවන බව බුදුන් වහන‍්සේද වදාරා ඇත. ඉතින් සැබෑ ශ්‍රමණයන් නොවන පැවැත්ම වෙනුවෙන් සිවුරු පොරවාගත් බුදුන්ගේ ධර්මය කිසිදාක නොදකින නොහැගෙන අමන රැලක් තව කිසිවෙක් වෙනුවෙන් කඩේ යාම සංඝාඥාවක් ලෙස සලකන මිනිසුන් සිටීනම් ඒ ඊටත් වඩා අමන කොටසකි.

Udantha said...

සිවුර දාගත් පමනින් පැවිද්ෙදක් ෙනාවන් බව මමත් අනුමත් කරමි. අදපන්සල් වල අැති වාහන නවීන විදුලි උපකරණ පරිගනක අාදිය දුටු විට මට හිෙතන්ෙන් නිවන් යන්න ෙම්වායින් ලැෙබන පිටුවහල කමක්ද යන්නයි. ඒලිපිට කතාකලෙෙහාත් අප අෙබෘද්ධයන් ෙලස හංවඩු ගසන බැවින් අපි අපි වත් ෙම්වා ගැන ෙමෙෙහම කතාකරමු .
...............සියලුෙද් අාරම්භය කුඩාය...........................