පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, November 12, 2009

අපිට කරන තර්ජන .

කාටූනය එස්.සී.ඹ්පාතයන්ගෙනි.

රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරත් සමග පඩි වැඩිකරනු !. යන්නෙන් සටන් පාඨය අතට ගෙන වරාය ,තෙල්, විදුලිය සහ ජලය සේවකයින් සමග වෘත්තීය සමිති වයාපාරයක.
මීදුමට යන්තමට මතකයක් තියෙනවා යුද්ධය නිසා වෘත්තීය සමිති එකමුතුව අවුරුදු තුනකට පස්සේ 2009 දී ලබන්න තිබුන පඩි වැඩිවිම 2010 දී ලබන්න එකගවු බව. ආණ්ඩුව 18% -22% අතර පඩි වැඩිවීමක් නොවැම්බර් සිට ගෙවන බවත් එය 2010 ජනවාරි මස සිට ලැබෙන්න සලස්වන බවත් පවසනවා.
ජනාධිපති තුමා “අපි කියන්නේ කරන දේවල් - කිවුවොත් කරනවා “ කියලා කියන කොට රනිල් වික්‍රමසිංහ මහතා “ ආණ්ඩුව කියන්නේ බොරු - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට බැදිලා ඉන්නවා රජයේ සේවකයින්ගේ පඩි වැඩි නොකරන බවට ” කියලා අනිත් පැත්තට හැරිලා කියනවා.

ජවිපෙය වර්තමානයේ සිදුකරන්නේත් සහ අතීතයේදි සමසමාජ කොමිනියුස්ට් පක්ෂය සිදුකලේත් එකම රගපෑම.බණ්ඩාරණායක අගමැති තුමා තරම් වර්ජන වලින් පීඩාවට පත්කල ‍රාජ්යාපාලකයෙක් නැති තරම්. බණ්ඩාරණායක මහතාට කීවේ “ සෙවල බංඩාට පිට කොන්දක් නෑ” කියලා. ජේ.ආර්.ජයවර්ධණ මහතා සමග සෙල්ලම පටන් ගත්තේ ඒ කාලෙට අනූරූපව රුපියල් දහයක වැටුප් වැඩිවීමක් ඉල්ලලා.ලත් තැනම වැඩේ ලොප් කරපු උන්නැහේ මී කතුරට තියන ඇම වගේ ඇමට තිබ්බ අසරන රාජ්‍ය සේවකයෝ සහ පවුල් කී දාහක් ජීවිත කාලයම බඩගින්නේ තියන්නත් සියදිවි නසා ගන්වන්න තරම් සහාසික වුනා අපිට මතකයි.

අපේ රටේ ජනගහනයෙන් රාජ්‍ය සේවකයින්ගේ සහ යැපෙන්නන්ගේ ප්‍රතිසතය 5% කටත් අඩුවෙන්න ඇති. ( රාජ්‍ය පාලකයන්ගේ ප්‍රතිසතය නම් කොයිතරම්ද කියලා හිතා ගන්න බැහැ.) 95%ක්ම යැපෙන්නේ පෞද්ගලික ආයාතන ස්වයං රැකියා සහ හෙට වැඩක් ලැබෙයිද කියන අවිනිස්චිත රැකියා වලින්.මුළු ජනගහනයම උපයන සෑම සතයෙන්ම රජය නොයෙක් ආකාරයෙන් අයකරන බදු වලින් තමයි රට සමබර වෙන්නේත් මේ ඇත්තන්ට පඩි ගෙවන්නෙත්.

රාජ්‍යසේවකයින් ඉන්නේ පුරවැසියාට සේවය කරන්න වුනත් අපි වගේ හුදී ජනයාට සේවය කිරීමේ මානසිකත්ව යක් එතුමාලට නැහැ.රාජ්‍ය සේවය තුල කාර්යක්ෂමතාවය බිංදුව බවයිමීදුම අදහස් කරන්නේ.
කවදාවත් ජනතාවට හිතකාමි කියාගන්නා වාමාංසික ව්‍යාපාර ජනතාවට ලෙන්ගතුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂාමතාවය වැඩි කරන්න කියලා උද්ඝෝෂනයක් කල බවක් ජීවිත කාලයටම අහල නැහැ. මේ ඇත්තෝ කරන්නේ පිදුරු ගොඩේ ඉන්න බල්ලගේ රාජකාරිය විතරයි.
මහින්ද නායකත්ව ය පහුගිය අවුරුදු හතරේ හැසුරුන ආකාරය උතුරේ - දකුණේ සංහිදියාව සහ රාජ්‍ය අංසය වර්ධණය කිරීම වගේම රාජ්‍ය සේවකයින්ගේ දුක් ගැණවිලි වලට ඇහුම් දිම වගේ දේවල් වලදි පසුගිය පාලනවලට වඩා හිතකාමී බවක් දැක්වුවා කියලයි මීදුම හිතන්නේ. ( සුද්දේ අතින්........... යම් මත වාද තියෙන්න පුළුවන්.) ජනාධිපති තුමා “අපි කියන්නේ කරන දේවල් - කිවුවොත් කරනවා “ කියලා කියන කොට අපිට විස්වාස කරන්න වෙනවා “මේ මනුස්සයා කියනවා වගේ ජනවාරි වල සිට එරියස් එකත් එක්ක වැඩි පඩි දෙයි කියලා ”. ඉතින් එහෙම තියෙද්දිත් මොකටද ජනතා හිතකාමී රනිල් වික්‍රමසිංහ මහතා සහ ජවිපෙ මේ වර්ජනයක් පවත්වා ගෙන යන්නේ. ජනතාව පීඩාවට පත් කරමින්.

පාලන බලය ලබා ගැණිමට මේ වගේ සිල්ප ක්‍රම යෙදවීම වර්තමානය වන විට යල් පැණගිය උපක්‍රම කියලයි මීදුම හිතන්නේ.ජනපීඩකයෙක් ලෙස ජනතාව හදුනාගත් විට පිරිබාහරන්ට විමුක්තිකාමියෙක් ලෙස මීට දසක දෙකකට ඉහතදී තිබු පිලිගැණිම තිබුනේ නැහැ.බලය මිසක වෙනත් කිසිවක් අරමුණු කර ගත් චින්තනයක් රනිල්ට හෝ ජවිපෙයට නැහැ කියලා ජන විඤානය තේරුම් අරගත්දාට ජනතාව තුල ඹවුන් පිරිහිමට පත්වෙනවා හැරෙන්න වෙනත් දෙයක් වෙන්නේ නැහැ. සමසමාජ කොමිනියුස්ට් පක්ෂ අද යුනියන් පෙදෙසෙත්,බොරැල්ල කොටා රෝඩ් එකෙත් බෝර්ඩ් ලෑලි විතරයි.ජනතා හදවත් තුලින් මැකිලා ගිහින්. එහෙත් එම පක්ෂ1956 -1977 යුග වල මේ රටේ ප්‍රබල දේසපාලන පක්ෂ. වෙලා තිබුනා.

ජවිපෙයට ඒ වින්නැහිය වෙනවා දකින්න අපි කැමති නැහැ.චන්දදායකයින්ට එජාපයත් ග්‍රීලනිපයත් එපාවුනාම යන්න තැනක් හැටියට ජවිපෙය තුන්වන බලවේගයක් ලෙස පිබිදෙමින් තිබුනා. “මහින්ද ගෙදර යවා මිස නොනවතිමි ”යි පාරම්බාන්නේ නැතිව මහින්දත් සමග සංහිදියාවෙන් කටයුතු කලා නම් ඒ බලවේගය ග්‍රීලනිපයත් දියකරමින් වර්ධණය වෙන්න ඉඩ තිබුනා. රටට පේන්න හරි අද මහින්ද ජවිපෙ කොඩියේ බාගයක් අරගෙන යනවා. ජවිපෙය මහින්දට බැන බැන වෛරය වපුරනවා. ජවිපෙයත් රනිල් වික්‍රමසිංහ මහතාත් තේරුම් අරගෙන ජනතාව කටයුතු කරනවා.

අනාගතය උදෙසා පැහැදිලි දැක්මක් මිසක වෛරය ද්වේසය වැපිරීමෙන් අද දේසපාලන වේදිකාව සැරසුවට පලක් නැහැ.ඒ සැරසිලිවල තියෙන අවලක්ෂණ ජනතාව වහාම තේරුම් ගන්නවා. බලය නෙමෙයි තිබෙන ඉඩකඩ තුල සේවය කරලා පෙන්නුවොත් බලය නිකම්ම අතට ඒවී කියලා මිදුම හිතනවා.

1 comment:

Anonymous said...

"අකුරට" නෙ වැඩ කරන්නෙ ඒ කියන්නෙ දැන් කට්ටිය හරියට වැඩ කරනවා ඉස්සර වගේ නෑ