පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, November 08, 2009

අංතට්ටුව




මේ දවස්වල මාධ්‍ය ඇස් පුරවන්නෙත් කන පුරවන්නෙත් අං තට්ටුව කාටද දෙන්නේ කියලා.
මහින්ද මහත්තයාට ව්‍යස්ථාවෙන් හිමි අවුරුදු හයක් තියෙනවා ජනාධිපති ධුරයේ වගකීම් ඉටුකරන්න. ගතවුනේ අවුරුදු හතරක් විතරයි නොවැම්බර් 18 වෙනිදා වෙන කොට.ජනාධිපතිවරණ ප්‍රතිඵල එතුමාගේ උපන් දිනේට ජනතාව දුන්න තෑග්ග කියලයි ඒ දවස්වල කිව්වේ. තෑග්ග තව අවුරුදු දෙකක් තියාගෙන ඉදලා එලියට ගන්න එක තමයි හොද කියලයි මීදුම හිතන්නේ.

අවුරුදු හතරකට පස්සේ යලිත් ජනාධිපතිවරණයකට මුහුණ දෙන පූර්වාදර්සයක් අතීත ජනාධිපතිවු පුද්ගලයින් විසින් ඇතිකරලා තියෙනවා. තමන්ට කැමති නම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලොත් දිවුරුම් දීම නියමිත නිලකාලය අවසන් වුනාම කරන්න පුළුවන්. පරාජයවුනොත් ප්‍රතිපලත් සමග තනතුර අත්හැර යන්න වෙනවා.

අප්රේල් මාසය වන විට නිලකාලය අවසන් වන පාර්ලිමේන්තුවකුයි අපට තියෙන්නේ . නෛතික වසයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක මුව දොර තමයි අපි ඉන්නේ. දැනට මාස කිහිපයකට ඉස්සර ජනාධිපතිවරණක් පිළිබද කතා බහ වේදිකාවට ආවා.මිදුම හිතන්නේ යුධ ජයග්‍රහණත් සමග මහින්ද මහත්තයා පපඩම් ජනප්‍රි යතාවයකින් පිම්බුන හින්දා වට පිටාවේ ඉන්න කේවට්ටයෝ තමන්ගේ නොහැකියාව වහ ගන්න මේ සින්දුව ගායනා කරන්න පටන් ගන්න ඇති මුලදී.

රනිල් මහත්තයා කලබල වුන බවක් ඒ දිනවල මාධ්‍ය වාර්තා සිහිපත් කරවනවා.මලික් සමරවික්‍රම නොනිල මට්ටමෙන් ජනාධිපතිවරණ ඉක්මනින් පවත්වන්න එපා කියලා මහින්ද මහත්තයාගෙන් ඉල්ලීමක් කලා කියලත් වාර්තා වුනා.කොහොමත් රනිල් මහත්තයා නම් මේ දඩිබිඩි වැඩේට කැමති වන්නේ නෑ එතුමා ඉන්න සෲණ- 30% මායිමෙන් එතුමාට කොහොමවත් ගොඩ එන්න බැහැ.පොදු අපේක්ෂතකයෙකු බිල්ලට දීමේ කතා වස්තුවක් නිර්මාණය වන්නේ මේ අතරතුරේදී. දැන් ඒකත් යථාර්තයක ස්වරූපයට පත්වෙමින් තියෙනවා.

මේ ව්‍යවස්ථාවේ අඩුපාඩු තියෙනවා.ඒක හින්දා අධික පිරිවැයක් දරමින් ආණ්ඩුවක් පවත්වා ගෙන යාම සදහා නොයෙක් මාදිලියේ වරදාන දෙමින් පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට රාජ්‍ය නායකයින්ට සිදුවෙලා තියෙනවා.මහින්ද මහත්තයා යුද්දෙ පවත්වා ගෙන ගියේ පාර්ලිමේන්තු දේස හිතෛසීන්ට බඩ පිරෙන්න අල්ලස් දීලා. අයවැයක් වෙලාවේ රිමෝට් කොන්ට්‍රෝලරයේ හයිය පෙන්නපු ඇත්තෝ යටවෙලා හිටපු බලවේග ගැන අපිට නැවත සිහිපත් කරන්න පුළුවන්නම් ඒ ගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා අපිට හිතා ගන්නත් පුළුවන්.එදා අයවැය පරාජය වෙලා පාර්ලිමේන්තුව බිද වැටුනා නම් අපිට මේ නිදහස තියෙන එකක් නැහැ.

යුද්ධය මහින්ද මහත්තයාගේ ව්‍යාපෘතියක් වුනාට බටහිර බලවේග හසුරුවන ලද කන්ඩායම් අනුගමනය කලේ කොටි හිතවාදී ව්‍යාපෘතියක්. චන්ද්රිකා සමයේත්,රනිල්ගේ අගමැති ආණ්ඩු සමයේත් කොටි යනු පරාජය කල නොහැකි බලවේගයක් ලෙසටයි අපිට හදුන්වා දිලා තිබුනේ.ඩී.බී. විජේතුංග සමයේ එතුමාගේ ස්ථාවරය නම් මහින්ද ස්ථාවරයට සමපාත වෙලා තිබුනා.මීදුම හිතන්නේ කොටි අවුල නියම විදියට කළමනාකරණය කලේ මහින්ද මහත්තයා කියලා. බටහිර බලවේග වලට ඇහුන් කන් නොදෙමින් අසල් වැසි ඉන්දියාවෙන් උපරීම සහයෝගය ලබාගනිමින් ගිය ගමන බොහෝ ජත්‍යාන්තර සම්බන්ධ තා තිබුන අපේ රටේ නායක කාරක ආදීන්ට වඩා ඉහල මට්ටමක් "ගොඩේ මහින්දට" තිබුනා.
බලය බෙදා හැරීමේ සුදු අලියා පලාත් සබාව. මේ ක්‍රමය නැගණහිර පලාතේ ජනතාවට අත්හදා බැලීමේ අවස්ථාව උදාවුනා. උතුරටත් මේ තත්වය ඇතිවුනාම යම් තරමකින් ද්‍රවිඩ ජනතාවගේ සිත් සතන් තුලනය වෙයි කියලා මීදුමට හිතෙනවා. මේවායේ පාලනයට එන ජනතා නියෝජිතයෝ නේ සියල්ලම අවුල් වියවුල් කරමින් රට විනාසයට පත් කරන්නේ.එයාලට සුපිරි රැකියාවක් ලැබුනම තෘප්තිමත්ව සියල්ල සන්සුන් වෙනවා.ද්‍රවිඩ ජනතාවට ගැටළු තියෙනවා කියන සද්දේ නැති වෙනවා.

මහින්ද පුටුවට තල්ලු කලේ කව්ද කියන එකට නම් අයිතිකාරයෝ බොහොමයි. අයිතිවාසිකම් කියන එක්කෙනෙකුටවත් ඒ වැඩේ කරන්න බැහැ. ඒක කලේ අපි වගේ අය. අපි තමයි නියම උරුමක්කාරයෝ.අපි වේදිකාවවල ගයන බයිලා මායිම් කරන අය නෙමෙයි. 1956 දී දන ගෑවට නිදහස් අධ්යායපනයේ පිහිටෙන් දැන් අපි හොදට ඇවිදින්න පුළුවන් අය. කිරලා මැනලා වැඩ කාරයා- කවුද බොරු කාරයා -කවුද හොරා- කවුද මිණිමරුවා කවුද කියලා තක්සේරු කරලා 'වැඩ කාරයාට' කතිරේ ගහන්න අපිට කාගෙවත් උපදෙස් වැඩක් නැහැ.ඒ තරමට ජනතාව වන අපේ බුද්ධි මට්ටම දියුණුයි.

මහින්ද මහත්තයාත් සාක්කුවෙන් වියදම් කරනවා වගේ චන්ද වලට අපේ සල්ලි දියකරන්නේ නැතිව , අපිට නිවී හැනහිල්ලේ කාලා බීලා ඉන්න පරිසරයක් හදලා අවුරුදු දෙකක් ඉදලා තව වැඩ ටිකක් පෙන්නලා ජනාධිපතිවරණයකට ගියොත් තමයි හරි..
පාර්ලිමේන්තුවේ ඉන්න බඩගෝස්තරවාදීන්ට අපි ගාවට එන්න ඉඩ සලස්සලා., නිසි කලට පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් අපිටපුළුවන් තෝරලා බේරලා එවන්න. තවත් ඒ වගේ කට්ටියක්.ඇයි අපට නාමයෝජනා තෝරන්න පක්ෂවල ඉඩක් නැහැනේ.ප්‍රජාතන්ත්‍රවාදය කියලා අර්ථ නිරුපනය කරන්නේ ඒ ගොල්ලන්ට කැමති අය අපි තෝරන එකටනේ.

1 comment:

චමිදේවා said...

".....තවත් ඒ වගේ කට්ටියක්.ඇයි අපට නාමයෝජනා තෝරන්න පක්ෂවල ඉඩක් නැහැනේ.ප්‍රජාතන්ත්‍රවාදය කියලා අර්ථ නිරුපනය කරන්නේ ඒ ගොල්ලන්ට කැමති අය අපි තෝරන එකටනේ."

අන්න සහතික ඇත්ත......