පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, November 27, 2009

නාමයෝජනා 17 වෙනිදා.

ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්නත් අපිට චන්දය දෙන්නත් දින නියම වෙලා. දැන් දැන් අපට වේදිකාවෙන් රස කතා ඇහෙන්න පටන් ගන්න කාලේ ඇවිත්.මේ උත්තමයෝ කට අරින්නේ අපි මැරිලා අද උදේ උපන් ගානටනේ.

තෙවෙනි පන්තියේ කතාවලින් ඉල ඇදෙන ඒවා අතහැරපුවම , ඒ පැත්තට මේ පැත්තට මඩ පාරවල් විසිකරපුවම , ද්වේශය වෛරය වපුරපුවම චන්ද ගොඩ ලොකුවෙයි කියලයි මේ උත්තමයෝ හිතන්නේ. මේ කතා කාරයින් හරියට සීතාම්බර පට සළුව දාගෙන ගිය රජතුමා වගෙයි. අපි හිනා වෙන කොට අත්පුඩි තලනවිට බූරු පැටව් හිතන්නේ වැඩේ හරි කියලා. චන්ද ගොඩ ගනන් කලා දාට තමයි ඇගේ නූල් පොටක්වත් නැති බව තේරෙන්නේ.

මැතිවරනේ සයිස් එකට තමයි මඩ නිර්මානය වෙන්නේ. small, large , xl ,xxl වගේ. ප්‍රාදේශිය සභා, නගරසභා small සයිස් එකේ .පලාත් සභාවලට එන කොට large සයිස් එකේ පාර්ලිමේන්තුවට xl ජනාධිපතිවරණයට එන කොට xxl සයිස් එකේ මඩ එහාට මෙහාට විසිවෙන්නේ.

ආසන්නතම මැතිවරණයේ මහින්ද මහත්තයාගේ දෙණියායේ මාලිගාව මඩ ගොඩක් වුනා. වැඩේ වැරදි කිවුව උත්තමයෝ, මාළිගාව වටලපු උත්තමයෝ මැතිවරණයෙන් පස්සේ මාළිගාව අත්හැරලා දෑම්මා.දැන් ඒ වැඩේ වැරදි නැහැ වගෙයි. ඔන්න ඔහොම තමයි දෑන් xxl සයිස් එකේ මඩ ප්‍රහාරත්. බිලියන ගනනේ ගනුදෙණු ගැනත් අනිත් කෙළවරෙන් බෝධිසත්වයෝ ගැනත් කතා කරාවි.දෙකෙලවරෙන්ම වෑහෙන දුර්ගන්ධේය අපිට ඉවසා ගෙන ඉන්න වෙනවා ජනවාරි 26 වෙනිදා වෙනකම්ම.ඊට පස්සේ ඔක්කොම අමතක කරලා උත්තමයෝ එකගෙයි දා ගෙන අපිව මරා ගෙන කනවා.

මාතෘකාවට අදාල නැතිවුනත් යුද්ධෙ ගැනත් පුංචි සටහනක් මේ මඩ අස්සේ තබන්න මීදුමට ඕනෑ උනා.

ප්‍ර භාකරන් ඒ දවස්වල කියලා තිබුනා දකුනේ ජනාධිපතිවරු එනවා යනවා . ජේ.ආර්. ., ෙප්‍ර්මදාස,ඩී.බී ,චන්ද්රි කා, අග්‍රමාත්‍ය රනිල් ආවා ගියා. මහින්ද ආවා .ඒත් උතුරේ හිටියේ එක ප්‍රභාකරන් කෙනෙක් විතරයි කියලා.

යුධ හමුදාපතිවරුත් ඔය අස්සේ කීදෙනෙක් ඉන්න ඇද්ද.අපේ සරත් ෆොන්සේකා මහත්තයාත් හිටියා.ඒත් යුද්දේ තිබුනා. ඩෙන්සිල් කොබ්බෑකඩුව වගේ රණවිරුවෝ ප්‍රභාකරන්ට තිත තියන මොහොත දක්වා ගමන් කලා. නොයෙක් බලපෑම් හමුවේ සේනාධිනායකයා නොහොත් ජනාධිපතිට කොන්ද කෙලින් තියා ගන්න බැරි උන හින්දා ප්‍රභාකරන් අපිව පෝරකයට යවමින් උතුරේ නිල වශයෙන් සහ දකුනේ නොනිල පාලකයා වශයෙන් අපිව බිලි ගනිමින් වැජඹුනා.

අද ජනතාව නිරුපද්රිහතව ජීවත් වෙනවා. ඒ මහින්දට කෙලින් තියෙන කොන්දක් තිබුන හින්දා. සහ තියෙන හින්දා.නැත්නම් අපි තාමත් ප්‍රභාකරන්ගේ ප්‍රාන ඇප කාරයෝ. මිදුම මෙහෙම සටහන් කලාට උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට ගැටළුවලට තාම විසදුම් ලැබිලා නැහැ. ඒ වැඩේ ගැන දැන් දෙපැත්තෙම උදවිය කතා කරන්නේ අඩුවෙන්.එකතු වෙලා කරන්න ඕනී වැඩ කරන්න හදන්නේ තනියෙන්.මේක වෙනම කතා කරන්න ඕනී මාතෘකාවක්.

සල්ලි තිබුනට ගොඩනැගිල්ලක් හදන්න තනියෙන් බැහැ.අත්වැඩකාරයෝ, මේසන්ලා ,වඩුවෝ ,පින්තාරු කරන්නෝ වගේ ශිල්පකාරයෝ එකතු කරගෙන සාමුහික ප්‍රයත්නයෙකින් තමයි ගොඩනැගිල්ල නිම වෙන්නේ . මේසන් තම ශිල්පයේ දක්ෂව වුනාට වැඩක් නැහැ,වඩුවා අබ්ලික් පොරක් නම්. ඔක්කොම තිතට කලත් වැඩක් තියෙනවද පින්තාරුව නියමෙට කලේ නැත්නම්. මේ ඔක්කොම නියම විදියට තෝරාගෙන කන්ඩායම හසුරුවන නායකයාගේ (ඉංජිෙන්රුවා)දක්ෂවකම මත තමයි යහපත් ගොඩනැගිල්ල නිම වෙන්නේ.

වඩුවා දක්ෂයා කියලා ගොඩනැගිල්ල හදන්න බාර දුන්නොත් මොකද වෙන්නේ ?.

මීදුම අද මහින්දට කඩේ ගියා., කියලා කියයි. එහෙම නැතිව ඉදිරියේදී කරන වියමන් ගැනත් අවධාණය යොමු කරන්න.

1 comment:

Sagara said...

ඇත්තටම කඩේ යනවා වගේ පෙනුනට කථාව ඇත්ත. ඒත් මහින්දට දූෂණය නැතිකරන්න කොන්දක් නෑ. තිබුනෙත් නෑ. මහින්ද දූෂණයට වැට බැන්දානම් මේ ජාතික වීරයාට(සරත් ෆොන්සේකා) අපිත් එකඟ නෑ. දැන් වෙලා තියෙන්නෙ ජාතියේම ජාතකය එළියට එන කථා අහන් ඉන්නයි.