පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, October 22, 2009

හඩ්සන් සමරසිංහ සමග විග්‍රහයක් .

උදෑසන විද්‍යුත් නාලිකාවල පුවත් පත් සමග ගෙවන කාලය අසන්නන්ට සහ බලන්නන්ට ප්‍රයෝජනවත් යමක් ඉතිරි කර දෙයි. ස්වර්ණවාහිණිය ඇරඹු මෙම මාවත දිගේ සියළුම විදයුත් නාලිකා අනුකරනය කරමින් තරගයක යෙදී ගමනේ යෙදී සිටී. ස්වර්ණවාහිණියත් , දෙරණත් මෙම වැඩ සටහන ඉතාමත් වැදගත් ලෙස ඉදිරිපත් කරන අන්දම ප්‍රශංසණියයි.

ජාතික රූපවාහිණියත් , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් මේ කාරියේදී හැසිරෙන අන්දම ............... අපිට අසන්න සිදුව ඇත්තේ හඩ්සන් සමරසිංහ මහතාගෙන්ම පමනි.

ස්වාධීණ රුපවාහිණියේ මහින්ද අබේසුන්දරගේ විපරම අමුම අමු ආණ්ඩුවේ හඩකි.ඒත් එය අසන්න හැකි ලෙස පිටපත ලියවෙයි. තේමාවෙන් කියවෙනවාසේ අන්තර්ගතය යමක් හිතන්න ඉතිරි කරයි.

හඩ්සන් සමරසිංහ මහතා කලක් ඇසුරු කල පෙම්වතිය බුට් එක දුන් ප්‍රේමවන්තයක බදුවේ. වියෝදුක ඉවසා ගත නොහැකිව කම්පනයෙන් ආතතියට පත්වු පෙම්වතා හමුවන හමුවන හැම දෙනාටම තම දුක්ගැනවිල්ල ප්‍රකාශයට පත් කරන්නේ පෙම්වතියගේ අහයපත් ගති ලක්ෂාණ පමණක් මතු කරමින් ද්වේෂ සහගතව අවලාද කීමේ ස්වරූපයෙනි. හඩ්සන් සමරසිංහ මහතාගේ පුවත් පත විග්‍රහයද ඉදිරිපත් කරන්නේ එවැනිවු ද්වේෂ සහගත ලීලාවෙනි.

රනිල් මෙන්ම මහින්ද ද කාලීනව විග්‍රහ කරයුතු චරිත බවට පත්ව තිබේ. නමුත් විවේචන විග්‍රහ සිදුවිය යුත්තේ වැදගත් ස්වරූපයෙනි. නානාප්‍රකාර නම් පට බදිමින් මඩ ස්වරූපයෙන් රනිල්ට පමනක් දමා ගසනාවා නම් අසා සිටින බලා සිටින අපට පිළිකුලක් ඇති වන්නේ මඩ පහර එල්ල කරන තැනැත්තාට මිස මඩ පහර කන පුද්ගලයා කෙරෙහි නොවේ.හඩ්සන් සමරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයද දරයි. අගමැති, ඇමති ,මන්ත්‍රී,අමාත්‍යාංශ ලේකම් ආදී නම් කියවි එන විට රාජ්‍ය අංශයේ ආයාතනයක සභාපති තනතුරත් ඒ කිට්ටුවෙන් කියවේ. එහෙම තනතුරක් දරන උත්තමයෙකු කොයිතරම් විනීත හා සංවර විය යුතුදැයි සිතුවත් අපේ රටේ එසේ විය යුතු නැතැයි හඩ්සන් සමරසිංහ මහතා සිතනවා විය හැකියි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ දේශපාලනය තුල අවුරුදු හතලියක් පමන කාලයක් රටට යම් සේවාවක් සහ රටට අහිතකර තීරන සදහා දායකවු මහත්මයෙකි.ඔහු හදුනාගත් මොඩලය අපිට දිරවන්න බැරිවු නිසා 30% මායිම දක්වා ජනප්‍රියතාවය බස්සවා ගත් ඔහු වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් නොවෙයි. හඩ්සන් සමරසිංහ මහතාට මහින්ද රාජපක්‍ෂ මහතාට කඩේ යාමට කල යුතුව ඇත්තේ රනිල් වික්‍රමසිංහමහතාගේ රටට අහිතකර කෙරුවාවල් ටික වැදගත් ස්වරූපයෙන් රටට දියකර හැරීමයි. එවිට අනුපානත් සමග බොන හුදී ජනයා 30% මට්ටමෙනුත් පහලට එතුමා රැගෙනයාමට අවධාණය තවත් දුරට යොමු කිරීමට අනිවාර්යෙන්ම පෙලෙබෙනු ඇති.

අද ශ්‍රී ලංකාවේ ජනගහණය අධ්‍යාපන සාක්‍ෂරතාවය ඉතාමත් ඉහල අගයක පවත්වා ගෙන සිටින රටකි.අඩුම තරමින් වයස අවුරුදු 40 පමන දක්වාවු ජනගහනය අපොසප සාපෙල දක්වාවත් පාසල් ගිය අයවෙති. මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍ය බොහෝ ප්‍රචලිත මෙසමයෙහි ගෝචරදේ තෝරා බේරා ගතහැකි ස්වයං බුද්ධියක් අඩු අධ්‍යාපනයක් ලැබු අය තුලද වර්ධණය වී තිබේ. මෙහි ප්‍රතිපල ලෙස මින් දශක තුන හතරකට පෙර මෙන් ආරවුල් ඇතිකරගෙන පොලිසිවලට අධිකරණයට යොමුවන පිරිස් වැඩිවන ජනගහනයට සාපේක්ෂව අවම බවට පත්වී තිබේ.චන්ද පොලට යන්නේද දැනුවත් භාවයකින් මිස වේදිකාවේ ඇද බාන බොරු බේගල් වලට රැවටී බොරුව බොරුව ලෙස තේරුම් ගෙන ඇත්තට මනාප දැකිවීම සදහායි . මින් අදහස් වන්නේ ලාංකීක ජනගහණය යම් දියුණු මානසික ඉසව්වක සිට ප්‍රශ්න හා ගැටළු දෙස බලන බවයි.

හඩ්සන් සමරසිංහ මහතාගේ පුවත්පත් විග්‍රහයේ තේමාව මේ ගති ලක්ෂණ අභිබවා අසන්නෝ සමග උඩු ගංබලා පීණිමට තැත් කිරීමකි. අසන්නන්ට සහ බලන්නන්ට වැඩ සටහන නීරස කිරීමකි. මේ කාර්යෙන් මහින්ද රාජපක්ෂ මහතාට අවැඩක් මිස සේවයක් නොවේ.ඔහු සිදු කරන්නේ දැළි පිහිය අත ඇති වදුරා රැවුල බෑම වෙනුවට රජුගේ බෙල්ල කපා දමනවාසේ .. හාණියකි.

4 comments:

ems said...

හඩ්සන් මහත්තයා TNL එකේ බෙරිහන් දෙනකොටත් මට තේරුණා ඉක්මනට ආණ්ඩුවේ රස්සාවක් හම්බෙයි කියලා.දැන් ඉතිං ඒකත් හම්බෙලානෙ තියෙන්නේ.කෑ නොගහා ඉන්න බෑනේ.
මොනා වුනත් හඩ්සන් මහත්තයා ඒ වැඩසටහන කරන විදියනම් අන්තිමයි.

Anonymous said...

ක‍ටුස්සගෙ කරේ රත්තරං බැන්දම ඌට ඊට වඩා දෙයක් නැහැනේ. ගහන්න ඕනේ කියන මීහරකට නෙවෙයි. බලන ගොන් නාම්බන්ටයි.

Anonymous said...

You seem to be a biased person on this. It's a facet of the multi-faceted aspect and essentially, has validity. That's why it's still listened programme among the listnership.

Anonymous said...
This comment has been removed by a blog administrator.