පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, September 02, 2009

අනර්කාලි සහ කාලි



බාල සිනමාවේ චරිත දේශපාලනයට පිවිසෙන්නේද දේශපාලනයද බාල නිසා යයි මීදුමට සිතිනි.

සබරගමුවේදී නන්තාරව සිටි එජාපය රන්ජන් රාමනායක නිසා පිබිදුනා යයි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. වෙනසක් නොවී අදත් සබරගමුවේ එජාපය නන්තාරව ඇත. රන්ජන් රාමනායක රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂ්කයාව එජාපයට අළුත් චන්ද එකතු කලේ නැත. සම්ප්‍රදායිකව එජාපයට ලැබුන චන්ද වලින් කන්ඩායම් නායකයා වශයෙන් දිස්ත්‍රික්කය පුරාවට එක් මනාපයක් ලබා ගැනීමට වාසනාව පාදා ගත්තා පමනකි. එදා සබරගමු පලාත් සභාවට රන්ජන් රාමනායක ඉදිරිපත් වු විට ඇද කුද දුටු පොදු ජන එක්සත් පෙරමුණ අද තම චන්ද පදනමට තරු පෙන්වමින් සිටී.

මීදුමට රජවාසල සිහිවිය. රජ කතා කියවන විට අසන විට රජතුමාට පුරෝහිත ඇමතිවරු මෙන්ම අන්දරේ වැනි කවටයෝද සිත් පිනවන නාට්‍යාගනාවෝද සිටි බව කියවන්න අසන්න ලැබේ. දැනුත් එවන් රජ කාලයක් පහල වෙමින් තිබෙන්නේද?.වාසල විකටයන්ගෙන් නාට්‍යාගනාවන්ගෙන් වාදක කණ්ඩායම් වලින් ගායක ගායිකා වන්ගෙන් පුරවා ගත් විට ජනතාවට විනෝදයෙන් සතුටෙන් කාලය ගත කලහැකියයි සිතනවා විය හැක.
නැත්නම් වේදිකාවේ මාතෘකා නොමැතිව සිටින ජවිපෙයට සහ එජාපයට මාතෘකා සපයා දෙන්නට පොදු ජන එක්සත් පෙරමුණ සිතුවා විය හැක.

එජාපයට කවුරුන් මොනවා කීවත් ස්ථීර සාර චන්ද පදනමක් ඇත. තනි පක්ෂයක් වශයෙන් අදත් එජාපයට අභියෝග කලහැකි දේශපාලන පක්ෂතයක් නැත. එහෙත් අද තම චන්දදායකයින් චන්ද පොලට ගෙන්වා ගැනීමට සමත් වැඩ පිලිවෙලක් සහ නායකත්වයක් නොමැති කමින් එජාපය බින්දුවට බැස ඇත. එජාපයේ වර්තමාන නායකත්වයේ බාල උපක්‍රම කොපි කිරීමෙන් පොදු ජන එක්සත් පෙරමුණ සංවර්ධණය කරගැනිමට යාම නම් නුවනට හුරු නොවනු ඇත.
එජාපය චන්ද පදනමෙත් පොදු ජන එක්සත් පෙරමුණ වටා එකතුවන අර්ධ වාමාංශික චන්ද පදනමෙත් සිතුම් පැතුම් සමාන කල නොහැක.

මීදුම පුංචි පහේ සමීක්ෂණයකට අනර්කාලි ඉදිරිපත් කරනු ලැබුවාය අනර්කාලි ආකර්ෂණය කරගන්නා තරුන කොටස ඉලක්ක කරගනු ලැබු මේ කතා බහේදී ඔවුන්ගෙන් වැඩි දෙනෙකුන්ගේ මතයවූයේ වර්තමාන පොදු ජන එක්සත් පෙරමුණේ සංයුතිය යම් විකෘතියකට භාජනය වෙමින් තිබෙන බවය. පොදු ජන එක්සත් පෙරමුණට චන්දය දෙන ඡන්දදායකයින්ගේ දේශපාලන මානසිකත්වය ගොඩනැගී ඇත්තේ දේශමාමකත්වය පදනම් කරගත් අඩිතාලමක් මතය. ඔවුන් මනසින් දේශපාලන නායකත්වයට සුදුසු පුද්ගලයින්ගේ අධ්‍යාපනය ගතිපැවතුම් සමාජ සම්බන්දතා තක්සේරුවට ලක්කිරීම සිදුකිරීම අනිවාර්යෙන්ම සිදුකරනු ලබන්නේය. දකුනේ දී මේ නිර්නායක විශේෂයෙන් ක්‍රීයාකාරීය.

අනර්කාලි වැනි චරිත දකුණත් සමග බද්ධ වන්නේ කෙසේද?. ඈ පදිංචි කොළඹය. දකුනේ ජනතාව සමග ඈ කොතෙක් කාලයක් සමාජ සේවා කටයුතු වලට සම්බන්ධවී සිට ඇත්ද?.මහජන නියෝජිත වරයෙකු වශයෙන් චන්දයෙන් දිනුවොත් මහජනතාව සමග පවත්වා ගෙන යා හැකි, අනාගත සමාජ ක්‍රියාකාරිත්වය ගැන විශ්වාසයක් තැබිය හැකිද?. යන කරුණු චන්ද දායකයා හිතුවොත් අනර්කාලිට මනාප නැතිවනු ඇත.
සෙලොලයිට් පටයක, රූපවාහිණි විකාරයක බැරි සිංහල උච්චාරනයෙන් නැලවෙන විගඩමකට මනාප අයනම් ඈ හට මනාපවනු ඇත. එවැනි විකාර මනසින් යුත් චන්දදායකයින් ඇත්නම් ඒ සීමිත ප්‍රමානයක් වනු ඇත.රන්ජන් රාමනායකගේ පැරචුට් ගමන අනර්කාලිට දකුනේ ආදේශවුනේ පොදු ජන එක්සත් පෙරමුණ දකුනේ දි පසුබෑමකව ලක්වී ඇති බව නිරීක්ෂණය විමෙන්ද?.

දකුනේ ජනතාවගෙන් ඉදිරියට එන දේශපාලන අංකුර වලට පොදු ජන එක්සත් පෙරමුණ තුල ඉඩ කඩ අහුරා මෙවැනි විගඩම් දේශපාලන කරලියට ගෙන ඒම එජාපය ගමන් කරන අන්ධකාරයට පොදු ජන එක්සත් පෙරමුණත් ගමන් කරවීම ආරම්භ කර ඇති බවට ඉගිකරන්නක් ලෙස මීදුමට සිතිනි.
“කාලිය” නම් විනාශය සංකේත කරවන යක්ෂ ණියකි.

6 comments:

වික්‍රමගේ සටහන් said...

හොද ලිපියක් කාලෙකට පස්සෙ දැක්කෙ හැබැයි පොඩ්ඩක් යු.එම්.පි. එකට පොඩ්ඩක් බරයි වගේ සමබරව ලිව්වා නම් තමයි හොද.....

ඉන්දික said...

හ්ම්...මේක ඇහුවට පස්සෙ මටත් හිතාගන්න බැරිවුනා පො.එ.පෙ. මේ වැඩෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල. විශේෂයෙන්ම මේ වගේ අවස්තාවක.

Anonymous said...

මම නම් මේ තුළ දකින්නෙ මහින්දගෙ තවත් දේශපාලන උපායක් කියල. මිනිස්සු අනර්කලී ගැන කියව කියව ඉන්න කොට ඉබේ ම වගේ රටේ දැවෙන ප්‍රශ්න ටික අමතක වෙනවනෙග ඒකයි මහින්දට කරන්න ඕනි.

Anonymous said...

මහින්දයට ඔනේ තමාට කැමති විදියට නැටවෙන කට්ටිය දාගන්න එතකොට ඌ යනකොට බැසිල්ව පුටුවේ ඉන්දවලා යන්න. මංගලව එලවලා ජෙයරාජ්ටත් මොනාහරි කරලා මෛතීටත් බොම්බ තියලා මෙයා කරගෙන යන්නේ ඒ දේ තමයි !

wayaba withthi said...

ඔබතුමාව මට ටිකක් කොල පාටට පෙන්නේ මයෙහිතේ මගෙ ඇස්වල දොසයක්ද මන්ද

මීදුම said...

මගේ පාට කොළ නොවේ. please read my old blogs.