පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, September 15, 2009

Anonymous ට ආරාධනාවක්.

හැම විටම චෝදනාවක් තිබේ. මීදුම අකලට පැසී ඇති බව පලමු comment එක පල කර නැවත දෙවන ඇසිල්ලේ තව වරක් comment එකක් පල කරමින් දුන්නා මදියයි සිතමින් තව වියමනක් කරයි. සිහිපත්වන සැමවිටම තව තවත් ප්‍රහාර එල්ල කරයි ඇයි ඔයතරම් ආවේගශීලි වන්නේ.ඉවසිල්ලෙන් කටයුතු කරමු.’අපි කදු වන්නේ කුමටද උනුන් පරයා නැගෙන -සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන.’

මිදුම පරිසරයත් සමග තම ආකල්ප වල් පල් ලෙස දිග අරියි. Anonymous ට විද්‍යාත්මක සහ න්‍යාත්මක පසුබිමකුත් කලට මේරු බුද්ධි පරාසයකුත් ඇත. යහපත් හමුවු වීමකි. කාලය මිදුමගේ වැඩිහිටි බව දැනුවත් වීමට අවහිරයක්ද නොවේ. ක්ලේමෝ පුපුරන්නා මෙන් ප්‍රහාර එල්ල කර පරලොව යවනවාට වඩා අධ්‍යාපනයක් ලැබීම මීදුම අගේ කරයි.එයත් පුනරුත්ථාපනය වීමකි. යහපත් ආකල්පයෙන් අදහස් හුවමාරුවිම නිම් වලළු පුළුල් කර ගැණිමට හේතුවේ.අනෙක් වියමන් කරන සහෘදයින්ටත් තම තමන්ගේ ආකල්ප අදහස් නිවරදි කර ගැණිමට පරාසයක්ද ඇතිවේ. කොයිතරම් සුන්දරවේද ?.

අංකල් සීයා චමින්ද නොවී මීදුමටත් දැනුමෙන් තරුන වන්නට හැකිවේ. මීදුම ආච්චී සිහිපත් නොකරයි. ඈ හමුවුදා සිට පිහිටුවා ඇති විධායක මොඩලයේ ආණ්ඩුවේ ඈ ප්‍රධානියාය. විධායක ජනාධිපති තනතුරේ ස්වරූපය කවුරුත් හදුනති. ඒ නිසා ආච්චී පැත්තක හිටපුවාවේ.

මිදුම සමග Anonymous වර්තමාන දේශපාලනය පිළිබදව, ජනවාර්ගික ප්‍රශ්නය ලෙස හදුන්වන ගැටුම පිළිබදව පරස්පරයක් ඇතිවී තිබේ. මීදුමට ඇත්තේ වල්පල් විග්‍රහයකි. එය Anonymous දකින්නේ ඊට වඩා පුළුල් අර්ථයකිනි.පරාසයකිනි.පරන වියමන් පැත්තක තබා අපි අළුතින් වියමන් කරමු .අදහස් බෙදා ගනිමු.

මිදුම දරන මතයක් සටහන් කරමු. මේ අදහස් කාලයා ඹළුවට දමා ඇති වල්පල් අතර රැදුනකි.1956 බණ්ඩාරනායක බලයට පත්වීම, 1971,1989 ජනතා විමුක්ති පෙරමුනේ පිබිදීම සමාජය, දේශපාලනය ගමන් ගත් දිසාව වෙනස් කල සංසිද්ධි දෙකක් විය. එමෙන්ම LTTE සංවිධාණයේ සටන් කාමී අරගලයද අපේ ගමන් මග වෙනස් කලාය. අපිට ඒ අනුව වෙනස්වන්නට අනිවාර්යෙන් බලපෑම් ඇති වෙමින් පවතින බව සටහන් කල යුතුමය.මේ අතරට බොර දියේ මාළු බාන ජාවාරම්කාර සංවිධාණද ඇති බවත් සිහි කටයුතුය.

4 comments:

sana said...

Anonymous kiyana booruwata (uuta namakuth naa molekuth naa)uththara deemata awasha natha. uu mahaloku dewal kathakarata manussayakuge wayasata garukarannawath danne nathi ekeki.
demala janathawage aitheen wenuwen peneesitinawa yayi kiyaganna (mea pilibandawa apita prashnayak natha) mea wage meeharak thamage mathayata wirudda keneku dutu with maragena kanna hadai. meya ownge swabhawayai- owun kuliyata kahina bawini.

Anonymous said...

Better if you can track those people by IPs.

ගජං said...

මීදුම,
තමුන්නැහේමයි නිකං පච වෙන්නේ මේ anonymous කට්ටිය දාන ජෝක් සිරාවට අරං දුම්මල වරම ගත්තා වගේ ආවේස වෙලා :D
උං දැං අධෝමුඛයෙනුත් හිනාවෙනව ඇති මේ ලියන ලිවිල්ලට :D

මිගාර said...

ඇනොනිමස් ව සිට ජාතක හොයන උන්ට උත්තර දීමට අවශ්‍ය නැත. උන්ගේ ජාතකය ගැන මතක් කර දීම එවිට කළ යුතුය. ඇනොනිමසයන් දමන කොමෙන්ට් එකකට එක ගාණේ ඔබ පෝස්ට් දැමිය යුතුද නැත. ඇනොනිමස් වී මූන වසා පැමිණියත් ටික දවසක් කොමෙන්ට් දමන විට කවුරු කවුරුදැයි සිතා ගැන්මට හැකිය. එනිසා කලබල වෙන්න එපා. ඔබ පැසුණු පුද්ගලයෙක් හැටියට මට වඩා මේ ගැන දනිතැයි සිතමි. කොමෙන්ට් සියල්ලටම එක විටම උත්තරයක් දැමීම සැහේ. කොමෙන්ට් වල රටාව හුරු වනවිට මුහුණ වසා පැමිනියත් සෙට් එකම එලියේ බැවින් ඇනොනිමසයන් ගේ නිරුවත පැහැදිලිව පෙනී යනු ඇත.