Saturday, July 25, 2009

කේ.ජයතිලක මහතාගේ අන්තිම කැමැත්ත.

2009.ජුලි. 23 බ්‍රහස්පතින්දා “දිවයින” පත්‍රයේ “සරසවි උයන” අතිරේකයේ 19 වෙනිදා රදාවාන කන්නිමහර කේ ජයතිලක ලේඛක අසපුවේදී ගත්කරු කේ ජයතිලක මහතා කරන ලද ප්‍රකාශයක් පලවෙනවා. එම ප්‍රකාශයේ පිටපත් ජයතිලක පදනමෙන් රැස්ව සිටි අය අතර බෙදා දුන් බවත් එහි සදහන් වෙනවා. සරසවි උයන තුන්වන පිටුවේ පලවන්නේ එම ප්‍රකාශනයේ පිටපතයි.

එම ප්‍රකාශනය නොකියවන ලද සහෘදයන්ගේ පහන් සංවේගය උදෙසා මීදුම අවධනය යොමු කල ‍ කොටස් යලි උපුටා දක්වනවා .

‘ --- මෙයින් කන්නිමහර පුස්තකාලයේ පොත් බැහැර දෙන අංශයෙහි සාමාන්‍ය, මධ්‍යම ප්‍රමාණයට අයත් පුස්තකාලයක තිබෙන පොත් 20,000 ක් පමණ අඩංගුව ඇත. 700 ක් පමණ සාමාජිකයෝ ඉන් නිතිපතා නොමිලයේ පර්‍්‍රයෝජනය ලබති.
............... විමර්ශණ අංශයේ සම්පූර්ණ නොවූවත් ඉතා හොද ශ්රී. ලංකා පොත් එකතුවක් ඇත.එසේම ධම්පියා අටුවා ගැටපදෙහි පටන් අද දක්වා සියළු සම්භාව්යප සිංහල ග්‍රන්ථවල එකතුවක් මෙහි වෙයි................
අපට දැනට මහා හිසරදයක් වී ඇත්තේ දශක හතකට අධික කාලයක් මුළුල්ලේ උන්මාදයකින් මෙන් එක් රැස් කල තුන්වැනි අංශයට අයත් ජගත් ප්‍රඥා නිධානයයි.විශ්ව ඥාණය නැමති මහා වනස්පති වෘක්ෂයේ මහා මූලයන් වැනි ඉහත සදහන් කළ කෘති රැසකුත්, 19 වන සියවසේ මුද්රිත ඉංග්රීසි සිංහල පොත් සමූහයකුත් මෙයට ඇතුලත්ය. සෘග්වේදයේ සිට “ යුද්ධය හා සාමය "දක්වා වූ ජගත් සාහිත්‍ය. කෘති කියවන කිසිවෙකුට “ මම ප්‍රඥයෙකු නොවෙමි” යි අධිෂ්ඨාන කරගෙන ඒවා කියවූවත් එසේ නොවී සිටීමට නොහැකිය. ( මේ ලියන මා ද එවායින් අඩක්වත් කියවා නැත්තෙමි)........... මේවාට කළයුත්තේ කුමක්ද ?. කිසියම් අයාතනයකට පරිත්‍යග කළ යුතුද ?.....................................
ඒ අනුව මගේ අවසාන කැමැත්තවනුයේ මේ අසල දැල්වෙනු ඇති මගේ දර සෑයට ත්‍රිපිටකය හැර මේ පොත් සියල්ල එකක් නෑර නොපැකිල දමා පිලිස්සීමය.එයට මෙහි සිටින ඔබ සැම සාක්ෂි වනු ඇතැයි මා විශ්වාශ කරමි................................................
ඇත්ත වශයෙන්ම මෙය ඔබට පෙනිය හැකි තරම් දරූණු හෝ අකැරුණික තත්වයයක් නොවේ.කලින්සිටම මෙවැන්නක් අපේක්ෂා කල මම හැකි සෑම කෘතියකින්ම තව අතිරේක පිටපතක් හෝ දෙකක් සොයා බැහැර දෙන අංශයට හෝ විමර්ශණ අංශයට යොදා ඇත්තෙමි. ඒවාත් ත්‍රි පිටකයත් අත්හල විට විනාශ කල යුතු දහසක් පමණවු ග්‍රන්ථ නාම අතරින් සම්පුර්නයෙන්ම නැතිව යනු ඇත්තේ දෙසියක් දෙසිය පනහක් පමනක් විය හැකිය.............................. ”

කේ .ජයතිලකයන්ගේ අන්තිම කැමැත්තට ගිනි ලන්නයි කියන පොත් අතරින් පොත් 200 -250 කි. මෙම පොත් වල පමණක් වානිජ වටිනා කම රුපියල් කෝටියක් පමන බව සදහන්ය. ඒත් ඒවායේ බුද්ධිමය වටිනාකම මිළ කල නොහැකිය.මෙම පොත් පේරාදෙනිය, කැළණිය යන විශ්ව විද්යාල දෙකට පරිත්‍යාග කලත් නිසි ප්‍රයෝජනයක් නොගනු ඇතැයි ජයතිලකයන් සිතයි.විශ්ව විද්යාල ක්ෂෙ තර්‍යේ ඇදුරන් බුද්ධිමය දේපල පැහැර ගන්නා අන්දම ගැන ජයතිලකයන්ට ඇත්තේ අප්‍රසාදයකි.ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය, කෞතුකාගාර පුස්තකාලය, ජාතික ලේඛණාගාර පුස්තකාලය පොත් රැක බලා ගැණිම පිලිබදව ඇති උනන්දුව පිලිබදව ප්‍රසන්න හැගීමක් ජයතිලකයන්ට නැත. ඒවාට විශ්ව කෘති පරිහරණය කිරීමට පෘඨකයෝද එන්නේ නැතැයි ජයතිලකයන් සිතති.

ජයතිලකයන් තමන් ආදරය කරන මේ වස්තු සම්භාරය අනෙකුන් අතින් ටික ටික විනාශවනවාට වඩා තමා සමගම දැවී අළුවී යාම සුදුසුයැයි තීරණය කලා විය යුතුය.එයත් ආදරයත් ගෞරවයත් සමග ඇතිවන කල්පනාවකි. ඒ සිතුවිල්ල තුල ජයතිලකයන් නිවරදිය.

වර්තමානයේ නම් පොත් පත් කියවන්නෝ ටිකින් ටික අඩුවෙමින් පවතින බව සදහන් කල යුතුය. නවීන සන්නිවේදනය එයට හේතුවිය.එදා විවේකයට පොත පත කියවු අය අද රූපවාහිණිය තුල අතරමංව ඇත. සිනමා ශාලාවකට වුවද යන්නන් අද සිටීන්නේ අල්පයකි. පරිගණකයන් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ක්‍ෂණිකව සොයා ගත හැක.මෙවාට පසුබිම තාක්‍ෂණයේ දියුණුවත් ,අවිවේකී ජීවන රටාවත් විසින් ඉබේම සකසා ඇත.පාසල් අධ්‍යාපනයේ පටන් උසස් අධ්‍යායපනය දක්වා පාඨමාලාවන් සකස් වී ඇත්තේ වර්තමාන අවශ්‍යයතාවයනට අණුරූපවය.සාහිත්‍ය කලා විෂයයන්ට ප්‍රමුඛතාවයක් නැත. ඉතින් ජයතිලකයන්ගේ කාලයේ මෙන් අද විශ්ව කෘති සොයා යාමේ පිපාසාවක් දරුවන් තුල ගොඩ නැන්වෙන්නේ නැත. ඔවුන්ට අධ්‍යාපනය ලබන විෂයය ධාරාවේ ටියුෂන් පංති වලට දුවනවා හැරෙන්නට වෙනත් කාලයක් ඉතිරිව නැත.

කන්නිමහර පුස්තකාලයේ 700ක් පමන සාමාජිකයන් සිටියත් ඔවුන්ගෙන් මෙවැනි පත පොත පරිශීලනය කිරීමට සමත් විදේශිය භාෂා ඥාණය ඇත්තෝ සමහර විට ඇත්තේ අල්පයක් විය හැක. ජයතිලකයන්ද අඩක් වත් කියවා නැති බව පවසන මේ ඥාණ සම්භාරය දෙස එම පාඨකයෝද ඇස ගසන්නේ විවේක බුද්ධිය පුළුල් කර ගැණිමට නම් නොවිය හැක. කිසියම් විභාගයකදීවත් නම කියවි ඇතිවිටක විය හැක. කන්නිමහර පුස්තකාලය යේ ක්‍රියාශිලිත්වය දෙස ඇස ගසා ගෙන සිටින ජයතිලකයන් නූතන පරපු‍රේ කියවීමේ රුචිකත්වය නොමැති තරම් යයි නිගමනය කලාවත්ද ?. අගනුවර වැනි ජනාකීර්න පරිසරයක නම් මේ නිද්‍රාවශීලිත්වය එතරම්ව තිබිය නොහැක.

කෙසේ වෙතත් පොත් ගිණිලෑම ගැන නම් තව බොහෝ වරක් සිතිය යුතුය.රාජ අනුග්‍රයහයෙන් යාපනය පුස්තකාලය ගිණලෑ රටක අත්දැකීම් ඇති මෙවන් ප්‍රඥයෙකුගේ සිතිවිලි ඔය තරමටම දරුණු වීම නම් මීදුමට පුදුමය.

7 comments:

soosthigune said...

ෂැහ්..මම කාලෙකින් කියවපු අන්තිම ඉමෝශනල් කේස් එකක්.. මේකෙන් පේන්නෙ අපි කොච්චර ජරාජීර්ණ් කුජීත සමාජයකද ඉන්නෙ කියනෙ එකනෙ..ෂැහ්..

වජිර නදුන් සෝමරත්න said...

පොත් කියවූ, පොත් ලියූ එවැනි උතුමකුගෙන් අප එවැනි අදහසක් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූයෙමු...

එදා හඳමාමා තුලින් අපිට පොත් කියවන්න කියල දීපු ජයතිලක නැන්දේ... ඔබවත් කියන්න එතරම් දරුනු වන්නට එපා කියා...

අපි කවුරුවත් "පුංචි පැලේ ගස වෙනා" පොත අගට මේ වගේ අවසන් කැමැත්තක් ලියවෙනවට කොහොමත් කැමති නෑ...

අනූ said...

මට හිකෙන විදියට මේකෙන් ජයතිලන මහතා අදහස් කරල තියෙන්නෙ කවුරුවත් කවදාවත් වැඩක් ගන්නෙ නැති පොත් විසිකරල පුස්තකාලයේ රාක්ක වල වැඩකට ඇති පොත් වලට ඉඩ දෙන්න කියන එක.

ඇත්තටම ඔය පරණ පොත් දැන් කාලෙ පුස්තකාලවලට එය අය අරන් යනවද කියවන්න. එයාල ගන්නෙ බොලඳ පෙම් කතා විතරයි.

ඉතිං එහෙව් එකේ කොච්චර පරණ වුනත් කොච්චර වටිනව උනත් ඒ පොත් වලින් වැඩක් නෑ කියන එකයි මේකෙන් කියවෙන්නෙ.

ebookfree said...

මාර පිස්සෙක්නෙ. මම පොතක් ගිණි තියනවා තියා කොළයක් නවනවටත් තැමතිනැති කෙනෙක්. DNA පරික්‍ෂාවක් කරල බලන්න ඕන ඒ ඇත්ත කේ.ජයතිලකද කියල.

තමීර said...

ජයතිලක මහත්තය පුච්චන්න ඕන කිව්වෙ අර ජගත් සාහිත්‍ය කෘති නේද?
"අපට දැනට මහා හිසරදයක් වී ඇත්තේ ... ජගත් ප්‍රඥා නිධානයයි."
පරණ සිංහල පොත් තියාගෙන මේව පුච්චනව කීම සාධාරණයි නේද?

said...

මටනම් මේ කියන කතාව සාධාරණයි

අනුරුද්ධ said...

ජයතිලක මහත්තයෝ, ඒ පොත් එපා නම් මට දෙන්න. මම පොත් එකතු කරන කෙනෙක්. මගේ ළඟත් තියෙනවා 19 වන ශත වර්ෂයේ මුද්‍රිත පොත්. තමුන්නාන්සේ ලියපු පොතුත් මම එකතු කරලා තියෙනවා.