පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, July 22, 2009

මීදුමත් සමග වසරක්.

පරිගනකයත් සමග ගනන් හදපු මම ලියුම් ලියපු මම. විවේක වෙලාවට spider solitaire එකේ කාඩ් ගහන එකයි කලේ .

අවුරුද්දකට විතර ඉස්සර 2008.06.13 ට පස්සේ දවසක කොළඹ විශ්ව විද්යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ භාෂා තාක්ෂ ණ පරීයේෂණාගාරයේ සිංහල යුනිකේත ( Unicode) හා (web 2) වැඩ මුළුවකදී බෙදා දුන්න පත්‍රිකා ගොන්නක් මට ලැබුනා.මම Unicode සිංහල අකුරු වලට මාරු වුනා. Symbol වලට ගිහින් අකුරු හොය හොයා කොට කොට හිටපු මම key board එකේ දඩි බිඩි ගාලා type කරන්න පටන් ගත්තා.

Blog එකට මට පාර කිව්වේ වමිල ලියනගේ blogs - අන්තර්ජාලයේ ඔබේ ඉඩ.

මම පලමුව WWW.blogs.sinhalabloggers.com අඩවියට පිවිසිලා කියවා කියවා ටික කාලයක් හිටියා.පරිගණක පිලිබද කිසිම පාඨමාලවක් විධිමත්ව ඉගණගෙන නැති මට පරිගණක සාක්ෂරතාවය ඉගන ගන්න උනේ ගෙදර වාහනෙන් .driving ඉගන ගන්නවා වගේ.
blog එකක් හදා ගන්නත් නඩත්තු කරන්නත් බැහැ. දන්න කෙනෙකුට වදින්න ඕනී. එහෙම කරලා තමයි ජුලි මාසේ මේ දවස් වන කොට මීදුම හදා ගත්තේ. පිටුව හදලා දුන්න එක්කෙනා මුලින්ම ගුරු මුෂ්ඨිය තියාගෙන තමයි පිටුව හදලා දුන්නේ.

මම විවේකයක් ලැබුනම word document එකක type කරලා තියාගෙන දවස් දෙක තුනක් ගුරුවරයාට වදිනවා. අන්තිමේදි ගුරුවරයා මගේ වදේට මීදුමට මගේ මනස්ගාතය එකතු කරනවා. කාලය කොතරම් නපුරුද ?.මම හිතනවා.

මගේ ජීවිතය ගෙවෙන්නේ බකමූනාගේ අවධියේ. අයිතිවාසිකම් තියෙන්නේ “හ්ම්’ කියන්න විතරයි. මගේ ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාරයට මම “හ්ම්’ කියනවා.profile එක දැක්කම හිතා ගන්න පුළුවන්නේ.

ටික දවසක් යන විට මට නිදහසේ කටයුතු කරන්න පුරුදුවුනා. මම පිටුවේ හැඩ රුව වෙනස් කර ගත්තා. පුංචි අඩුවකට තියෙන්නේ මගේ connection එක slt dialup එකක් වීම. මම තාමත් බර කරත්ත යුගයේ. හද්දා පිටිසර ඉන්න මට ADSL නෑ.

රට වටේ ඇවිදින කොට පරිසරයේ පින්තූර අරගෙන එන එක මගේ පුරුද්දක් ඒත් ඒවා බෙදා ගන්න මේ බර කරත්තයෙන් බෑ.
මීදුමත් එක්ක ඉන්න පුංවි එවුන් ගේ දැනීම නම් පුංචි නෑ. ඒගොල්ලත් එක්ක මම දැනුමෙන් නම් පුංචි එකෙක්. මම ඒ ගොල්ලා කියවලා ඉගන ගන්නවා.මගේ විවේකයත් දැන් ගෙවිලා යන්නේ යම් සතුටකින්. spider solitaire එකට ගෙවුන කාලය මොකක් හෝ සිද්ධියක් වියමන් කරන්න වෙන් වෙලා. නැත්නම් වියමන් කියවන්න යොමුවෙලා. ඒකත් සිම්පල් ප්ලෑන් එකක්.

අපි මීදුමත් එක්ක අළුත් අවුරුද්දක් පටන් ගනිමු. කියවන්න ... වැදගත් ලෙස විචාරවත් වෙන්න.මම ආරධනා කරනවා.

5 comments:

පොතේ ගුරා said...

ඔබතුමා ගන්න පින්තූර අපිට බලන්න නොලැබෙන එක නම් ලොකු පාඩුවක්..ඇත්තටම SBU එක කියන්නෙ දැනුම සාගරයක්..අපිත් එක්ක දිගටම ඉදියි කියල බලාපොරොත්තු වෙනව..ජය!

Unknown said...

මීදුමේ හරවත් ලිපිත් සමග නිතරම ඔබව මුනගැසීමේ බලාපොරොත්තුවෙන් . . . දිගු බ්ලොග් ගමනකට ආශීර්වාද පතමි . . . !

Chrishi said...

දැනුමත් එක්ක මින් ඉදිරියට වඩාත් හොඳ ලිපි ලියන්න ලැබේවායි කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා !!

Anju said...

හොඳින් ලිවීම කරගෙන යන්න සුභ පැතුම්..!!!

said...

ඊලඟ වසරට මගෙනුත් සුභ පැතුම්