පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, July 17, 2009

මතට තිත සහ කොත්තමල්ලි බීම.

බොහෝම කාලෙකට ඉස්සෙල්ලා මම මත ගැන මතකයක් වියමන් කලා.නීතී විරෝධී මත්පැන් නිෂ්පාදන දිනපතා පාවිච්චි කරන ප්‍රජාවකගේ මරණ කිහිපයක් සිද්ධ වෙමින් තිබියදී.වියමන් කරන්නෝ අදහස්ද comments දක්වලාත් තිබුනා.

මතට තිත තබන හදිස්සියක් 2007අය වැය යෝජනා වලින් පස්සේ රටේ තිබුනා. 2008 අය වැය ආවට පස්සේ ඒ උනන්දුව තිතට බැස්සා.2007-2008 අතර කාලය සුරාබදු නිලධාරීන්ගේ තදියම් වැටලිම් දිනපතාම වාර්තා වුනා. 2008 පස්සේ ප්‍රවෘත්ති පත්‍ර වල ඒකට ඉඩක් තිබුනේ නෑ. ප්‍රභාකරන් ප්‍රවෘත්ති මව මවා දුන්නා. පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් ආයේ පරන රටාවට හුරුවුනා.මෑන් ගියාට පස්සේ ආයෙත් මතට තිත තියන්න පටන් ගත්තා වගෙයි.මේ වැඩ පිලිවෙල මම දකින්නේ නම් සෝඩා බෝතලේ කැඩුවා වගෙයිකියලා.සූස් ගාලා සෝබනේ විතරයි.

ප්‍රදේශයේ පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් වැටලීම් කරන්න අවශ්‍යම නැහැ.සියළු නිෂ්පාදකයන්ගේ,බෙදාහරින්නන්ගේ සහ ලොකු පොඩි අලවි කරන්නන්ගේ පැටිකිරිය මේ දෙගොල්ලා ගාවම තියෙනවා.අළුතින් පත්වෙන නිලධාරින් වැඩ බාර ගන්නා ගමන්ම මේ අයගේ සජීවී ලිපි ගොනුත් බාරගන්නවා.ලගට එන්න කියලා මේ අයට නීතිය මාසිකවම අකුරටම ක්‍රියාත්මක කරවනවා.මාසිකව දඩ මුදල් නිල නොවන අන්දමින් පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් වෙන වෙනම ගෙවන්න ඕනී. ත්‍රෛමාසිකව අධිකරණයට දඩ මුදල් ගෙවන්න සිද්ධ වනවා වැටලීමක් සිද්ධ වෙලා නඩු වැටීමෙන්.හැබැයි ඒ මාසෙත් නිල නොවන දඩේ නම් ගෙවන්න ඕනි. මේක නිරන්තරයෙන්ම ක්‍රි යාත්මක වන ක්‍රියා දාමයක්.මේ දෙගොල්ලෝ ගහට පොත්ත වගේ.

බලපත්‍රලාභි බීමහල් වලටත් නොබොන අයගේ සදාචාරාත්මක අයිතිය ආරක්ෂාර වෙන නීති රීති මාලාවක් තියෙනවා. බොන අයගේත් යහපත ගැන හිතාගෙන සකස් කරපු නීතිත් තියෙනවා.මේවායේ පාලනාධිකාරි බලය පැවරෙන්නේ සුරා බදු නිලධාරීන්ට. සෑම බීම හලකම මිලදී ගැනීම් අලවි කිරීම් සහ ප්‍රමිතිය මාසිකව නිරන්තරයෙන් විගනනය කරනවා. මේකත් හරියට සෙල්ලම් කඩේ විගනනය කරන්නා වාගේ වැඩක් .මාසිකව එන නිලදාරියාට බීමහලේ අලවිය අනුව ගෙවිය යුතු ගාස්තුවක් තියෙනවා . රුපියල් 1500/= සිට ඉහලට වාගේ .ඒක ගෙවන්න ඕනී වැටුප වගේ. එහෙම ගෙවන්නේ නැත්නම් තොග පොත් පත් වල අඩුවෙන් තොග ගබඩා වෙලා .වැඩියෙන් ගබඩා වෙලා වැනි අඩුපාඩු, සහ සුරා බදු නීති පොතේ තියෙන ඒවයින් මොකක් හරි පෙන්නල දෙපාර්තමේන්තුවට ගෙවන්න දඩයක් නියම කරනවා.කොහොම වැටුප් ගෙව්වත් මාස හතරක් පහකට සැරයක් දෙපාර්තමේන්තුවටත් දඩයක් ගෙවන්න අඩුපාඩුවක් ලියනවා. නැත්නම් දෙපාර්තමේන්තුව හිතනවනේ නියමෙට රාජකාරිය කෙරෙන්නේ නෑ කියලා.

ඔය වගේ ක්‍රියා දාමයෙකුයි සුරාව සමග බැදුන නීතියේ ක්‍රියාත්මක පැත්තේ තියෙන්නේ.මතට තිත තියන එකත් යුද්දේ වගේ ඉවර කරන්න ඕනි නම් මේ දෙගොල්ලන්ගෙන් නීතිය ක්‍රියාත්මක කිරීම තෙවෙනි පාර්ශවයකට අරන් දෙන්න ඕනී. නැත්නම් හෙම්බිරිස්සාවට කොත්තමල්ලි බොනවා වගෙයි. ආයෙත් හැදෙන්න පුළුවන්.

2 comments:

Indranama said...

මම දන්න තරමින් දැන් තත්ත්වය ඉස්සරට වඩා වෙනස්.
මොකද දැන් කසිප්පු වැටලීම් කරන්නේ ඉස්සර වගේ පගා ගහන පොලීසිය වත් සුරාබදු නිලධාරීන්වත් නෙමේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF). එයාලත් එක්ක ඔය සෙල්ලම් බෑ.

පාතාල නායකයන් ආරක්ෂාව පතා රට හැරයන තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ පාතාලය සුද්ධ කිරීමත් STF එකට බාර දීපු නිසා කියලයි කියවෙන්නේ. මොකද හමුදාව සල්ලි වලටවත්, දේශපාලන හිතවත්කම් වලටවත් ගන්න අමාරුයිනේ.

Admin said...

අපේ පැත්තේත් හෝ ගාල කසිප්පු අල්ලනවා. විකුනන තැනක් හොයා ගන්නත් නැහැ හැබැයි කට්ටිය ගානට බීලා නම් ඉන්නවා