Friday, July 10, 2009

දුකාගේ ලිංගික අධ්‍යාපනය පිලිබද අදහස.

"පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . . . !" මේ පුවත ඔස්සේ ජූලි 5 වෙනි ඉරිදා දුකා කල වියමනේ ලිංගික අධ්‍යාපනය පිලිබද අදහසක් වියමන් කරලා තිබුනා.දුකාගේ අදහස “2. ඉතාම පුංචි කාලයේ පටන් (සමහර විට පළමු වසරේ සිට ) දරුවන්ට ලිංගික අධ්යා පනයක් ලබා දිය යුතු වෙනවා” මෙහෙමයි. මීදුම මේ අදහසට කැමතිම නැහැ..

මේ විෂයය දරා ගත හැකි මට්ටමක මේ දරුවන්ගේ මනස අවුරුදු හයක් වන විට වැඩී නැහැ.පහ හය වසර වසරවල ඉන්නේ අවුරුදු 11,12 දරුවෝ. ලිංගික කරුණු පිලිබද යම් අවබෝධයක් ලබා දිය යුතු වයස් කාණ්ඩය අවුරුදු 14 වත් ඉක්ම වෙන්න ඕනී කියලයි මීදුම හිතන්නේ.
1995 වසරේ පටන් පංති මට්ටමේදී ලිංගික සෞඛ්‍ය අධ්‍යානපන වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා.
වයස අවුරුදු 10 -14 යොවුන් වියේ මුල් අවධියයි.අවුරුදු 15 -19 මැද අවධිය ලෙස සලකන්න පුළුවන් අවුරුදු 15,16 වන විට තමයි ගැහැනූ පිරිමි දෙපාර්ශවයේම ශාරීරික වෙනස් කම් ඇති වන්නට පටන් ගන්නේ.එයා දැන් ලොකු ලමයෙක් ,ලමිස්සී,ඉලන්දාරියා නහඹුවා නෑම්බි, ගැටයා, ගැටිස්සී ලෙසින් අපි හදුන්වන්න පටන් ගන්නේ ඔය කාලේදී. ඉතින් අවුරුදු 12.13 වන විට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබදව යොමුවිම ප්‍රමානවත් කියලයි මීදුම හිතන්නේ . ඒ කාලේ වන විට දරුවා හතවසරේ නැත්නම් අට වසරේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍රහයෙන් ජාතික අධ්‍යාපන ආයාතනයේ ජනගහන හා පවුල් ජීවිත (ප්‍රජනක සෞඛ්‍ය ) අධ්‍යාපන ව්‍යාපෘතිය මගින් ප්‍රකාශිත “ “අසමු දැන ගනිමු - සුවෙන් සිටිමු” සහ “උදාවු යෞවනය” කියලා පොත් දෙකක් ‍නොමිලේ හත වසරේ සිට සිසුන්ගේ ප්‍රයෝජනයට ලබා දීලා තිබෙනවා.මේ පොත් වල අන්තර්ගතය තුල දරුවන් ගේ සිරුරේ වෙනස් වීමේ සිට කාන්තාවන් ගේ ආර්තවතාවය . පියයුරු , කන්‍යා පටලය යොවුන් වියේ ගැබ් ගැනීම,ලිංගික අතවර වලින් ආරක්ෂා වීම , පිරිමි දරුවන්ගේ ස්වයං වින්දනය සහ ස්වප්න මෝචනය.ආදී ලිංගික සෞඛය කරුණු සාකච්ඡාවනවා.

හොදින් කැපෙන පිහියක් මෝඩ ලෙසට පාවිච්චි කලොත් අනතුරු සිද්ධ වෙනවා. ඥානාන්විතව පාවිච්චි කලොත් අවශ්‍ය කාරනා නිවරදි ලෙස ඉටු කරගන්න පුළුවන්.ලිංගික අධ්‍යාපනය ඉගන ගන්නා දරුවෝත් එය නිවරදි ලෙස අපේ සංස්කෘතික උරුමයන්ට අනුව භාවිතා කලොත් දෙමව්පියන්ගේත් දරුවන්ගේ අනාගතයටත් යහපත් වෙනවා.ප්‍රජනනය පිළිබද මේ දැනුවත් භාවය සීමා කඩයිම් වලින් බැහැරට භාවිතා කර අනාගතයට ප්‍රශ්න හදා ගන්නා නාගරික මෙන්ම ගම්බද දරුවොත් ඉන්නවා.
බිය හිතින් දුරු කරගන ක්‍රම සහ විධි භාවිතාවෙන් දෙවිවරු පය ගහන්නත් බිය තැන් වල මේ මෝඩයෝ කරනම් ගහනවා.

3 comments:

අනූ said...

ඔබේ කරුණු වලට මම එකඟයි. ඔබ කියන පොත් අද කාලේ පාසල් ළමයින් ඇත්තටම ලැබෙන්නෙ නෑ. ඊට වගකියන්න ඕනි පාසල් ගුරුවරු. වර්තමානයේ ලිංගික අධාපනය ලබාදෙන වයස හොඳටෝම ප්‍රමාණවත්. එකම ප්‍රශ්නෙ එය නිවැරදිව ඔවුන්ට ලැබෙන්නෙ නැති වීම. ගොඩක් ගුරුවරු මේ පාඩම මඟඅරිනය එහෙමත් නැත්නම් බාගෙට කරනව.
මගේ පිලිගැනීම නම් ලිංගික අධාපනය දරුවන්ට ලබාදියයුත්තේ වෙන කවුරුවත් නොව දෙමව්පියන්විසින්මයි යන්නයි.‍ මෙය ටිකක් ලැජ්ජා සහගත විය හැකියි නමුත් බුද්ධිමත් අනාගත පරපුරකට නම් සිදුවිය යුත්තේ මෙයයි.

දුකා said...

කුඩාම කාලයේ ලිංගික අධ්‍යාපනයක් ලබා දීම යනුවෙන් මා අදහස් කල කරුනු ගැන මම අලුත් ලිපියකින් ටිකක් විස්තර කලා . . (පහත සදහන් පරිදි )

කුඩාම කාලයේදී අවයව ගැන වැටහීමක් ලබාදී . . ඒවා අම්මා . . අප්පච්චී . . අත්තම්මා . . හැරුනාම වෙන කාට වත් පෙන්වන්න වත් අල්ලන්න දෙන්නවත් දෙන්න එපා කියා දැනුවත් කල යුතුයි . . .

පවුලේ හෝ පිටස්තර කිසිවෙකු දරුවාගේ අවයව ස්පර්ශ කලොත් හෝ ඔහුට / ඇයට වෙන කෙනෙකුගේ අවයව පෙන්වුවොත් හෝ ඔහු / ඇය ලවා ඒවා ස්පර්ශ කෙරෙව්වොත් හැකි ඉක්මනින් දෙමාපියන්ට දැනුම් දෙන්න යැයි කියා දැනුවත් කල යුතුයි . . .

අවුරුඩු 14ක වයසට එනවිට බොහෝවිට අද සමාජයේ දරුදැරියන් රූපවාහිනිය, අන්තර්ජාලය, මිතුරු මිතුරියන්ගෙන් අසා දැන ගත් කරුනු, සමහර හොරෙන් ලබා ගත් වැඩිහිටියන්ට පමනක් සීමාවූ පුවත් පත් බැලීමෙන් හෝ වෙන යම්කිසි ආකාරවලින් නිවැරදි නොවූ දැනුමක් සහිත කොටසක් වීමී අවදානමක් තියෙනවා . . . (මට මුලින්ම එවැනි පුවත්පතක් ලැබුනේ 6 වසරෙදි . . මගේ මිතුරෙක් කීවා ඔහු මුලින්ම එවැනි දෙයක් බැලුවේ 4 වසරෙදි කියලා)

මේ හේතු නිසායි මම කියන්නේ කුඩාම කාලේ පටන් දරුවන්ව දැනුවත් කිරීමක් කල යුතුයි කියලා . . . !

මගේ වැඩිමල් සහෝදරීගේ දරුවන්ට අප එවැනි දැනුවත් බවක් ලබා දුන්නා . . එම දැනුවත් බව නිසා ඔවුන් දෙතුන් විටක් අපචාර වලට ලක්වීමෙන් වලක්වා ගන්න අපට හැකි උනා (ඔවුන්ගේත් අපේත් මිතුරන් බදු ඇසුර නිසා ඔවුන් අපට පැවසූ නිසා අප දන්නවා)

-බිன்ku- said...

මේකයි මීදූම, දූකා කියන්නට ඇත්තේ හුදෙක් ලිංගික අධ්‍යාපනයක් නම් නෙවේ. අපචාර හා අයුතු ප්‍රයෝජනයන් වලින් ගැලවීමට කුඩා කල සිටිම දැනුවත් කල යුතු බවක් කියායි. ‍විදේශ රටවලද එසේ ක්‍රියා කර ඇති අතර නිතීයෙන්ද හා හෞතිකමය පහසුකම් ලබා දී එවැනි අවස්ථා සිට පාසැල් යන දරුවෙකුට හිරිහැර ( ලිංගික වේවා ශාරිරක වේවා ) කරන තැත් කිරිමේදී වැලැක්වීමේ ක්‍රමවේද සකස් කර තිබෙනවා.

( අද අප රට පියවරුන්ද එසේ පාපතර ක්‍රියා කරන කල ගත යුත්තේ ඒ දැරියගේ ආරකෂාවද නැතහොත් දෙමව්පියන්ට කීකරු වන හා අගරු නොකරන සිරිතද? )

අපේ රටේ ලිංගික අධ්‍යාපනයත් ප්‍රකට තැන්වලදී ලිංගික හැසිරිම් වලත් තත්වය ගෝචනීයයි. මට එය අවබෝධ වුවෙත් විදේශ ගත වී මාස කිහිපයක් මත්තේයි. මල් වත්තක හෝ සිනමා ශාලාවක ( විශේෂයෙන් බැලකිනිය) සිදු වන ක්‍රියා බලන්න. සිප ගැනිම් කෙසේ වෙනත් ඊට වඩා අනන්තයට ක්‍රියා දැකිය හැකි වෙනු ඇති. නමුත් ‍බටහිර රටවල එවැනි තත්ව බහුලව නොවීමත් ( නමුත් වෙනකාරයෙන් හෝ අප රටවලට වඩා ආදරයේදී ලිංගත්වයට යොමු වන ඇත්ත) එක් වීමේදී නිසි ක්‍රමවේද ( උපත් පාලන හා වෛද්‍ය උපදෙස්) අනුගමන කරන්නේ මන්ද? ලිංගික අධ්‍යාපනය යනු ප්‍රජනන ක්‍රියාවලියත් උපත් පාලන ක්‍රිම අරක වගේ ක්‍රියා හඳුන්වා දීමත් ප්‍රමාණවත් නොවෙයි, අපේ සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් හැසිරිය යුතු ආකාරයද ක්‍රියා දිය යුතු වෙයි. ( නමුත් ගුරුවරුන් හා දෙමව්පියන් ඒ පාඩම් මඟ හරින කල කුමන කතාද )