පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, June 30, 2009

අලියා නොනැගිටින්නම වැටී ඇත්ද ?.

අලියා නොනැගිටින්නම වැටී ඇත්ද ?. එසේ සිතනවා නම් එය වැරදිය. ශ්‍රීලනිපයේ ලේකම් වරයාට අනුව අලියා සියදිවි නසා ගෙනය. නැත්නම් සියදිවි නසාගැනීමට සූදානමින් සිටියි. පුරසාරම් දොඩන ඇත්තෝ 1977 දී ඇතිවු ධාර්මිෂ්ඨ සමාජයේ උදාව සිහිපත් කරන්නේ නම් මැනවිය. බින්දුවට බැස තිබු එජාපය නැගිට්ට වන්න JR 1970 පරාජයේ සිටම වැඩ කලේය. නරක ආදර්ශ ඇතිව වුවද පාසල් සිසුන්ගේ සිට විවිධ තරාතිරමේ ජනතාව හට දේශපාලන සටන් පාඨ , දේශපාලන බලාපොරොත්තු ලබා දෙමින් එජාපයට ජීවය ලබා දී 1977 වන විට 2/3 ක බලයක සිටි රජයක් අතු ගා දමන්නට සමත් විය.

අදත් තනි දේශපාලන පක්ෂ යක් ලෙස වැඩිම චන්දදායකයයින් පිරිසක් බුක්තියේ සිටින එකම දේශපාලන පක්ෂය එජාපය මිස වෙනත් පක්ෂයක් නැත. අද එජාපයට සිදුව ඇත්තේ නව JR කෙනෙකු නැතිවීමය. 1970 JRගේ දේශපාලන උපක්‍රම වර්තමානයේ ආදේශ කිරීමෙන් දණ ගාන්නවත් නොහැකිය. වලං බිදින කොට හෝන් ගහන කොට ජනතාවට හිනා යන්නේ ඒ නිසාය.

රනිල්ට නායකත්වනය අතහැර යා නොහැක. එතුමන් කෙරෙහි එජාපය බිම් මට්ටමේ සාමාජිකත්වකයේ විශ්වාසය ඇතැත් ජයග්‍රහණය උදෙසා ලං කරගත යුතු සාමාජික නොවන ජනතාවගේ විශ්වාසය නැත. එම විශ්වාසය සදාකාලිකවම එතුමාට නම් දිනා ගත නොහැක.මොනවා උනත් පක්ෂයට පමනක් කතිරය ගහන පිරිසගෙන් පාලක බලය ලබා ගත නොහැක. බලය ලබා ගැණිමට නම් මොන පක්ෂයකට වත් නැති අයගේ ඡන්ද ලබා ගත යුතුය.
මෙතෙක් කලක් මොන පක්ෂයකට වත් නැති අයගේ ඡන්ද ලබා ගැණිම සදහා වැඩ සටහනක් එජාපයට තිබුනේ නැත. මොන පක්ෂයකට වත් නැති අය බලයට පත් කරන පක්ෂයෙන් රැකී රක්ෂා . නිලතල , රට බීම බලපත්‍රල,මාර්ග බලපත්‍ර ආදී කී නොකී වරදාන බලාපොරොත්තුව ඡන්දය දෙන්නේ නැත. ඔවුන් ගේ එකම බලාපොරොත්තුව යහපත් සමාජයක් රට තුල ස්ථාපනයවීමය. යහපත් සමාජයක් ස්ථාපනය කරන බවට ඉගියක්වත් කිරීමට තප්පුල්ලන එජාපයේ නායක කාරකාදීන්ට මෙතෙක් හැකිවුනේ නැත.

JR 1970 දී මුලින්ම කලේ ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකරන අන්දම ගම් මට්ටමේ සිට තහවුරු කිරීමේ ප්‍රචාරක ව්‍යාපෟතියක් දියත් කිරීමය. 1977 වන විට ඇට අටක් ද එකතු කරගත් ඔහු සමාජයේ සියළු මට්ටම් අමතමින් ජයග්‍රහණයේ අවසන් අදියර දක්වා ජනතාව කැදවා ගත්තේය. ධාර්මිෂ්ඨ සමාජය බිහිවිය.

ඒ හපන් කම අදත් කරන්නට හැකි වුනත් ජනතාව ගමන් ගන්නා අත තේරුම් නොගෙන ජනතාව තමන් යන අතට කැදවා ගෙන යාමට දරන උත්සහාය තුල මොන පක්ෂයකට වත් නැති අයගේ ඡන්ද ලබා ගැණිමට එජාපය දරන උත්සහාය සාර්ථක වන්නේ නැත.
එයට පිළියම් යෙදිය හැකි කවරෙකු හෝ නායකත්වයයට පත්වු දාට අලියා කෙලින් සිටුවීම සරල කාරණයක් වනු ඇත. ඔන්න බබෝ බිල්ලෝ එනෝ යන කියමන් වලට මුලා වන්නේ නැතිව එජාපය නියම ලෙසින් වැඩට බැස්සොත් ශ්‍රීලනිපයේ ලේකම් වරයාට දුවන්න පාරක් වත් සොයා ගත නොහැකි වනු ඇත. ඒත් කාල සටහන දිග හැරෙන විදියට නම් දැන් හොදටම පරක්කුය.

2 comments:

Unknown said...

relay what do-you telling ??????????

Chamara said...

කතාව නම් ඇත්තය. මැතිනි සිරිමාවෝ හාල් පොලු ම්රිස් පොලු ආදිය තිබ්බේද රා ස්වංපෝෂිත කිරීමට‍ය.ඒත් අන්තිමේ බඩගින්න දරන්න බැරි වූ නිසා මිනිසුන් ජේ ආර්ට කතිරය ගැහුවේය. ‍ජේ.ආර් තරම් කපටි ලෝතෝත්තරයෙතු තවත් නැතිය. වරක් ස්ත්‍රි දූෂනයත් කර සිර දඩුවම් විදින්න වු අපරාධකරුවකු ජනාධිපති සමාව දී නිදහස් කිරිම පවා කලේය. රනිල් මොනවා කීවද දැන් ඒ සියල්ල ජෝක් බවට පත්වි ඇත්තේ ඔවුන්ගේ ‍කට වල් නිසා‍මයග මහින්ද මහතා ලාංකිකයන්ගේ බොලද ආසාවල් වලට ගැලපෙන අන්දමින් කතා පවත්වන්නටත් හැගිම් අවුස්සා බොරු ජාති වාත්සල්‍යයක් ගොඩ නැංවීමටත් නියමෙට දන්නේය. ගිය තැන වැඩේ ගොඩ දා ගන්නට මහින්ද දන්නේය. ඒත් රනිල් ඒවා දන්නේ නැත. රටේ මිනිසුන්ගේ පැතුම් දන්නේ නැත. දන්නේ නම් ඒවා පාවිච්චි නොකරන්නේ ඇයි? මහින්ද මහතා ලංකාව දණ නමා සිබිම කොතරම් නම් අහිසංක මිනිසුන්ගේ සිත් තුලට කා වැදිනිද? ඒවා රනිල් දන්නේ නැත. ජේ.ආර් සිටියානම් දන්නේය. කෙසේ වෙතත් රනිල්ට නම් මේ කපේ ජනාධිපති විය නොහැකි බව නම් පෙනේ.