පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, June 30, 2009

අලියා නොනැගිටින්නම වැටී ඇත්ද ?.

අලියා නොනැගිටින්නම වැටී ඇත්ද ?. එසේ සිතනවා නම් එය වැරදිය. ශ්‍රීලනිපයේ ලේකම් වරයාට අනුව අලියා සියදිවි නසා ගෙනය. නැත්නම් සියදිවි නසාගැනීමට සූදානමින් සිටියි. පුරසාරම් දොඩන ඇත්තෝ 1977 දී ඇතිවු ධාර්මිෂ්ඨ සමාජයේ උදාව සිහිපත් කරන්නේ නම් මැනවිය. බින්දුවට බැස තිබු එජාපය නැගිට්ට වන්න JR 1970 පරාජයේ සිටම වැඩ කලේය. නරක ආදර්ශ ඇතිව වුවද පාසල් සිසුන්ගේ සිට විවිධ තරාතිරමේ ජනතාව හට දේශපාලන සටන් පාඨ , දේශපාලන බලාපොරොත්තු ලබා දෙමින් එජාපයට ජීවය ලබා දී 1977 වන විට 2/3 ක බලයක සිටි රජයක් අතු ගා දමන්නට සමත් විය.

අදත් තනි දේශපාලන පක්ෂ යක් ලෙස වැඩිම චන්දදායකයයින් පිරිසක් බුක්තියේ සිටින එකම දේශපාලන පක්ෂය එජාපය මිස වෙනත් පක්ෂයක් නැත. අද එජාපයට සිදුව ඇත්තේ නව JR කෙනෙකු නැතිවීමය. 1970 JRගේ දේශපාලන උපක්‍රම වර්තමානයේ ආදේශ කිරීමෙන් දණ ගාන්නවත් නොහැකිය. වලං බිදින කොට හෝන් ගහන කොට ජනතාවට හිනා යන්නේ ඒ නිසාය.

රනිල්ට නායකත්වනය අතහැර යා නොහැක. එතුමන් කෙරෙහි එජාපය බිම් මට්ටමේ සාමාජිකත්වකයේ විශ්වාසය ඇතැත් ජයග්‍රහණය උදෙසා ලං කරගත යුතු සාමාජික නොවන ජනතාවගේ විශ්වාසය නැත. එම විශ්වාසය සදාකාලිකවම එතුමාට නම් දිනා ගත නොහැක.මොනවා උනත් පක්ෂයට පමනක් කතිරය ගහන පිරිසගෙන් පාලක බලය ලබා ගත නොහැක. බලය ලබා ගැණිමට නම් මොන පක්ෂයකට වත් නැති අයගේ ඡන්ද ලබා ගත යුතුය.
මෙතෙක් කලක් මොන පක්ෂයකට වත් නැති අයගේ ඡන්ද ලබා ගැණිම සදහා වැඩ සටහනක් එජාපයට තිබුනේ නැත. මොන පක්ෂයකට වත් නැති අය බලයට පත් කරන පක්ෂයෙන් රැකී රක්ෂා . නිලතල , රට බීම බලපත්‍රල,මාර්ග බලපත්‍ර ආදී කී නොකී වරදාන බලාපොරොත්තුව ඡන්දය දෙන්නේ නැත. ඔවුන් ගේ එකම බලාපොරොත්තුව යහපත් සමාජයක් රට තුල ස්ථාපනයවීමය. යහපත් සමාජයක් ස්ථාපනය කරන බවට ඉගියක්වත් කිරීමට තප්පුල්ලන එජාපයේ නායක කාරකාදීන්ට මෙතෙක් හැකිවුනේ නැත.

JR 1970 දී මුලින්ම කලේ ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකරන අන්දම ගම් මට්ටමේ සිට තහවුරු කිරීමේ ප්‍රචාරක ව්‍යාපෟතියක් දියත් කිරීමය. 1977 වන විට ඇට අටක් ද එකතු කරගත් ඔහු සමාජයේ සියළු මට්ටම් අමතමින් ජයග්‍රහණයේ අවසන් අදියර දක්වා ජනතාව කැදවා ගත්තේය. ධාර්මිෂ්ඨ සමාජය බිහිවිය.

ඒ හපන් කම අදත් කරන්නට හැකි වුනත් ජනතාව ගමන් ගන්නා අත තේරුම් නොගෙන ජනතාව තමන් යන අතට කැදවා ගෙන යාමට දරන උත්සහාය තුල මොන පක්ෂයකට වත් නැති අයගේ ඡන්ද ලබා ගැණිමට එජාපය දරන උත්සහාය සාර්ථක වන්නේ නැත.
එයට පිළියම් යෙදිය හැකි කවරෙකු හෝ නායකත්වයයට පත්වු දාට අලියා කෙලින් සිටුවීම සරල කාරණයක් වනු ඇත. ඔන්න බබෝ බිල්ලෝ එනෝ යන කියමන් වලට මුලා වන්නේ නැතිව එජාපය නියම ලෙසින් වැඩට බැස්සොත් ශ්‍රීලනිපයේ ලේකම් වරයාට දුවන්න පාරක් වත් සොයා ගත නොහැකි වනු ඇත. ඒත් කාල සටහන දිග හැරෙන විදියට නම් දැන් හොදටම පරක්කුය.

Monday, June 22, 2009

සංකීර්න ප්ලෑන් එකක්.

අද බාලයින්ට නොයෙක් පූර්වාදර්ශ සිහිපත්වනවා . සිහිපත්වූවාට ක්‍රියාත්මක කරන්න ගියොත් සිද්ධවන්නේ ඒවා සිද්ධ කල පූර්වාචාරීන්ට සිද්ධවුන වින්නහැයියම තමන්ටත් අත්වෙන එකයි.තමන් ගැනම සිතූ ‘ධාර්මිෂ්ඨර්’ ඡන්ද සිතියම අකුලා දැම්මා.ඒ වකවානුවේ අසල්වැසි රටවලත් පාලකයෝ වෙලා හිටියේ සමාන මානසිකත්වයක් තිබුන අය.සියා උල් හක් සුල්පිකාර් අලිගේ බෙල්ලට තොන්ඩුව දමන කොට මෙහේ සිරිමාවෝගේ කකුලට ලොකු යකඩ බෝලයක් දමලා බැදලා දැම්මා. ඒවයින් ඇති වුන දේශපාලන මානසික පීඩනය තවමත් මේ හැම රටකම නිට්ඨාවට සුවපත් වෙලා නෑ. විවිධ රෝග ස්වරූපයෙන් යලි යලි මතු වෙනවා.

අපිට උරුම වෙලා තියෙන්නේ නියමිත කාලෙට ඡන්දේ පාවිච්චි කරන්න විතරයි. ජනතා පරමාධිපත්‍යය ජනතාව අතේ රැදී තියෙන්නේ සීමිත මොහොතයි. ඒ ජනතාව චන්දේ පාවිච්චි කරනකන් විතරයි.ඊට පස්සේ පරමාධිපත්‍යයයේ උරුමක්කරුවා වෙන්නේ චන්දෙන් දිනන නියෝජිතයායි. මේ උරුමක්කාරයා එතැන් සිට ජනතාවගේ කරුමක්කාරයා වෙනවා.ජනතාව වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා.
දඹුල්ලේ පැත්තේ මේ දවස්වල තදට පායනවා වෙන්න ඇති රස්නේ වැඩි උනාම පිස්සු තද වෙනවා. ප්‍රාදේශීය සභාවක යෝජනාවක් ගෙනාවා කියලා ඒ පැත්තෙම ඇමති කෙනෙක් කියනවා.ඡන්දේ ජනමත විචාරනයක් වී මහින්ද මහත්තයට අවුරුදු 12ක පාලන සමයක් නිර්මානය කරලා දෙන්න ඕනෑ කියලා .ජනාධිපතිවරනයක් තිබ්බත් වෙන්නේත් ඒකම තමයි.ඒත් ලිහන්න තියෙන මල්ල ඔබා බලන්නේ නැතිව ලිහලාම බලමුකෝ. වෙනසක් නෑනේ.නිකම් මඩ ගාගන්න ඕනීත් නැහැනේ. මතකද පරන කතාවක් තියෙනවා රජෙකුට හිටිය විශ්වාසවන්ත වදුරෙක් ගැන . මැස්සෙක් රජතුමාගේ බෙල්ලේ වහපුවහම කඩුව අරන් මැස්සව එක කඩු පාරින් මරලා දාපු. ඇමති තුමාත් ඒ චරිතය රගපානවා වගෙයි.

ආණ්ඩුව මාධ්‍ය. ප්‍රකාශ කරමින් අනේ අපිට එහෙම අදහසක් ඇත්තේම නෑ. තිබුනේමත් නෑ කියනවා.කලින්ම ඔය වගේ මෝඩ අදහස් කියන ඇත්තතන්ට ප්‍රතිකාර කලා නම් තමයි හොද.එතකොට නිකම්ම මඩ නාගන්න වෙන්නේ නැ.
ජනාධිපතිතුමා කිව්වා දැන් රටේ සිටිය යුත්තේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝ හීන් යන කොටස් දෙක පමනයි කියලා. ඇත්ත .............. මේ කොටස් දෙක වෙන් කරන්න නිර්නායකයින් කොතෙක් තියෙනවද ?.එජාපය නිර්වචනය කරන විදිහට නෙමෙයි. ශ්‍රීලනිපය නිර්වචනය කරන්නේ.ජවිපෙය නිර්වචනය කරන විදියට නෙමෙයි ද්‍රවිඩ සන්ධානය නිර්වචනය කරන්නේ මේ හැම කෙනාම වෙන් වෙන්ව ජීවත්වන්නේ වෙන වෙන රටවල් වල.ඒ රටේ නායකයා තමන් කියලා හිතා ගෙන. තමන් හැර අනෙක් සියල්ලෝම දේශද්‍රෝහීන්.
දඹුල්ලේ ඇමති තුමාට සැකයක් ඇතිවෙලා වගෙයි මේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝ හීන් යන කොටස් දෙක ගැන. සිංහල චන්ද වගේම අනෙක් ජාතීන්ගේ චන්ද දිනා ගත්ත දවසට ඇමතිතුමාට පුළුවන් එතුමාගේ දේශප්‍රේමීන්ගේ ගොඩ වැඩි කරගන්න. තවමත් එහෙම වෙලා නෑ.
උතුරේ ,වතුකරේ සහ නැගණහිර අපි හිතන නිර්ණායක තුල ජීවත්වන දේශප්‍රේමීන් සහ දේශද්‍රෝ හීන් නැහැ.උතුරේ සහ නැගණහිර ඔවුන්ට අහිමිවු දේපල, දූ දරුවෝ, අඹු දරුවෝ නෑ හිතවතුන් අහිමිවුනේ සිංහල හමුදාවක් සමග ද්‍රවිඩ හමුදාවක් කල සටනකින්.අපි ත්‍රස්තවාදය ලෙස හදුන්වතත් ඔවුන් LTTEය හදුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙස නොවන්න පුළුවන් .අපිට මේ විරසක බව සමනයකට පත් කරගන්න වෙනවා.
ගියවර ජනාධිපතිවරණයේදී ප්‍රභාකරන් චන්දය පාවිච්චි කරන එක වැලක්වු නිසා ඇමති තුමාගේ දේශප්‍රේමීන් යාන්තමින් ජයග්‍රහණය කලා . ස්වාධීනව ද්‍රවිඩ ජනතාව චන්දය පාවිච්චි කලා නම් රනිල්ගේ දේශප්‍රේමීන් දිනනවා. අදත් මේ වෙනස සමනය වෙලා නෑ.මැතිවරන ඉතිහාසය විග්‍රහ කලොත් සිංහල ජනමතයට එරෙහිවු ගමනක නිරත වෙලා තියෙනවා ද්‍රවිඩ ජනමතය.
ඒ බයට ඇමතිතුමාට ලාම්පු කලගෙඩි හීනෙන් පේනවද ?.

Sunday, June 07, 2009

ජනතා අපේක්‍ෂාවත් ඒකමයි.

රටේ දු දරුවන්ගේ තාත්තා රණවිරු උපහාර උලෙළදී ජාතිය අමතා කළ කතාව නම් බොහෝම හැගීම් බරයි. කතාවක් නොවී අපට ආවේනික දේශීය නිෂ්පාදනයකින් ජාතික ප්‍රශ්නයට විසදුමක් හොයාගන්නා ප්‍ර තිඥාව නම් යථාර්තයක් වෙන්න ඕනී.ජාතික ප්‍රශ්නය කියන්නේ උතුරේ නැගණහිර තිබුන ත්‍රස්තවාදය විතරක් නෙමෙයි. ත්‍රස්තවාදයේම අංග තමයි රාජ්‍ය දූෂණය, නාස්තිය,මේවත් මුලින් උපුටා දාන්න ඕනී.විදේශීය මූල්‍ය ආයාතන වලින් අයවැය පරතෙරය පියවගන්න බලා ඉන්නේ නැතිව දේශීය නිෂ්පාදනය ඉහල දාගෙන ,නාස්තිය බින්දුවට බස්සා ගත්තොත් මේ වැඩ කජ්ජක් නෙමෙයි.දැන් යුද්ධයට ගිය නාස්තිය සංවර්ධණයට පොම්ප කරන්න පුළුවන්නේ.
වර්තමාන පාලනය ගැන විශ්වාසයක් තියා ගෙන ඉන්න ජනතාව යුද්දේ ගැන හිතුවා වගේ ඉවසීමෙන් කටයුතු කරයි. නැත්නම් වෙන්නේ ජනතා සිතුම් පැතුම් ආයාලේ ගිහින් විකල්ප නායකයෝ ගැන සිතිවිලි ඇතිකර ගන්න එකයි. රට ආයාලේ යන එකයි. බඩ ගැන ගැන හිතන රට ගැන නොහිතන ලොකු ලොක්කෝ ආදර්ශයට ගන්න ඕනී අපේ රණවිරුවෝ. අතිකාල නොතිබුන පැය අටේ සේවා මුරයක් නොතිබුන කෑම පැයක් නොතිබුන අයිස් ගැහිල්ලක් නොතිබුනු රණවිරුවෝ ඇස් ඉස් මස් දන් දීලා ජීවිත පූජා කරලා අපට රටක් ඉතිරි කලා, නම් ඇයි බඩ ගිනි රජයේ සේවක හමුදාවට බැරි පැය අට හරියට වැඩ කරන්න.
පාසල් වල නිවරදි කාල සටහනට අධ්‍යයන වසර තුල ඉගැන්වීමේ කටයුතු නිසි අයුරින් කලොත් දරුවන්ට ටියුෂන් ඕනිද ?. පංතියේ බාගයක් උගන්වන ගුරුවරයා හවස ටියුෂන්. ටියුෂන් පංතියට නොගියොත් විෂය නිර්දේශය සම්පුර්න කරගන්න බැරිව දරුවා අතරමග. දරුවන් ගේ විභාග ,විභාගවල උත්තර පත්‍ර වෘත්තීය ගැටළු විසදා ගන්න දරුවන් ප්‍රාන ඇපේට ගන්නේ අපේ ගුරුවරු. රජයේ කාර්යාලවල මාසේ උපරීම අතිකාල පැය ගනන වැඩට යන සේවක මහත්වරු නෝනාලා කාර්යාල පැය තුල පත්තර සගරා නවකතා කියවමින් කල්මරනවා.පොඩ්ඩ බැරිවෙන්න බෑ වර්ජනය: ඉල්ලීම් දෙනතුරු. ඒත් තමන්ගේ රාජකාරි යුතුකම් ඉටු කරන්න නම් හරිම හොරයි. දේශපාලකයෝ ඇමති කම් , බලතල වරදාන නුදුන්නොත් අයවැය වගේ මර්මස්තානයකදී කරනම් ගහනවා . ඒචත් ත්‍රස්තවාදය තමයි. මේ එකෙක් වත් රට ගැන හිතනවාද.
එක් උදාහරනයක් සටහන් කරන්නම්. සමහර අය නව වගා ව්‍යාපෘති හදන්නේ හිස් වගා ඉඩම් තිබියදී පාරම්පරික වනාන්තර දිහා බලා ගෙන.ඒවා එලිපෙහෙලි කරලා අපනයන බෝග වගා කරන්න.දෙපැත්තෙම්ම ගලන්නේ ජරාව. ගස් කොලන් මොරටුවට යනවා. ඒත් සල්ලි.ව්‍යාපෘතිය පන ගන්වන්නේ ජාතික හෝ විජාතික සමාගම් . කොමිස් ( ජරාව) හැටියට සාක්කුවට .මේ වගේ තව කොච්චර වැඩ වෙනවද ?. ඇමති තනතුරුම ශතකයක් විතර තියෙනවනේ. හැමෝගෙම අධිෂ්ඨාණය මෙහෙම නම් රටක් හැදෙයිද ඉතින් ?.
මේ වගේ වැඩ නතර කරන එකත් මානුෂික මෙහෙයුමක්.
මම හිතන විදියට ඒ මෙහෙයුම පටන් ගන්න ඕනී පාර්ලිමේන්තු මැතිවරණයකින් . මේ දවස්වල ජනමතේට චන්දේ දෙන්නේ මහින්ද මහත්තයට නිසා 2/3 ක පාර්ලිමේන්තුවක් ගැත්තන්ගෙන් නිර්මානය වෙයි. නාමයෝජනා දෙන්න ඉස්සෙල්ලාම දින රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන ලිපි අරගෙන නාස් ලණුව අතේ තියාගන්න ඕනී.ජේ.ආර් මෙතඩ් එකට. ඇමතිකම් සීමා කරගෙන ජරා වැඩ කලොත් පයින් ගහලා එලවන්න ඕනී.එක්කෙනෙක් දෙන්නෙකුට දුන්නම අනිත් අය පාඩමට අරන් නිකම්ම ජාති හිතෛෂින් වෙයි.සංයුතියට ගැටළුචක් නැහැනේ යටින් ඉන්න කෙනා ස්වය ංක්‍රීයව උඩට එනවානේ.ඡන්දේ දුන්නට පස්සේ ජනතාවට බලය නැහැනේ එලවා දාන්න. මේ පවතින ක්‍රමය තුල ජනතාව කරන්නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන එකනේ. පරමාධිපත්‍ය එක මොහොතකදී තනි කතිරෙන් නැති කර ගන්නා ජනතාවක් අපි. ඉතින් හරි මනුස්සයෙක් ජනතා ප්‍රාතර්ථනා නිසි ලෙස හසුරනවට ජනතාව අකමැති වෙන එකක් නෑ.
කාගෙවත් කාබන් කොපියක් නොවී අපේ රට අපේ රටම විය යුතුයි.

Tuesday, June 02, 2009

ආවර්ජනක් සමග ප්‍රාර්ථනයක්.

වසරක් පුරා ගෙත්තම් කල මීදුම පසුගිය මාසය මන්දගාමී ගමනකට පත්වුනා. විවිධ තේමා සොයමින් ගිය මුල් කාලයත් පසු ගිය දීර්ග මාස කිහිපයත් පසුකලේ තත්කාලීන දේශපාලන තේමාවන් ගෙත්තමට මෝස්තර කරගනිමින්. මාවිල් ආරුවෙන් අරඹන ලද මානුෂික මෙහෙයුම අපේ ජීවිත අමුතු ඉසව්වක රිද්මයක් කරා යොමුකරමින් නන්දිකඩාල් කලපුව තෙක් ගමන් කළ රණවිරුවන්ගේ ගමනත් සමග බැදී තිබිණා . ඒ අතර රනිල්ගේ ගමන් මග නෝර්වේ පහසුකම් සපයන්නාගේ පා මුලින් අවසන් වුනා.

පලාත් සභා මැතිවරණ සියල්ලම ජයගත්තේ මානුෂික මෙහෙයුමේ ජනමතය. ජනතාව සියල්ල අමතක කර රට පමනක් පෙරටු කොට ගෙන ගමන් ගත්තා . පෙරමුනේ රාල වුනේ මහින්දයන් . එතුමා ලෙලවමින් ගෙන ගිය ජාතික කොඩියේ පංගුකාරයන් පොතේ න්‍යායට යටවී උඩුගං ගියා. ඹවුන්ට ජන ගග ගලන දෙසට පිහිනන්න දැන් කාලය ඇවිත් .නැත්නම් කැළෑ වදින්න තමයි සිද්ද වෙන්නේ. ඹවුන් හිතන්නේ එකවරම රට යටි උඩුකුරු කරන්න නම් ඒකත් යථා ස්වභාවය තුළ කොමඩියක්.

යුද්ධය ඉවරයි. දුෂණය තාම එතනමයි. සත් භාවයෙන් රාජ්‍ය සේවය කරන, දේශපාලනයේ නියුතු පිරිසක් නිර්මාණය කරගන්නා එක මානුෂික මෙහෙයුමට වඩා අමාරු කට යුත්තක් මේ අම්බරුවන්ගෙන් වැඩි කොටසක් රටට වඩා බඩ ගැන සිතන උදවිය. ටික දෙනෙක් තමයි රට ගැන හිතන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම බලාපොරොත්තුවන්නේ ඇමතිකම් .ඇමති කමක් නැත්නම් සේවයක් කරන්න බෑ කියනවා .අනේ මන්දා රටටද ගෙදරටද ? කියලා.

රෙදි හෝදපු කට්ටිය විතරයි පසුගිය කාලෙම වැඩ කලේ . මේ කට්ටියම ශ්‍රීලනිපයට ආනනය කරපු අය. ශ්‍රීලනිපය තුල වැඩට තියා බුද්ධිමත්ව කතා කරන්න පුළුවන් අය පාර්ලිමේන්තුව තුළ ඉදලා නැහැ. මහින්ද සමරසිංහ, රාජිත,කෙහෙළිය,බන්දුල ගුණවර්ධන,දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංශ වගේ අය විවිධ ඉසව්ව වල ඉදගෙන කරපු කාර්ය භාරය මිළ කරන්න බෑ. අපරාදේ 100 විතර ඇමතිවරු නඩත්තු කරන්නේ. ජනාධිපති තුමයි වැඩ පුළුවන් ඇමතිවරු ටිකයි රටට හොදටම ඇති . අපි චන්දේ දීලා යවලා තියන අයගේ මට්ටම රටටම පේන මේ මොහෙතේ රාජ්‍ය වියදම අඩු කරලා නාස්තියට තිත තියන්න එතනින්ම පටන් ගන්න ඹ්නී.
අල්ලසට හා දුෂණයට දැඩි දඩුවමත්, අල්ලසට හා දුෂණය අඹා යන හමුදාවක් ජනාධිපති තුමාගේ ආරක්‍ෂක අමාත්‍යාං ශය යටතේ පටන් අරන් ලොකු පොඩි සැමටම එක වගේ සැලකුවොත් මාසේ යන කොට රට හරියයි. කෘෂිකර්මාන්තය දියුණුවෙන්න කන්න දෙකයි ඕනී.
ජනතාවගේ මානසික පිබිදීමට පුංචි තල්ලුවකි ඕනී.ඒ තල්ලුව වේගවත් ගමනක් වෙයි ඉබේටම.
රට හැදෙන කොට අපිත් නිකම්ම හැදෙයි.