Tuesday, May 26, 2009

ජයග්‍රහණය පසුතැවිල්ලක්ව.

මීදුම සටහනක් තබන්නට පසුගිය කාලයම උත්සහාකලත් සිතිවිලි කටු සටහන තුලම සටහන්වී අසම්පූර්නව මකා දමන්නට අකාරුණික විය.පෞද්ගලික හේතුවක් නිශ්චිත නැති වුවද ජීවිතය කැළබී ඇති බවක් මනස ආකූල ව්‍යෘකූල වී ඇති බවක් දැනෙන්ට විය. මා වටා ගම් කිහිපයක දූ දරුවෝ සියයකට ආසන්න පිරිසක් හමුදා සේවයට එක්වී ඇත. මින් බොහෝ දෙනෙකුට හමුදාවට බැදීමට පුර්ව සුදුසුකම් සපයා ගැණීමට මට උපකාර කිරීමට සිදුවිය.මින් දහදෙනෙකුන් පමන විටින් විට පසු ගිය අසීරු ආක්‍රමික සමයේ තම ජීවිතය අප වෙනුවෙන් පුද කලාය.මේ විරුවන් මිහිදන්වු සොහොන් බිමේ තනිවු මා හැම විටම වගඋත්තර කරුවෙකුව කදුළු සැළුවාය.ඔවුන්ගේ ජීවිත නිරර්ථක වෑයමක් උදෙසා මිහිදන් වූවාද? යන්න ප්‍රශ්නයක්ව ඉතිරි කර ගත්තාය.
ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවෙන් ජීවිතය අතහැර මිහිතලය සිපගත් පසු යලිත් ජීවිතය මා සොයා එන්නට පටන් ගත් සෙයක් දැනෙමින් පැවතීම යම් ආනන්දයක් විය.
මේ දැන් දකින්නේ තැන තැන කැවුම් කිරිබත් ‍ මහ මග පිසමින් බෙදා හදාගන්නා උද්වේග කර ජනතාවය. මහ මග පා පැදි, ත්‍රී රෝද , වැනි නන් රිය වල නැගී නොතේරෙන නොගැලෙපෙන සටන් පාඨ කියමින් බෙරිසන් දෙමින් යන හූදී ජනයාය. මොවුන් මෙහෙයන වන ගම් වැදි දේශපාලන බට්ටන්ට වීරයන්ව සිහිපත්ව ඇත්තේ මේ මානුෂික මෙහෙයුමේ සැබෑ වීරයන් වු ගමේ සිට හමුදා සේවයට එක්වු ගිනියම්වු අව්ව, ධාරානිපාත වැස්ස නොහදුනන වැලිතලා මඩ වගුරු කලපු පියමන් කල සහෝදර සහෝදරියන් හෝ ඔවුන් රටට ජාතියට දායාද කල මව්වරුන් පියවරුන් නොව ජනාධිපති තුමාය.
අවිවාදයෙන්ම එතුමා අපේ කාලයේ සැබෑ වීරයාය. නියමුවාය. අපේ සිත සතන් යාවජීව ව එතුමන් හැර නොයනු ඇත.
ඒත් ගමේ එකා පලමුව පෙරහැරෙන් ගොස් දන නමස්කාර කලයුත්තේ තවමත් නිවාඩුවක් නොලබා නිවසට නොආ සෙබළ විරුවාගේ මව් වරුන්ටය,පියවරුන්ටය. නැත්නම් බිරින්දැවරුන්ටය. අපේ ජීවිතවලට ආලෝකය ගෙන ඒමට හිරු සදුවු ඔවුන්ව අදම අමතක කර දමත් නම් එය කුමන අකෘතඥකමක්ද ?. සතුට බෙදා ගන්නේ හරයක් නොමැති ප්‍රදර්ශණයකට සහභාගීවී ලකුණු දමා ගැණීමේ වින්තනයෙන්වීම නම් බලවත්ම කනගාටුවකි.
මේ සෙබල විරුවන් බොහෝ දෙනා තරු පන්තියේ දෙමව්පියන්ගේ දූ දරුවෝ නොවෙති. බඩ ගැන දොඩමින් සිටින විට බඩත් රටත් ගැන සිතමින් හමුදාවට බැදුන මේ සත්පුරුෂයන්ගේ අගහිග කම් බොහෝය. හිසට නිසි වහළක් තමන්ට කියා බිම් අගලක් නොමැති මේ විරුවන් හමුදා සේවයේත් නිවසේදීත් ජීවත් වන්නේ බංකර තුළය.ප්රිටති ඝෝෂා කරන කොටස වහා ඒ දෙස හැරී බලන්නේ නම් කෙතරම් සුන්දරද.
සෝඩා බෝතලයක් කඩා හලවිට මිදී යන කාබන්ඩයොක්සයිඩ් වායුව මෙන් පෙළපාලි යන කිරිබත් උයාගෙන මහමග බෙදන හූදී ජනයා හට මේ බවක් සිහිපත්වන්නේ නම් නැත. උන්ගේ අස්වාභාවික සතුට තවදින දෙක තුනකින් වියකී ගිය පසු ඇස් මස් ලේ මව් බිම වෙනුවෙන් දන් දුන් විරුවන් අමතකය.

2 comments:

-බිன்ku- said...

හ්ම්ම්...
දිනෙක හෝ තේරුම් ගනිත්වා කියා පැතීම හැර මට කීමට දෙයක් නැත. රණවිරුවන් අමතක නොකල එකෙක් දෙන්නෙක් හෝ සිටිනු ඇති. ඔය පවුල් වලීන් අවුරුද් විස්සක් පුරා රට වෙනුනෙව් කල අය කොච්චරක් ඇද්ද? 1995දී 2002දී අබාධිත වූ සෙබලුන් කොච්චරක් ඇද්ද? මේ විජයග්‍රහණයේදී ඔවුන්ට එන්න බැරි වුවත් ඔවුන් වීරයෝ නොවැ?
දැන් මගේ ඒකම පැතුම අපේ මිනිස්සුගේ මොල ගෙඩි පෑදී රටට වෙනුවෙන් අවංකවම උනන්දුවෙන් වැඩ ගනීවි කියායි.

Anonymous said...

" උන්ගේ අස්වාභාවික සතුට තවදින දෙක තුනකින් වියකී ගිය පසු ඇස් මස් ලේ මව් බිම වෙනුවෙන් දන් දුන් විරුවන් අමතකය. "

එම සතුට අස්වාභාවික නැහැ.