පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, April 20, 2009

වර්තමානයේ LTTE ය ඇමරිකාවේ කෙමනක්‍ වෙලාද?

කොටි සංවිධානය යුධමය වශයෙන් අන්ත අසරන තත්වයකට පත්ව තිබේ. ඔවුන් අනියම්ව පාලනය කල ප්‍රදේශවල ජනතාවද පසුගිය වකවානුව තුල ස්වර්ග රාජ්‍යයක් බලාපොරොත්තුව අනන්ත දුක් කන්දරාවක් උසුලා ඇති බව රාජ්‍ය පාලනයට නිරාවරනය වන එම ප්‍රදේශයන් හී දුගී සමාජ ආර්ථිකය විමසන අපට පැහැදිලි වේ. ජත්‍යන්තර සංවිධාන කොටි පාලන ප්‍රදේශවල සිට සමාජ සුබ සාධනය පිනිස කල කෙන්ගෙඩියක් නොමැති බව අසරන මිනිසුන්ගේ ජීවන පරිසරය දෙස බලනවිට නිරාවරනය වේ. ඔවුන්ගේ ආර්ථිකය .දු දරුවන්ගේ අධ්‍යාපනය සුඛිත ජීවන රටාව මේ සියල්ල වර්තමානය වන විට විනාශව ගොසිනි.
යාපනයේ සිත්තන්කර්නි නම් ප්‍රදේශයේ ජීවත්වු මගේ මිත්‍රයෙකු මීට වසර විසිපහකට පමන පෙර මේ සියල්ල ලඝු කොට කී අනාවැකියක් මට සිහිපත් වේ. මම ජවිපෙ මෙන් සංවිධානයක් ලෙස කොටි සංවිධානය එකල විග්‍රහ කලෙමි.මම විශ්වාස කලේ යම් කලක දේශපාලනය තේරුම් ගැනීමෙන් පසු කොටි සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වීම සිදුවන බවයි. ඔහු “අපවත් විනාශ කර රටත් විනාශ කර මේ මිනිස්සුත් විනාශවනවා හැරෙන්නට වෙනත් දෙයක් සිදුවන්නේ නැත ” යන්න මට එදා පැහැදිලි කරන ලද්දකිද. මේ මිත්‍රයා අසනීපවු තම බිරිදට නිසි ප්‍රතිකාර කර ගැනීමට නොහැකිව තම බිරිදත් වයස අවුරුදු දහයක පමන පුත්‍රයාත් අහිමි කර ගත්තේය. උග්‍ර ලෙස කොටි ක්‍රියාකාරකම් සිදුවු අවධියක සිදුවු මෙම මරණ සදහා කොළඹ සිටි ඔහුට සහභාගීවීමට පවා නොහැකිවිය. පසු කලක ඉතිරි දරුදෙදෙනාත් සමග කෙටි කලක් වැල්ලවත්තේ පදිංවිව සිට විදේශ ගතවිය.
කොටි සංවිධානයට යහපත් දේශපාලන අරමුණු නොතිබූ බව අද වන විට පැහැදිලි වන්නකි. ඹවුන්ගේ අනියම් පාලන ප්‍රදේශ කාන්තාර බවට පත් කරගෙන ඇත. මිනිසුන් දුගියන් බවට පත් කර ඇත. අවුරුදු තිහක් තිස්සේ තම දේශපාලන අරමුන සාර්ථක කර ගැණීමට මිනී මැරීම හැර වෙනත් ව්‍යාපෟතියක් කොටි සංවිධානය කර නැත. තම අනියම් පාලන ප්‍රදේශයේ ජනතාව උදෙසා ත්‍රස්ත්‍රවාදී ක්‍රීයාකාරකම් පිණිස විනාශ කර ඇති ධනස්කන්දය යොදවා සංවර්ධනය කලා නම් කොටි සංවිධානය මේ එන විට උතුරේ නියම පාලකයන් බවට පත් වනවා නො අනුමානය.
තනියෙන් කන්න යාමේ න්‍යාය කොටි සංවිධානය පිට පටවා රජිව් ගාන්ධිගේ යුගයේ අපේ රට ඇමරිකාව දෙසට ඇදී යාම මෙල්ල කරගත් අතර , ඇමරිකාව විසින් අප ඉන්දියාව දෙසට ඇදී යාම නෝර්වේ බලල් අතක් කර ගනිමින් ඉටුකරගත්තාවත්ද ?. ජත්‍යන්තර බලපෑම් කොතෙකුත් ආවත් පසුගිය වකවානුව තුල කරුණු පැහැදිලි කර දී හෝ නෑසුනා වගේ සිට හෝ මේ තත්වසන් සමනයකට පත් කර කොටි සංවිධානය මෙල්ල කර ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකිවිය.
ඉන්දියාව අස්ථාවර කර ගැණිමේ පහසුවක් ඇමරිකාව දකින බවක් තමිල් නාඩු සාධකය හා ආදේශවන කොටි සංවිධානය පෙන්නවන බැවින් තවදුරටත් කොටි සංවිධානය ආරක්‍ෂා කර ගැණිමේ පිලිවෙතක් ඇමරිකාවට ඇතිවිය හැක. අසරනවූ මිනිසුන් තිස් හතලිස් දහසක් ප්‍රාන ඇපකරුවන් පිරිසක් ලෙස රදවා ගෙන සිටින අමානුෂික කොටි සංවිධානයට ආයුධ බිම තබා යටත් වෙන්න නොකියන ජත්‍යන්තර බලපෑම් ප්‍රජාතන්ත්‍රවාදී රජයකට සටන් විරාම යෝජනා කරන්නේ ඇමරිකාව වැනි රටවල වෙනත් අරමුණු ඇති බැවින් බව නම් පැහැදිලිය. ඔවුන් තම බල තුලනය පවත්වාගෙන යාම සදහා වත්මන් කොටි නායකත්වය විනාශවුවත් වෙනත් ආදේශකයක් ඒ සදහා අනාගතයේදී නිර්මාණය කරනු ඇත.

No comments: