පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, April 29, 2009

එජාපයට සහ ජවිපෙයට ඥාණය දෙනු මැනවි.

බස්නාහිර පලාත් සභා මැතිවරණය අවසන් විය. සුළු ජාතීන් බහුතර ඡන්දදායකයින් වන මැතිවරණ කොට්ඨාශ පහක එක්සත් ජාතික පක්ෂයට බහුතරය ලබා දෙමින් අනෙක් සියළුම මැතිවරණ කොට්ඨාශ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බහුතරය ලබාදීමට ජනතාව කටයුතු කලේය.
සිංහල බෞද්ධ ඡන්ද පදනම උතුරේ විසදුම නිවරදි බව තීන්දු කලත් සුළු ජාතික ජනතාව තවමත් දෙගිඩියාවකින් පසුවෙන්නේද ? .මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව මානුෂික මෙහෙයුම් දෙස වෛරයෙන් බලන්නේද ?. යන්න අපට සිතන්න ඉඩදී ඇති බවක් මෙම ප්‍රතිඵල දෙස බලන මට ප්‍රශ්න දෙකක් ඉතිරිවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් ඡන්දදායකයින්ගෙන් අතිවිශාල ප්‍රතිශතයක් තම කැමැත්ත පල කලේ සන්ධාණයටවත් අපේක්ෂායනටවත් නොව ජනාධිපතිවරයාටය. එතුමාගේ ජනප්‍රියතාවය නොවන්නට පුරසාරම් දොඩන්නට අනෙක් අයට කිසිවක් ඉතිරිවන්නේ නැත. ශ්‍රීලනිපය තුල නොතිබු ජවිපෙය රැගෙන ආ දේශප්‍රේමිත්වයේ ධජය මහින්දයන් අත ලෙල දෙද්දී ජවිපෙය කුණු ගොඩවල් බදා ගෙන වලපල්ලට යන්න පටන් ගෙන තිබෙන බවක් පෙනෙන්නට ඇත. ජනාධිපතිතුමා සුළුජාතීන් බහුතරයකගේ ආකර්ෂණය , විශ්වාසය දිනාගැනීමට වත්මනයේ ගන්නා යම් යම් පියවර සාර්ථක වුවහොත් රනිල් වික්‍රමසිංහයන්ට සිදුවන්නේ දවල් සිහින බලමින් නිදන්නටය.
එක්සත් ජාතික පක්ෂය ජයගත් මැතිවරණ කොට්ඨාශ පහ යම් තරමකින් දුමින්ද සිල්වා තිලංග සුමතිපාල වැනි එජාප චරිත එක්සත් ජනතා නිදහස් සන්ධානයට එම ආසනවලදී තම චන්ද ප්‍රමාණය වර්ධනයට හේතු සාධකයක් විය. කරු එජාපයට යලිත් සේන්දුවූවත් නාය යාම වලක්වා ගැණිමට නොහැකි බව ගම්පහ ප්‍රතිඵලය පෙන්වා දෙන්නේය.කෙලෙසවුවත් ජන චින්තනය දේශප්‍රේමී වින්තනය ක් තුල සිටින බවක් නිගමනය කළ හැක.ඔවුන් ආර්ථික අපහසුකම් තඹයකට නොසලකමින් රටේ ඒකීය භාවයට මුල් තැන දෙමින් කටයුතු කරන බව නම් පැහැදිලිය.
ත්‍රස්තවාදය පරාජය කල නොහැකිය යන මානසිකත්වයෙන් කටයුතු කල රනිල් දක්වා වු නායකත්වය ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කලේ මහින්දයන් ජනාධිපති කරවීමෙනි. සියළු සම්පත් එම මැතිවරණයේදී අත්පත් කරගෙන සිටි රනිල් පරදවා අමාරුවෙන් ජනාධිපතිවරණය ජයගත් මහින්දයන් වටා රොක්වන ජනතාව‍ගේ විඥාණය වැලද ගැණිමට එජාපයට නොහැකි වුවහොත් තව තවත් පල්ලම් බැසීමට සිදුවනු ඇත.
එජාපයට තවදුරටත් රනිල් නායකත්වයේ තබා ගෙන නම් ඒ ගමන යාමට නොහැකිවන අතර ජනතා විශ්වාශය ඇති නායකත්වයක ආදේශයක් වහාම එජාපයට අවශ්‍ය බව නම් පැහැදිලිය. ජවිපෙය , ජනාධිපතිවරණයෙන් පසු ඔවුන් කටයුතු කළ යුතු කෙසේද යන්න සාකච්චාවු කරුණු නැවත නැවතත් විමර්ශණය කර නිවරදි මගට ආ යුත්තේ රටට ජවිපෙයද අත්‍යවශ්‍ය දේශපාලන බලවේගයක් බැවිනි. (“ඇත්ත වෙනුවට නැත්ත “ පොතෙහි ඇතුලත් සෝමවංශ, නන්දන ගුණතිලක, විමල් වීරවංශ මත පලකිරීම් කියවන්න )

No comments: