පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, February 18, 2009

ජනතා විමුක්ති පෙරමුණ.

පුජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්වු පසු “උනුත් එකයි -මුනුත් එකයි “කියා කියන්න හැකියාව තිබු දේශපාලන පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ මම දුටුවෙමි.උන්ටත් මුන්ටත් වඩා පරමාදර්ශී දේහපාලනයක නියළුන මේ වීරයෝ අද යන ගමන් මග කිසිසේත්ම සුබදායක ගමන් මගක් නම් නොවේ.ජාතියක් වශයෙන් අපි අද ලබා ඇති ප්‍රතිලාභ බොහොමයකටත්, කොන්ද කෙලින් තබාගෙන ඒකීය රටක් ගැන කතාකරන්නවත් උරුමය සකස් කර දීමේ ගෞරවය හිමි වන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. රට පාවාදීමේ දේශද්‍රෝහී කුමන්ත්‍රණ , පිඹුරුපත් අක්‍රීය කල ජනතා විමුක්ති පෙරමුණ අයවැය පරද්දා මේ රජය අක්‍රීය කරන්න උත්සහා ගත්තේ ඇයිද යන්න මට පිළිතුරු නැති ප්‍රශ්නයකි.
ජනාධිපතිවරණයේදී සියළු ජයග්‍රහණ සාධක රනිල් දෙසට යොමුව තිබියදී මහින්ද ජයග්‍රහණය කරවීමට ජනතාව පෙල ගැස්වු ජනතා විමුක්ති පෙරමුණ රට මුදවාගැණිමේ මගට යොමු වන විට මහින්ද දඩුකදේ ගැසීමේ ස්ථාවරයකට මාරුවිය.එයින් අස්ථාවර තත්වයකට පත්වු ආණ්ඩුව කප්පන් ගෙවමින් එජාපයේ පිරිසක් රජයව එක්කර ගැණිමටත් විමල් වීරවංශ පිරිස ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වීමත් සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණ පසුකාලය වන විට එජාපයේ න්‍යාපත්‍රයකට කටයුතු කරනබවක් විද්‍යාමාන කල බවක් හැගෙන්නට විය.
විවිධ කන්ඩායම් රජයට එක්ව රජය ශක්තිමත් වුවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සමග කටයුතු කලානම් මෙතරම් විශාල ඇමතිවරු සංඛ්‍යාවක් අපට පාර්ලිමේන්තුව තුල හමුනොවන්ට බෝහෝ විට ඉඩ නිර්මාණය වන්නට තිබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මතවාදයන් සමග ශ්‍රීලනිප මතවාදයන් පෑහෙන්නේ නැතිවුවත් කවුරුත් එක්ව කපා ගත් මාර්ගයේ යාමට ‍ පෙලගැසීම ජනතාවට සාධාරනවුවකි. ජනතා විමුක්ති පෙරමුණට එය කල නොහැකි විය. ඔවුන් ස්වභාවයෙන්ම දැඩි මතධාරීන් වීම සහ සාධාරණව එකගවීමට මැලිකමක් දක්වන බවක් මම දකිනා දුර්වල කමක් ලෙස සදහන් කල යුතුය.
උදාහරණයක් ලෙස ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්න යෝජනා කිරීම ප්‍රායෝගිකව සලකා බලමු. මෙලෙස කියන න්‍යායචාරීන් තමන්ගේ නිවස ඉදිකරන්න නිවාස ණය රැගෙන ඇත. ගමන් බිමන් යන්න රැගෙන තියෙන යතුරු පැදිය කුඩා මෝටර් රථයේ සිට ඩබල් කැබ් රථයට දක්වා ලීසිං පහසුකම් ලබා ගෙන ඇත.ඉතින් රටක් ගොඩ නගන්න ලෝක බැංකුවේ ප්ලග් එක ගලවා පුළුවන්ද ?.( මේ ඇත්තන්ගෙන් සමහරෙක් දැන්නම් ප්ලග් එක ගලවා බැරි බව තේරුම් අරගෙන ඇත )
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රායෝගික දේශපාලනයට කවදා එයිද ?.එදාට යලිත් ජය නියතය.

10 comments:

amal ishantha said...

ඉක්මනට නෙවෙයි, හැබැයි ජනතාවට ඕන වෙලාවට එයි.

Anonymous said...

ජනතා විමුක්ති පෙරමුණ ගැන එක්තරා මධ්‍යස්ථභාවයක පිහිටා ලියපු ලිපියක්. ඒක තමා අවශ්‍ය ය. ඕකුන් 89 මිනී මැරුවා ඒ නිසා උන් පස්සේ කරපු සියලු හොඳ දේවලුත් නරක් වෙලා පේනවා සමහරක් ට. ඇත්තට ම 1994 සිට ඔවුන් ලාංකේය දේශපාලයේ යම් ආදර්ශවත් ගමනක් ගියා. 2005 සිට ආපසු ගමන. මේ තත්ත්වය ගැන මමත් ලීවා. (http://sanhindha.blogspot.com/2009/01/blog-post_20.html) පක්ෂය නිවැරදි කරගන්න යම් සමාජමය කතිකාවක් ඇති වෙනවා නම් හොඳයි නේද?

Ramachandra said...

ලංකාවේ- යටත් පිරිසෙන් දකුනේ- පීඩිත සමාජ ස්ථරයන්ගේ අභිලාෂයන් නියෝජනය කරන/කරන ලද දේශපාලන ව්‍යාපාරය වූයේ ජවිපෙ.ඔවුන් සමග කුමන පරස්පරතා කාට පැවතියත් මෙය වූ කලී පිලිගත යුතු කරුනක්.ජවිපෙ දේශපාලන සිතියමෙන් ඈත් වන තරමට සමාජයේ පීඩ්ත ස්ථරයන්ගේ ස්වරය දේශපාලන අවකාශයෙන් පිටමං වෙනු ලබනවා.ජවිපෙ පරාජය වීම හුදු ජවිපෙහි පුද්ගලික පරාජයකට වඩා සමාජමය පරාජයක් ලෙසයි මා අදහස් කරන්නේ.එය ඉදිරියේදී වඩාත් හොදින් අත්දැකීමෙන්ම සමාජයට පසක් කරගැනීම‍ට අවස්ථාව ලැබේවි

Anonymous said...

විමල්ව ඉවත් කිරිමෙ ප්‍රතිපලය තමයි

Narada said...

නාමල්ගේ අදහසට මම එකඟ මෙන්ම එකඟ නො වෙන කරුණක් ඇත. මට කිව හැක්කේ ලාකේය දේශපාලනයේ ජනතා විමුක්ක්ති පෙරමුණේත් කථාවට මිස ක්‍රියාව නොමැති බවයි.

Anonymous said...

අපේ රටේ සාම්ප්‍රදායක් තමා ඕනේ ජඩ වැඩක් මිනීමැරුමක් වනචර කමක් කරලා 'සිංහල බෞද්ධ' ලේබලය අලවා ගත්තායින් පසුව උන්ගේ මඩ හෝදන්න උන්ට කඩේ යන්න යම් කාලකණ්ණින් පිරිසක් සැදී පැහැදී සිටීම. මෙතැනදී ජවිපෙ සම්බන්ධව සිදුවන්නේද එයමයි.

නාමල් උඩලමත්ත said...

අයියෝ ඔයා සාගර වුණාට දිය බිංදුවක් තරමට හිතන්න බෑනේ. මේක බෞද්ධ සමාජයක්. අපි යන්නේ බුදු මඟ. අංගුලිමාල කියන මිනිමරුවට අපේ බුදු රදුන් සමාව දුන්නා. උතුම් පැවිද්ද ලබාදුන්නා. 'මහණෙනි, අංගුලිමාල නම් මිනිමරුවෙකි. ඕකා තව මොහොතකින් උගේ අම්මත් මරනවා.' කියලා නෙමෙයි පින්වත බුදු රදුන් දෙසුවේ.අන්තිමට අංගුලිමාන නම් මිනිමරුවා අංගුලිමාල මහ රහතන් වහන්සේ වුණා. අදත් අංගුලිමාල පිරිත මහ බලගතු පිරිතක් ලෙස භාවිත කෙරෙනවා. ඒක තමා මේ රටේ මිනිසුන්ගේ විඥානය.

ජවිපෙට විතරක් නෙමෙයි, කරුණා පිල්ලයොන් ආදීන්ටත් අපි ඒ විදිහට ම සලකනවා. ඕන ම මිනිහෙකුට නිවැරදි වෙන්න අවස්ථාවක් දිය යුතුයි. ඒත් අවස්ථා 9ක් දීලත් නිවැරදි නොවුණු එකාට අපේ රණ විරුවෝ දැන් අන්තිම පාඩමේ අන්තිම ඡේදය උගන්වනවා.

Anonymous said...

අංගුලිමාලලා, මර්වින් සිල්වලා, දුමින්ද සිල්වලා, සුසන්ත පුංචිනිලමෙලා දෙමළ නොවිච්චි එක කොච්චර හොඳද? දෙමළ උනා නම් මුන් ඔක්කොම ත්‍රස්තවාදියොනේ.

නාමල් උඩලමත්ත said...

අනේ නෑ. ඔයා සාගර වුණාට හැමදේම අඤ්ඤකොරොස් වෙලානේ පේන්නේ. මම ඔය කිසිම සිල්වා කෙනෙකුට නිලමේ කෙනෙකුට පෞද්ගලිකව කැමති නැහැ. ඔය කියුපු හැම එකාම unpයෙන් දේශපාලන මුල්පොත කියවපු අය. මුල ම වැරදිලානේ.

ඇයි උඩින් පැනලා ගොහින් කතා කරන්නේ. පිල්ලයොන්ලා කරුණාලා ගැන මම කීවා.
"ජවිපෙට විතරක් නෙමෙයි, කරුණා පිල්ලයොන් ආදීන්ටත් අපි ඒ විදිහට ම සලකනවා. ඕන ම මිනිහෙකුට නිවැරදි වෙන්න අවස්ථාවක් දිය යුතුයි."

ඒ අය හටපු බෝධිසත්වයෝ නෙමෙයි. ඒ වගේ ම සිංහලත් නෙමෙයි. දැන් ත්‍රස්තවාදීනුත් නෙමෙයි. තේරුණා ද උක්කු පැටියට?

sameera madusanka said...

කොහොම උනත් jvp කියන්නේ නියම පක්ෂයක් හේතුව තමයි කැපකීරීම්