පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, January 09, 2009

සිරසයි ලසන්තයි.

සිරසට ප්‍රහාරයක් එල්ල වූ විට ආණ්ඩුවවට ඇගිල්ල දික්විය. දවස පුරාම ආණ්ඩුවවට එරෙහිව මාධ්‍ය ලොක්කන්ගේ ප්‍රකාශ , තව තවත් අයගේ ප්‍රකාශ ඒක පාර්ශවිකව සිරස සියළු වැඩ සටහන් නතර කර විකාශනය කලේය. මාස ගානකට සුව නොවේයැයි සිතන තරමින් වේදනාවෙන් අදෝනා නැගු සිරස පසුදා වන විට සුවපත්ව යථා තත්වයට පත්වී ක්‍රියාත්මක විය. මේ අතර සීමිත කාලය උද්ඝෝෂණ විරෝධතා සංවිධානය වී ජාත්‍යන්තර මාධ්‍ය ජාලා ඔස්සේ ජාත්‍යතන්තරයද ගිණි තැබුනේය.
සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංගයන් ඊයේ ( ජනවාරි 08 ) ඝාතනය විය. ආණ්ඩුවට සිදුවූයේ සිරසට එල්ලවු ප්‍රහාරයේ දී විදින්නට වු කටුක අත්දැකීමට යලිත් මුහුණ දෙන්නටය.
සිදුව ඇත්තේ ගමේ යම් මැර කටයුත්ත සිදුවු විගසම අපි වගකීමකින් තොරව පුර්ව නිගමනයකට පැමින “ ඕක කලේ හරමානිස්- ඌ චන්ඩියානේ” යැයි ගමේ චන්ඩියාගේ ගිනුමට බැර කරන මැර කටයුත්ත ‘බී’ වාර්තාවක් මත හරමානිස් අධිකරනයට ඉදිරිපත්කර මාස ගානක් රක්ෂිත බන්ධනාගාරයේද තැප ගෙදර එනවිට වැඩේ කලේ ජුවානිස් බව හදුනාගන පශ්චාත්තාප වන පරිද්දෙන් වගකීමකින් තොරව සියළු නොකටයුතු ක්‍ෂණිකව ආණ්ඩුවට බැර කර ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමය . හරමානිස්ට සිදුවන්නේ නොකල වරදකට හිරේ තැපීමටය. ආණ්ඩුවට වන්නේ නොකල වරදකට ජාත්‍යන්තරය හමුවේ බාල්දු වන්නටය.තත්වය භයානකවන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුවවයි -ජාතිය යි හදුන්වන්නේ දෙකක් නොව එකක් නිසා ආණ්ඩුවයි ජාතියයි මේ දුක ඉවසා ගත යුතුවීමය. ජාත්‍යන්තරය තුල බාල්දු කර නසන්නට හදන්නේ ආණ්ඩුවයි රටයි දෙකම බව මේ හාදයෝ කවදා තේරුම් ගනීද ?.
‘ධාර්මිෂ්ඨ සමාජයක්’ තුල පිලිසිද ‘නැති බැරි අය ඇති හැකි අය කල’ සමාජයේ උත්පත්තිය ලද භීෂණය හා ඝාතනය වරින් වර විවිධාකාරයෙන් තවමත් හොල්මන් කරන බව අපට දක්නට ලැබෙන්නකි. මේ ක්‍රියාවිධි වඩාත්ම ලාබදායි ලෙස පාවිච්චි කරනු ලබන්නේ කුමන පාර්ශවයන් විසින්ද යන්න නිශ්චිත කිරීම එක් අතකින් වැදගත් කටයුත්තකි. වත්මන් ආණ්ඩුව වුවද ක්‍රම ශිල්ප ක්‍රියාත්මක කරනු ඇතිවුවත් මේ අවස්ථාවේ ජාත්‍යන්තරය හමුවේ අශූචි බාල්දියක් ඔළුවේ වක්කර ගන්න තරම් පිස්සුවක් ආණ්ඩුවට ඇතිවිය නොහැක.
ලසන්ත වික්‍රමතුංගයන්ගේ මාධ්‍යයේ භාවිතය ආකර්‍මනශීලී පිලිවෙතකවු බැවින් විවිධ විරුද්ධවාදීන් ඇතිවී සිටියා විය හැක. ඔහුට වෙනත් විරුද්ධවාදීන්ද සිටියා විය යුතුය. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දාගන්නට අවස්ථාවක් නිර්මානය කර ගත්තාවත්ද ?.
ආණ්ඩුව., ජාතිය මේ මර උගුලෙන් ගැලවන්න අපරාධකරුවන් නොපමාව නීතියේ රැහැනට අසු කර ගත යුතුය.

3 comments:

budhajeewa said...

සහතික ඇත්ත.

සිරස ට, ලසන්තලා ට ඉහළින් ක්‍රියාත්මක වන ඔවුන් පාලනය කළ බලවේගයක්, එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දැමීමේ න්‍යායය යොදා ගෙන, ආණ්ඩුව අපහසු තාවය ට ද ගක් කිරීමේ අරමුණින් මේවා කළ බවයි මගෙත් හැඟීම.

---

කවුරු හරි කියවල තියනවද "ආර්ථික ඝාතකයෙකු‍ ගේ පාපොච්ඡාරණය" කියල පොතක් ? එහි මුල් ලිපි ටිකක් පසුගිය කාලයේ "ඉරිදා ලංකාදීප" යේ පළ වුනා. ඒක කියෙවුවා නම්, ලංකාවේ දැන් මේ රඟ දක්වන නාට්‍යය ට හොඳ පැහැදිළි කිරීමක් අපිට ලබා ගත හැකි වනු ඇති.

Anonymous said...

වහෙන් ඔරෝ නැතුව කියමුකෝ බලන්ඩ මහ දවල් දෙනෝ දාහක් මැද්දේ හමුද මුර පොළවල් ගානකින් බේරිලා මොටර් සයිකල් හතරකින් ඇවිත් සංකීර්ණ හඬ පිට නොවන අවි ආයුද වලින් කිසිම බයක් සැකක් නැතුව ලසන්ත වික්‍රමතුංග එලොව යැව්වේ කවුද කියලා. කොටි වෙන්ඩැ සමහරවිට.

අනික් අතට ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවම නෙවේනේ. ඕක ඇතුලෙත් බෙදීම් තියෙනවනේ. ආණ්ඩුවේ හැමෝම ඊලඟ චන්දෙට යන්නෙත් නෑනේ.

ලොක්කට මේ අසීරු අවස්තාවේ පොඩි සප් එකක් දීම යහපත්. ඒ වුනාට මෝඩ විදියටම කඩේ යන්න ඕනේද?

Anonymous said...

මහත්තයෝ, මේ සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර වෙන්නේ ජනාධිපතිතුමා සාටකයෙන් කට බැඳගෙන, සරම කැහපට ගහගෙන මෝටර් සයිකලයක පිටුපස වාඩිවී ගොස් ලසන්තට වෙඩි තිබ්බාය යන පටු අර්ථයෙන් නොවේ. ලසන්ත ජනාධිපතිතුමාගේ හොඳම මිතුරකු බවත් ඔහු මෙවැන්නක් කෙරෙව්වාය කියා කිසිසේත් හිතන්නට බැරි බවත් කියන්නේ වික්ටර් අයිවන්ය. එය 100% ඇත්තකැයි මම සිතමි.

කවුරු කළත් ලසන්ත ඝාතනය වන්නේ මහින්ද විසින් තම පැවත්ම උදෙසා නිර්මාණය කරණ ලද යුද උන්මාදය තුළය. ඔහු මරා දැමීමට තවත් බොහෝ දෙනාට උවමනාව තිබුනත් එය නොකළ හැකි වුයේ එබඳු අවදානමක් ගන්නට තරම් පරිසරයක් නොවූ බැවිනි. අද මේ යුදෝන්මාදී පරිසරය තූළ එක්තරා පිරිසක් කරන ඕනෑම ක්‍රියාවක් ප්‍රශ්න නොකොට පිළිගන්නට සමාජයට බල කරයි. අගවිනිසුරුතුමාට පවා එවන් සමාජ ආරක්ෂාවක් නැත. ආණ්ඩුවත් මහින්දත් වගකිව යුතු වන්නේ එබඳු පරිසරයක් නිර්මාණය කිරීම ගැනය. (කිසිම සාක්කියක් නැතිව පූර්ව නිගමන වලට බැස ආණ්ඩුවට සුදුහුනු ගාන බ්ලොග් ලියවෙන්නේද එබඳු පරිසරයකය )

මේ වගකීමෙන් ආණ්ඩුවට මිදිය හැකි එකම මාර්ගය සිද්ධියට වග කිවයුත්තන් සොයා අධිකරණයට ඉදිරිපත් කිරීමය. එය සිදුවනතුරු මේ සියල්ල ආණ්ඩුවේ ගිණුමට ඉබේ බැරවෙයි.

මේ නිසා අපවාදයෙන් බේරීමේ යතුර ඇත්තේ ආණ්ඩුව අතය. අනුන්ට දොස් නඟා පලක් නැත. පදනමක් නැතිව කියන කුමන්ත්‍රණ ගොන් කතා වලට සිනා විය යුත්තේ කටින් නොවේ.