පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, September 28, 2008

සක්විති සුවය

සක්විති රණසිංහ නම්වූ චෞරයා විශාල මූලH වංචාවක් කර රටින්ද බැහැරට ගොස් ඇත. මේ සා විශාල මුදලක් දේශීය නීතී රීති යටතේ බැහැර නොකළ හැකි බැවින් නැති නාස්ති නොකළ ඉතිරියක් මෙරට‍ අප්‍රකාශිතව තිබිය යුතුය.
සක්විත්තා ඇතුළු කප්පිත්තෝ සති අන්ත ප්‍රවෟත්ති පත්‍රවල මාගල් ප්‍රමාණයේ දැන්වීම් පල කරනවිට අවධානය යොමු නොකර ශ්‍රි ලංකා මහ බැංකුව නිදි වැද්දාද ? . වැඩි පොලී අනුපාත ගෙවමින් තැන්පතු අර්ථය දෙන වෙනත් වචන යොදමින් මුදල් තැන්පත් කරවා ගැණීමට පල කරන දැන්වීමක් කෙරෙහි අවධානය යොමු කරවා ගැණීමට මහජන පැමිණිලි නොතිබුනායි කීම නිදහසට කරුණක් නම් නොවේ.මෙවැනි මහ පරිමාණ ජාවාරම් කරුවෝ මෙන්ම ආභාෂය ලත් තවත් ජාවාරම් කරුවෝ ප්‍රාදේශීය වශයෙන්ද සිටිති.
සමහරු සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ණය දෙන සමූපාකාර ලෙස ලියා පදිංචිවී නීත්‍යානූකූල සළු පොරවා ගනී. නිසි ඇගයීමක් නොමැතිව මේවා ලියා පදිංවි කරගන්නා බැවින් ජනතාව මුලාවේ.උදාහරණයක් ලෙස 2007 වසරේ මෙවැනි මූල්‍ය වංචාවක් බණ්ඩාරවෙල ගුරුවරයෙකු විසින් ආශ්‍රීත නගර කිහිපයක පවත්වාගෙන ගොස් හෙලිදරව් විනි.තවමත් මෙවැනි ආයතන ඉතාමත් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යනු ලැබේ.
ව්‍යාපාර නාම ලියා පදිංචි කිරීමේ පනත යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වයාපාරයක් ලෙස ලියා පදිංචිවි මූල්‍ය පහසුකම් සපයන ආයතනද තිබේ. මේවා එක් දින පොළි අයකරගන්නා පදනම මත මුදල් පොලියට දෙති. ඔවුන්ද ආයෝජන තැන්පතු වශයෙන් ලබා ගනී. සමහරවිට ව්‍යාපාර නාම ලේඛන ලියාපදිංචි කිරීමේදි ව්‍යාපාර ස්වභාවය යටතේ දක්වා ඇත්තේ ‘‘මූල්‍ය උපදේශණ සැපයීම සහ ආධාර කිරීම’’ වැනි පාඨයක් විය හැක. මේවාද බැංකු ස්වරූපයෙන් කටයුතු කරයි.
1948 ට ඔබින නීති 2008 නොගැලපෙන බැවින් නීති පද්ධතියද වෙනස් විය යුතු අතර අපද පනින්නට පෙර සිතා බැලිය යුතුය.

1 comment:

Kasun said...

සක්විති රණසිංහගේ මේ ව්‍යාපාරය ගැන මීට මාස කිහිපයකට ඉහත පුවත්පතක විවේචනයක් පලව තිබුනා. (මත මතක හැටියට රාවය යෙහි). ඒත් ඊට පසුව හෝ මීට වගකිවයුතු අයගේ අවධානය යොමුවුනේ නැහැ. දැන් වෙන්න ඕන ඔක්කොම වුනාට පස්සේ මහ බැංකුව පුවත්පත් නිවේදන නිකුත් කරනවා. මේ වගේ ව්‍යාපාරයන්ට අහු නොවන ලෙස. මේක මහ විහිළුවක්. ඔවුන් මෙවැනි ව්‍යාපාරයක් ඇති බව නොදැන සිටියා වෙන්න බැහැනේ. මතක විදියට අර කියපු පුවත්පත් ලිපියේදීත් ලියුම්කරු විසින් මේ ගැන වගකිය යුත්තන්ගෙන් විමසලා තිබුනා. ඒත් ඔවුන් ඊට අවශය පියවර ගත්තේ නැහැ.