Wednesday, September 17, 2008

කදුළක්

කදුළක්
දවස පටන් ගත්තේ නෙතට කදුළක් ඇති කළ දුරකතන ආරංචියකින්. උදේ හතට පමන තේ එකක් බොමින් සිටියදීම ක්ලාන්තගතියයි කියු ‘දැත්තා ‘රෝහලට වත් ගෙන යාමට ඉඩ නොතබා ඊ ලග මොහොතේ මියගොස් . ආරංචිය මට කිවේ ලෑල්ලා විසිනි.
මම වායු අවපාතයකට වැටනු යානාවක් මෙන් අසුනකට කඩා වැටිණි.
අපිට පාසල් සමයේ ගජ මිතුරු කන්ඩායම් සිටියෝය. පාසලත් මගේ නිවසත් අතර දුර කි.මි 140 ක් පමනවු බැවින් මම නේවාසිකයෙක්විමි. නාගරිකයන් අතර මම ගමයෙකුවුවද සියළු කන්ඩායම් අතර අන්තර් සම්බන්ධසතා පවත්වා ගෙන යාමට සුප්‍රසිද්ධ නමක් - හිමිව තිබු මගේ ගම මට උපකාරීවිය. මගේ ගමට පෙම් බැන්දෝ මටද පෙම් කළහ. පසුගිය දශක තුන හතර තුළ අප සියළු දෙනාටම පොදුවූ ජීවිතයේ අභියෝග අතර ඇතිවූ හැලහැප්පලි මැද දුරින්ම සිටි ගමයා ටිකින් ටික අමතකවිය. ජිවන මාර්ගය සදහාද රැකියාවක් කළයුතුයැයි චින්තනයක් නොතිබූ ගමයා ගත් මග සරළ නොවීය.මිත්‍රයෝ නගරයේද ලෝකයේ විවිධ රටවල විසිර යද්දී ගමයා ගමේම පැල විය.
එක් එක් අයට වෙන් වෙන්ව අන්වර්ථ නම් පට බැදී තිබූ අතර දැත්තා ගේ දත් ‍කිහිපයක් ඉදිරියට නෙරා තිබූ බැවින් ඔහු දැත්තා නම් විය.නාගරිකයෙකු නොවු මම ගමයා විය.
දැත්තා ගුවන් හමුදාවේ සේවයට බැදී කාර්මිකයෙකු ලෙසත් පසුකාලයක සිවිල් ගුවන් සේවාවලත් සේවය කර අරාබි කරයේ ගුවන් සේවාවක රැකියාවක් ලැබ විදේශ ගතවී ඇත.දශක දෙකකට පමන කාලය ඉකුත්වූ එක් දිනක පෙර පුරුදු නමින් අමතන්නෙක් කෑ ගසමින් ගමයාගේ නිවස ඉදිරිපිට ගමයා සොයමින් සිටියේය. ආ ගිය කතා මැද දැත්තා විවාහ වූයේ ලගදී බවත් විදේශ රැකියාවෙන් උපයා ගත් මුදල් අවසන්වූ බවත් පැවසුවේ ‘මචං මම ඔළුව සෞදියේ තියලා ආවනේ ‘ යන සැහැල්ලුවෙනි. ඉන් ටික කලකට පසු දැත්තා නැවත විදේශ ගතවිය.
ඒ හමුවීමත් නැවත ලංකාවට පැමිනිමත් අතර ඔහුගේ ඉතුරුම් සහ බිරිදගේද සහයෙන් නගරයේ තමන්ගේම තෙමහල් ගොඩනැගිල්ලකුත් සාර්ථක ව්‍යාපාරකත් හිමි කරුවෙක් බවට පත්ව සිටියේය. ඔහු ලංකාවට පැමිනිමත් සමග දවසක මට දුරකතනයෙන් කතාකර කීවේ ‘මචං ගෑණී ඔළුව සෞදියන් ගෙන්නා ගත්තා.’ යනුවෙනි.
කාලය ගෙවී යද්දි දැත්තා නගරයේ සිටි ආදීන් හා නිතර නිතර මිත්‍ර සමාගම් පිලියම් කර ගනිද්දී දුරකතනයෙන් ගමයා මුණගස්වා දීම විනෝදාස්වාදයක් කරගත්තේය. කාලයත් සමග පසුගිය දශක තුන හතර දුරස්ව සිටි ගමයා ට ආදීන්ද, ආදීන්ට ගමයාද දැත්තා විසින් සමිප කරවීය. වසරකට වරක්වත් මේ ගෙම්බෝ ලාහකට එකතු කරන්න දැත්තාට බලවත් උවමනාවක් විය. ඔහු එයද මහත් ආයාසයෙන් ඉටු කලේ පාඩු ලබා ගනිමින් කාලය වියදම් කරමිනි.අවන්හලක හෝ ඉඩකඩ ඇති නිවසක අල්ලාප සල්ලාපයෙන් ආහාර පානයෙන් පැරණි පංති කාමරය මැවීමෙන් දැත්තා අපට අපූරු දවසක් නිර්මාණය කර සතුටු විය.
එහෙව් දැත්තා අපට අහිමි විය.

2 comments:

සු෴ said...

මේක හරිම හැඟුම් බරයි..ඒත් ලියා තිබෙන ශෛලිය නිසා හැඟීම්වලට වහල් නොවී අවබෝධය පිහිටුවනවා.. සංවේගයක් ඇති කරනවා.. දැත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු..අනෙක් කවුරුත් අකල් සමුගැනීම්වලට හේතු වන කාරණාවලින් ඈත් ව සිටින්නට උනන්දු වෙනවා නම් කොයි තරම් හොඳද ? ඒ මට හිතෙන හැටි.. මේ කාලයේ‍ බොහෝ අය ජීවිතයේ මැදදී එය හැර යන්නේ තමන්ගේ ඇවතුම් පැවතුම් හා නොසැලකිල්ල නිසයි. දැත්තා ගැන නොදන්නවා වුණත් අපට ගොඩක් දේවල් හිතන්න පොළඹවනවා මෙහෙම සිදුවීම්

Anjana Jayaweera said...

මේකේ කොහේවත් දත්තා මියගියේ කෙසේදැයි සඳහනක් නොමැත.

ඒ සිතුවිල්ලට මම කැමතියි.

සූ කිව්වාක් මෙන් අවබෝධය පිහිටුවනවා....